ථේරවාදී භික්ෂූන් වහන්සේලා පරමාදර්ශී සමාජයකට හිමිකම් කියන පිරිසකි. උන්වහන්සේලාගේ ඇඳුම සිවුරයි. බුදුරජාණන් වහන්සේ කුඹුරක් පෙන්වා එම කුඹුරේ ලියෑදි පිහිටා ඇති ආකාරයට කඩ කපා සිවුර මසාගත යුතු බව වදාළහ. මිනී ඔතා අහක දැමූ රෙදි කැබලි එකතු කර සකසා ගත් සිවුර පාංශුකූල …