ලංවේ රහස් පොලිසිය
“ස්වාමීනී,අන්තිමට අපිට ඉතුරු වුණේ පපුවේ එල්ලගන්න යකඩ කෑලි දෙකක් විතරයි ” – විත්ති කූඩුවෙන් ඇසුණු මව්බිම සසල කළ හඬ
රටේ රාළ දිගටම කිව්වේ අපේ රටේ විමර්ශන ක්‍රියාවලිය ඇතුළේ සිද්ධවෙන බරපතල වංචාව ගැන කතා කරනවා.නීතියේ ආධිපත්‍යය කියන වචනවලට මුවාවෙලා,පෞද්ගලික න්‍යාය පත්‍ර, දේශපාලන උවමනාවන් වෙනුවෙන් මිනිස් ජීවිත බිලිගන්න හැටි ඉවසන්න බැරි තැන තමයි මේ සටන පටන් ගත්තේ.රටේ රාළ කියන මේ තිත්ත ඇත්ත කතාව ඊයේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ ශාලාව ඇතුළේ දෝංකාර දුන්නා.මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ චූදිතයන් වන ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශයේ රණවිරුවන් 09 දෙනා,ඊයේ (12) විත්ති කූඩුවට නැගලා තමන්ගේ විත්තිවාචික ඉදිරිපත් කරද්දී මුළු අධිකරණ ශාලාවම මොහොතකට ගල් ගැහුණා.ඒ පණිවිඩය රටට කියන්නේ නැත්තං අපි මිනිස්සු නෙවෙයි.
තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් මේ මාතෘභූමිය බේරාගන්න තමන්ගේ තාරුණ්‍යය,ජීවිතය සහ ලේ,කඳුළු,දහඩිය සහ ජීවිත කැප කළ රණවිරුවන් පිරිසක් අද ඒ වෙනුවෙන් ගෙවන වන්දිය මොන තරම් කුරිරු එකක්ද?
මෙම නඩුවේ විමර්ශන මෙහෙයවූ ශානි අබේසේකර ප්රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන විවෘත අධිකරණයේ බරපතල හෙළිදරව් කිරීම් කීපයක්ම වුනා. නිකං හිතන්නකෝ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ජීවිත පරදුවට තියලා සටන් කරපු මේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන රඳවා තියාගන්න භාවිතා කළේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත”.
ත්‍රස්තවාදය තුරන් කරපු මිනිසුන්ට ත්‍රස්තවාදය තුරන් කිරීමේ වරඳට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතකින් රැඳවුම් නියෝග ගහලා,ඊට පස්සේ සාමාන්‍ය නීතිය යටතේ විතරක් නඩු පවරන්න කටයුතු කිරීමෙන්ම විමර්ශන නිලධාරීන්ගේ පක්ෂග්‍රාහීත්වය සහ ද්වේෂ සහගත බව පේන්නේ නැද්ද?
ඊළඟට විමර්ශන නිලධාරීන් යොදලා තියන පහත් උපක්‍රම ගැනත් කියවුනා.ඒවා ඇත්ත නම් ශානිලා කියන්නේ තක්කඩියෝ. අත්අඩංගුවේ ඉන්දැද්දී සමහර විත්තිකරුවන්ට මත්පැන් පානය කිරීමට සලස්වා,එයාලගේ ගෙවල්වලට කෝල් කරවලා එයාලගේ බිරින්දෑවරුන් හරහා පවා බලපෑම් කරලා තියන බව කියවුනා.ශානිලා කලින් හදාගත්ත පාපොච්චාරණය එහෙම හරි ගන්න උත්සාහ කළ බවට අධිකරණය හමුවේ අනාවරණය වුණා.
රටේ රාළ අහන්නේ මේවටද ස්වාධීන විමර්ශන කියලා කියන්නේ?චූදිතයන්ව කොටු කරගන්න මත්පැන් පොවලා,පවුලේ අයවත් පාවිච්චි කරන පහත් තැනට අපේ රටේ විමර්ශන ආයතන පත්වෙලා නම්,මේ රටේ නීතිය ගැන කවර කතාද?
අපි මීට කලිනුත් දැක්කා අනෙකුත් බුද්ධි අංශ නිලධාරීන්ට උනදේ. කොටි ත්රස්තවාදීන්ගේ බුද්ධි ජාලය සුනු විසුනු කරපු ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන,මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වගේම මිලේනියම් සිටි පාවාදීම හරහා ජීවිත අහිමි වුණු අපේ බුද්ධි අංශ විරුවන්ව දඩයම් කරපු හැටි.ඒ හැම තැනකදීම සිද්ධ වුණේ රට වෙනුවෙන් සටන් කරපු විරුවන් පාවා දීමයි.බොරු සාක්ෂි හදලා එයාලව සිරගත කරන්න උත්සාහ කිරීම.
එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවන් නව දෙනාම විත්ති කූඩුවේ ඉඳන් කියව්වි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවලට තමන් සම්පූර්ණයෙන්ම නිවැරදිකරුවන් බවයි.ඒ අතරින් එක රණවිරුවෙකු තමන්ගේ නොකැළැල් සේවා ඉතිහාසය ගැන සිහිපත් කරමින් කළ ප්‍රකාශය ඕනෑම සංවේදී මිනිසෙකුගේ ඇස්වලට කඳුළු ගේනවා
“අන්තිමට අපිට ඉතුරු වුණේ රණවිරු පදක්කම,රණශූර පදක්කම කියලා ගහපු යකඩ කෑලි දෙකක් විතරයි ස්වාමීනී.පවුල් ජීවිතයේදී අපි පරාදයි…සිවිල් ජීවිතයේදී අපි පරාදයි…වෘත්තීය ජීවිතයෙත් අපි පරාජිතයෝ.නොකැළැල් සේවයකට හිමිකම් කියූ මට මගේ සියලු වරප්‍රසාද තනතුරු සියල්ල මේ නඩුව නිසා අහිමි වුණා.අඩුම තරමින් අවවාදාත්මක ලිපියක්වත් මගේ පෞද්ගලික ලිපිගොනුවේ නෑ ස්වාමීනී.”
රටක් වෙනුවෙන් තමන්ගේ පපුව ඉස්සරහට දීපු මිනිහෙක්ට අන්තිමට ඉතුරු වෙන්නේ “යකඩ කෑලි දෙකක්” විතරක් නම්,මේ රට බේරගත්ත ඊළඟ පරම්පරාව ඉදිරියට එයිද?
මේ වගේ කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක් බේරාගන්න සටන් කරපු ඒ මිනිස්සුන්ගේ වේදනාව ඔතනින් නවතින්නේ නැහැ. ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් සමාජය ඉදිරියේ අනේකවිධ ගැටලුවලට,අපහාසවලට ලක්වෙමින් අප්‍රමාණ දුක් වේදනා විඳිනවා.ඊටත් වඩා හදවත කීරි ගැසෙන කතාව වන්නේ තමන්ගේ වයෝවෘද්ධ මව ගැන ඒ රණවිරුවා කළ ප්‍රකාශයයි.
“ස්වාමීනී,මගේ මව යුද්ධ කාලයෙත් මම නිවාඩුට ආවම කළේ පන්සල්ලට අරන් ගිහින් බෝධිපූජා කරපු එක.යුද්ධ කාලෙන් පස්සෙත් වෙලා තියෙන්නේ මේ නඩුව හින්දා හැමදාම බෝධිපූජා කරන්න මාව එක්කන් යන එක.ඒ වගේ දරුණු පීඩනයකින් තමයි යුද හමුදාවට මාව භාරදීපු මගේ අම්මට ඇගේ අන්තිම මහලු කාලය ගෙවන්න වෙලා තියෙන්නේ.මේකද ස්වාමීනී යුක්තිය?”
යුද්ධය තිබුණු කාලේ තමන්ගේ පුතා වෙඩි උණ්ඩයකින් බේරිලා එන්න කියලා බෝධිපූජා තියපු අම්මා කෙනෙක්ට,යුද්ධය ඉවර වෙලා අවුරුදු ගාණකට පස්සෙත් තමන්ගේ පුතාව නීතියේ උගුල්වලින් බේරගන්න බෝධිපූජා තියන්න සිද්ධ වෙලා තියෙනවා.
රටේ රාළට කාටවත් පෞද්ගලිකව සුදු හුණු ගාන්න උවමනාවක් නැහැ.වරදක් කරලා තියෙනවා නම් ඕනෑම කෙනෙකුට දඬුවම් ලැබිය යුතුයි.හැබැයි ඒ දඬුවම් දෙන්න කලින් අඩුම තරමේ අපක්ෂපාතී,ස්වාධීන විමර්ශනයක් සිද්ධ වෙන්න ඕනි නේද?
ගොතපු සාක්ෂි සහ පලිගැනීමේ චේතනාවෙන් කරන විමර්ශන මත මේ රට බේරගත්තු මිනිස්සුන්ට දඬුවම් කරන එක ස්වභාවික යුක්තියේ මූලධර්මවලට කොයි තරම් දුරට ගැලපෙනවද කියන ප්රශ්නය ඕනෑම කෙනෙක්ගේ හෘද සාක්ෂිය ඇතුළේ කෑගහනවා.
මේ රටේ පාලකයන්ටත්,නිලධාරීන්ටත්,සමස්ත සමාජයට මේ රණවිරුවා අහන ඒ අවසන් ප්‍රශ්නයට උත්තරයක් තියනවාද?
“මේකද ස්වාමීනී යුක්තිය”
(මේ රණවිරුවන්ට මේ මොහොතේ අපට කරන්න පුළුවන් ඒකම දේ මේ පණිවිඩය රටේ ජනතාවට දීමයි.ඒ නිසා මේ ලිපිය තවත් අය අතර බෙදාහරින්න)
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා!
මීට,
රටේ රාළ.
(මු.පො. උපුටා ගැනීමකි)
5 Viewers





