ජනාධිපතිවරයාගේ තෛයිනිකායික මහානාහිමිවරැ සමග පැවැති සාකච්ඡාව අසාර්ථකයි?
පළමුවැන්න නම් ජනාධිපතිවරයාගේ “කැමැත්ත අනුව” ගෙනා 22 සංශෝධනය සම්බන්ධයෙන් මහානාහිමිවරු ඉදිරිපත් කළ ලිපිය වංචනික ලෙස ප්‍රසිද්ධ නොකිරීම සහ ඊට සාධනීය ප්‍රතිචාර නොදැක්වීම. ජනාධිපතිවරයා මෙහි දී ඉතාම ග්‍රාම්‍ය ලෙස හැසිරුණත් මහානාහිමිවරු තම ලිපිය ප්‍රසිද්ධියට පත් නොකරමින් උන් වහන්සේලා තම වෘත්තීයභාවය සහ රටේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළා. එහෙත් එම වෘත්තීයභාවය ජනාධිපති අනුර නොපෙන්වමින් ඔහුගේ ක්ෂුද්‍ර බව පෙන්නුම් කළා.
දෙවැන්න නම් අද (8) දවසේ මහානාහිමිවරුන්ගේ නියෝජිතයින් ලෙස වැඩම කළ සංඝරත්නය සමග කළ සාකච්ඡාවේ, ජනාධිපතිවරයාගේ මතය පමණක් හෙළි කිරීම හරහා සංඝරත්නයේ ප්‍රතිචාරය ජනතාවගෙන් වසං කිරීමට හිතාමත කටයුතු කිරීම
තුන්වැන්න නම්, ඉහත සාකච්ඡාවේ දීම ඇතැම් සිද්ධි උපුටනයන් හරහා සංඝරත්නය අපහසුතාවකට පත්වන ලෙස ජනාධිපති අනුර විසින් ප්‍රකාශ නිකුත් කිරීම. භික්ෂූන් විසින් සිදු කරන ඇතැම් අනීතික ක්‍රියා ගැන බෞද්ධයින් ලෙස අප සියලු දෙනා දැනුවත් අතර, බුදුන් වහන්සේ විසින් විනය පිටකය දේශානා කළේ ම මෙම වැරදි හඳුනාගෙන හෙයින්, ජනාධිපතිවරයා ඒවා අනවශ්‍ය ලෙස හුවා දැක්වීම කළේ සංඝරත්නය ප්‍රසිද්ධියේ අපහසුතාවකට පත් කිරීමේ ඒකායන අරමුණින් බව පැහැදිලි වීම.
මෙම බරපතළ සහ ජනාධිපතිවරයෙකුට තරම් නොවන ප්‍රාථමික සහ ග්‍රාම්‍ය හැසිරීම මත සංඝරත්නය විසින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කිසියම් අනතුරු ඇඟවීමේ සිට වර්ජනය කිරීම හරහා සංඝ ආඥාවක් දක්වා ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව නිරීක්ෂණය වේ.
10 Viewers





