අනුරට එරෙහිව බොදු බලයේ නැගීසිටීම
ඊයේ (07) ගලගොඩ අත්තේ ඤාණසාර හාමුදුරුවෝ සිරගත කිරීමෙන් පස්සේ දෙවෙනි දවසටත් අධිකරණයට ඉදිරිපත් කළා. ඊයෙත් උන් වසන්සේ ඇඳගෙන හිටියේ සිරකරු ඇඳුම.ඒ කියන්නේ උන් වහන්සේ උපැවිදි කරලා.උන් වහන්සේ උපැවිදි කරලා තියෙන්නේ උන් වහන්සේගේ කැමැත්තෙන් නෙවෙයි,උන් වහන්සේ අයත්වෙන නිකායේ මහ සංඝ සභාවේ කැමැත්තෙනුත් නෙවෙයි.
ඥානසාර හාමුදුරුවෝ බන්ධනාගාර ගත කරලා ඉන්න නිසා උන් වහන්සේ උපැවිදි කිරීමේ චෝදනාව ඊළඟට එල්ල වෙන්නේ බන්ධනාගාර කොමසාරිස්ට.බන්ධනාගාර කොමසාරිස් කීයටවත් ඒ තීරණය තනියම ගන්නේ නෑ.මොකද උපසම්පදා භික්ෂුවක් නිශ්චිත කාලයක් සිවුර දරාගෙන නොසිටීමෙන් උන් වහන්සේ උපැවිදි තත්වයට පත්වෙනවා.
හැබැයි ඥානසාර හාමුදුරුවෝ ස්ව කැමැත්තෙන් සිවුර අතෑරලා නෑ.ඒ වගේම සිවුරෙන් ඉවත් කරන්න තරම් පාරාජිකා වරදක් උන් වහන්සේ කරලා නෑ.මේ වගේ අවස්ථාවකදී බන්ධනාගාර කොමසාරිස්වරයාට කරන්න ඕනි ඇමතිවරයා අමතන එකයි. ඇමතිවරයා අදාලව නිකායේ මහ නායක හාමුදුරුවෝ එක්ක කතා කරලා තමයි තීරණයකට එන්න ඕනි.
ඥානසාර හාමුදුරුවෝ බලහත්කාරයෙන් උපැවිදි කරන්න බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් හෝ අණ දුන්නේ කවුද?එක පැත්තකින් ඒක රටේ නීතිය උල්ලංඝනය කිරීමක්.අනික ශාසනික වශයෙන් කරපු ලොකු අපරාධයක්.ඒක නිසා මේ ආණ්ඩුවට මේ වගකීමෙන් මිදෙන්න බෑ.මීට කලින් සිරදඩුවම් ලබපු ඥානසාර හාමුදුරුවෝ අධිකරණයේ දිගටම පෙනී සිටියේ සිවුර දරාගෙන.
ස්ව කැමැත්තෙන් තොරව සිරදඩුවම් ලබන හෝ රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න කිසිම භික්ෂුවක් ගිහි ඇඳුමෙන් අධිකරණයේ පෙනී සිටලා නෑ.මීට පෙර ආණ්ඩුවලදී එහෙම නොවෙන්නත් මාලිමා ආණ්ඩුව යටතේ එහෙම වෙන්නත් හේතුවක් තියෙන්න ඕනි.ඥානසාර හාමුදුරුවන්ට බරපතල වැඩ ඇතිව අවුරුදු හයක සිරදඩුවමක් දීලා තියෙන්නේ.
උන් වහන්සේගෙන් පෞද්ගලික පලිගන්නවා නම් බන්ධනාගාර ජීවිතය ඇතුලේ සීමාව ඉක්මවා පීඩාවට පත්කරන්න පුළුවන්. සමහරවිට එහෙම කරන්නත් අණ ලැබෙන්න බැරි නෑ.හැබැයි ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවලා බලෙන් උපැවිදි කරනවා කියන්නේ ඥානසාර හාමුදුරුවෝ විතරක් ඉලක්ක කරපු පලිගැනීමක් නෙවෙයි.
ඒක එතනින් එහාට ගියා පලිගැනීමක්.ඒක දේශපාලනිකව, ආගමිකව,සමාජීයව හා සංස්කෘතියකව කරපු පලිගැනීමක්. එහෙම පලිගැනීමක් කරන්න බන්ධනාගාර නිලධාරියෙකුට ඇත්තටම අවශ්‍ය නෑ.එහෙම නං මේ පලිගැනීම පිටිපස්සේ දේශපාලනයක් තියනවා.
ඒ දේශපාලනය අන්තවාදී වගේම ඒ දේශපාලනය පිටිපස්සේ ත්‍රස්තවාදය සහ තවත් අන්තවාදයන් ගොඩක් තියනවා.ඒක නිසා මේක සමස්ථ සිංහල බෞද්ධ සමාජයම ඉල්ලක්ක කරලා එල්ල කරපු ප්‍රහාරයක්.අපේ භික්ෂු සමාජයේ කිසිම නිකායක්,කිසිම භික්ෂුන් වහන්සේ නමක් ඥානසාර හාමුදුරුවන්ට අධිකරණයලෙන් දීලා තියන දඬුවම විවේචනය කරන්නේ නෑ.
ඒ කියන්නේ බුදුන් වහන්සේ කිව්ව විදිහටම බුද්ධ පුත්‍රයෝ රාජ්‍ය නීතියට යටත්ව කටයුතු කරනවා.හැබැයි අපේ බුද්ධ සාසනයේ ඉන්න රාජකීය පණ්ඩිත ස්වාමින් වහන්සේ නමක් ආණ්ඩුවේ උවමනාවට බලෙන් උපැවිදි කරලා.මෙහෙම ගියොත් ඊළඟට උපැවිදි කරන්නේ මහ නායක හාමුදුරුවෝ වෙන්න පුළුවන්.
මොකද ජෙප්පෝ හදන්නේ නීතිය ගමට ගේන්න.කැලෑ නීතිය ගේනකොට ජෙප්පන්ට ඉස්සෙල්ලාම හැපෙන්න වෙන්නේ පන්සලත් එක්ක.ඉතිහාසයෙත් එහෙමයි,අදත් එහෙමයි, ප්රභාකරන් ගම්මාන පිටින් කඩුගාන්න ඉස්සෙල්ලා කොටි ගැහුවේ ජය ශ්‍රී මහ බෝධියට,දළදා මාලිගාවට,ඊළඟට කපලා කොටලා මැරුවේ දිඹූලාගල අපේ හාමුදුරුවෝ,
ඊළඟට අරන්තලාවේ භික්ෂු ඝාතනය,කොටි ත්රස්තවාදයට ලොකුම ප්රශ්නය තියෙන්නේ පන්සලත් එක්ක.අදත් උතුරු නැගෙනහිර පලාත්වල තියන අපේ සිද්ධස්ථානවලට,බෞද්ධ පුරාවස්තුවලට කරන විනාශය අමුතුවෙන් කියන්න ඕනි නෑ.කොටි ත්රස්තවාදයට වගේම තමයි මුස්ලිම් අන්තවාදයටත්,ක්‍රිස්තියානි අන්තවාදයටත් ලොකුම ප්‍රශ්නයවෙලා තියෙන්නෙ පන්සල.
පන්සල කියන්නේ පන්සලේ ගොඩනැගිලි නෙවෙයි.පන්සලේ වැඩ ඉන්න ශක්තිමත් භික්ෂු චරිත එක්ක.ඒ වගේම තමයි ජේවීපී අන්තවාදීන්ටත් ප්රශ්නය තියෙන්නේ පන්සලත් එක.අඩුම ගානේ ඔය මහ ජෙප්පෝ ගොඩක් ජීවිතය බේරගත්තේ පන්සල් ඇතුලේ හැංගිලා.සම හරක් ජෙප්පෝ සිවුර පවා දාගත්තා.පන්සලේ හැංගිලා ජීවිත බේරගත්ත,පන්සලේ දානයට ටිකෙන් බඩ පුරවගත්ත ජෙප්පෝ අද පන්න පන්න ගහන්නේ බෞද්ධ භික්ෂුවට සහ පන්සලට.
ඇත්තටම සංකේතාත්මකව ඥානසාර හාමුදුවන්ගේ සිවුර ගලවලා මේ කරලා තියෙන්නේ බුද්ධාගමට,සිංහල බෞද්ධ සමාජයට බරපතල අනතුරු ඇඟවීමක්.මේක බුදුන්ගේ ඇඟේ ලේ සෙලෙව්වා වගේම ආනන්තරිය පාප කර්මයක්.සිංහල බෞද්ධයෙක් විදිහට රටේ රාළ හිතන්නේ එහෙමයි.
බන්ධනාගාර ගත කිරීමෙන් පස්සේ උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරද්දි උපැවිදි කළේ කවුද?බන්ධනාගාර කොමසාරිස්ට ආගමික නොසන්සුන්තාවයක් අවුලවන තීරණයක් ගන්න අණ කළේ කවුද?ඒ වගේම ශාසනික වශයෙන් මේ වැරදි පූර්වාදර්ශය දුන්නේ කවුද?මේ ප්‍රශ්න තුනට තියෙන්නේ එකම උත්තරය වෙන්න පුළුවන්.හැබැයි මේ ප්රශ්නය ඉස්සරහා තවදුරටත් නිහඩව ඉන්න අපේ මහා නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයට බෑ.
22 ක ඉදිරියේ නිහඩව හිටියේ ඒක රාජ්‍ය නීතියට අදාල දෙයක් හින්දා කියලා හරි කියන්න පුලුවන්.හැබැයි බුද්ධ චීවරය ගලවලා සරමයි,කමිසෙයි අන්දනවා කියන්නේ සමස්ථ භික්ෂු සංස්ථාවේම සිවුරු ගලවලා නිරුවත් කළා වගේ වැඩක්.ඒක නිසා මේ පාපකර්මය එරෙහිව ගැලපෙන පියවරයක් ගන්නේ නැත්තං ඇත්තටම පන්සල සහ බෞද්ධයා අතර සම්බන්ධය තව වැඩි කාලයක් පවතින එකක් නෑ.
ඉස්ලාම් පූජකතුමෙකුට හරි කතෝලික පූජකතුමෙකුට හරි මෙහෙම උනා නම් මේ වෙනකොට මේ රට අනිත් පැත්ත පෙරලලා. සමහරවිට බන්ධනාගාර කොමසාරිස් මෙලහටත් ගෙදර ගිහින්. රටේ රාළ ඒ පූජකතුමන්ලාට දොස් කියන්නේ නෑ.එයාලා එයලගේ ආගම වෙනුවෙන් වගකීම හරියට ඉෂ්ඨ කරනවා.
හැබැයි බෞද්ධ ජනතාව එක්තරා සීමාවක් යනකං එහෙම නෑ. හැබැයි ඉතින් අපේ මහ නායක ස්වාමීන්වහසේලා නං තවමත් එහෙමම තමයි.ඕනිම අපරාධයක් කරලා ජනාධිපති අට පිරිකරක් අරන් ඇවිත් මූනිච්වාවට හාමුදුරුවෝ ඉස්සරහා දණ ගැහුවම කොර වෙන්නේ ජනාධිපති නෙවෙයි අපේ මහ නායක හාමුදුරුවෝ.
මතක තියාගන්න අපේ හාමුදුරුවනේ මේ රටේ ජනාධිපති කෙනෙක් දිවුරුම් දීලා ඉන්දියාවේ නෙවෙයි කොහේ යන්නත් ඉස්සෙල්ලා එන්නේ මල්වතු,අස්ගිරි පන්සල් දෙකට,දළදා හාමුදුරුවෝ වැදපුදා ගන්න.ඒකත් නිල නොවන අස්පර්ශණීය බලයක්.ඒක හෑල්ලු කරන්න දෙන්න එපා.
අන්තිමට වෙන්නේ ජනාධිපති මහ නායක ස්වාමීන්වහසේලාට බණ කියලා යන එකයි.මෙච්චර කල් නං උනේ ඒක.බෞද්ධයා මේ තරම් හෑල්ලු වෙන්නත් ඒවා බලපෑවා.හැබැයි මේ පාරත් ඒකම නං වෙන්නේ මේ රටේ බෞද්ධයෝ තවත් පන්සලත් එක්ක හිටීද කියන්න බෑ.අපිට කාටවත් වෛරය කරන්න ඕනි නෑ.
හැබැයි අඩුම ගානේ ඥානසාර හාමුදුරුවෝ නැවත සම්ප්‍රදායානුකූලව පැවිදි කරන්න වහාම ඉඩ දෙන්න ඕනි.වෙච්චි වරඳට සමාව අරගෙන නිවැරදි ක්රමයවේද අනුගමනය කරලා ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දෙන්න ජනාධිපති අනුර පොරොන්දු වෙන්න ඕනි.මේ සටනේ bottom Line එක වෙන්න ඕනි ඒක.ඒක කරනවා නම් බුදු දහමේ හැටියට සමාව දෙන්න.
හැබැයි ඒක කරන්නේ නැත්තං වරඳ නිවැරදි කරන්න පන්සල මැදිහත් වෙන්න ඕනි.ඒ දේ කරනකං බෞද්ධාගමේ ආරක්ෂාව වෙනුවෙන් සටන පටන් ගන්න ඕනි.සියලු පන්සල් ඒකට එකතු කරගන්න පුළුවන්.හරි නං දැන් අනුරලාගේ කකුල් වෙව්ලන්න ඕනි.එයාලට බය දැනෙන්න ඕනි අපි වරද්දගත්තා බෞද්ධ බලය අවුස්ස ගත්තා කියලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
7 Viewers





