Toxic ජනාධිපති
Toxic පුද්ගලයන් කියන්නේ ඕනෑම හොඳ අවස්ථාවක් චාටර් කරන අය. ඔබේ ජීවිතයේ ලද සාර්ථකත්වයක් සමරන අවස්ථාවක කට කැඩිච්ච කථාවක් කියලා ඒක සවුත්තු කරන පොරක් අපි හැමෝටම හමු වෙලා තිබෙනවා. එහෙම කෙනෙක් දැන් අපේ රටේ ජනාධිපති වෙලා ඉන්නවා.
අනුර කුමාර කියන්නේ තද toxic චරිතයක්. ඔබ දැක තිබෙනවාද ඔහු කිසිම දෙයක හොඳක් දකිනවා? අඩුම ගානේ ඔහුගේ පක්ෂයට 60 පනින දවසේ තිබුණු උත්සවයෙදීවත් ඔහුට තමන්ගේ වෛරී කෝප සිතුවිලි පාලනය කර ගෙන කථා කරන්න බැරි වුණා. ඔහුගේ ම සගයන්ට “පාපිස්සකටවත් සුදුසු නැහැ” කියලා අපහාස කළා. ඉතින් එහෙම කෙනෙකු යුධ ජයග්‍රහණය සමරන උත්සවයේදී මාතෘ භූමිය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් අභීත මිනිසුන්ට “රණවිරුවන්” කියලා ගෞරව නොකර සාමාන්‍ය සෙබළුන් ගාණට දාලා කථා කිරීම පුදුමයට කරුණක් නොවෙයි.
Toxic මිනිස්සුන්ගේ ගතියක් තමයි අනෙකාගේ ජයග්‍රහණය හැම විටම පහත් කොට කථා කිරීම. ඔබේ ජීවිතයේත් ඉන්නවා ද එවැනි toxic අය? සමහර පිරිමි ඉන්නවා තමන්ගේ භාර්යාවගේ සාර්ථකත්වයකදී ඒ ගැන සතුටු නොවී එහි මොකක් හෝ අඩුවක් කියලා පාච්චල් කරන. සමහර තාත්තලා ඉන්නවා තමන්ගේ පුතාගේ ජයග්‍රහණයකදී ඒ දරුවට තව තවත් ධෛර්ය නොදී වැඩේ සවුත්තු කරන. සමහර මිතුරන් ඉන්නවා ඔබේ රැකියාවේ ඉහළ යෑමකදී ඒකට කැත පද හදන. ඔබ හිතන්න මුළු රටකම ජනතාවගේ නායකයා එවැනි toxic පොරක් වුණාම කොහොම ද???
දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගත් ඒ විරෝදාර රණවිරුවන් ඉස්සරහා තියාගෙන “ඒ වුණාට වහින කොට නාය යන නිසා රටට නිදහසක් නැහැ” කියා ඒ ඔවුන් දිනා දුන් උතුම් නිදහස අවතක්සේරු කළ හැටි දැක්කා නේද? අන්න ඒක ඔය toxic මිනිස්සුන්ගේ ජාත හැටියක්. වැරැද්දක් නැත්නම් බොරු වැරැද්දක් හදලා හරි කියලා ඔබේ අවස්ථාව චාටර් කරනවා. එහෙම ස්වාමියෙක් ලැබෙන බිරිඳ ඉතාම අවාසනාවන්තයි. එහෙම බිරිඳක් ලැබෙන ස්වාමියාත් ඉතාම අවාසනාවන්තයි. එහෙම පියෙක් ලැබෙන දරුවන් ඉතාම අවාසනාවන්තයි. දරුවෝ කැමතියි තමන්ගේ තාත්තා තමන්ගේ ජයග්‍රහණය ඉහළින් ම වර්ණනා කරනවා අහන්න. ඒ වගේ රණවිරුවන් ආසයි තමන්ගේ රටේ ජනාධිපති, සේනාධිනායකයාගෙන් තමන්ගේ කැපවීම පිළිබඳව වර්ණනා අහන්න. එහෙම හදවතින්ම සුබ පතන්න, අගය කරන්න, වර්ණනා කරන්න පුළුවන් මිනිහෙක් නොවෙයි අනුර කුමාර.
අනුර කුමාර කියන්නේ රටක ජනාධිපති වුණත් ඉතාම කුඩා මනසක්, වෛරී මනසක්, toxic මනසක් තියෙන වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම මිටි මිනිහෙක්. එවැනි කෙනෙක් රටක ජනාධිපති වුණාම රටේ හැම සම්බන්ධයක් ම toxic වෙනවා. දැන් ඒක වෙලා නේද? බලන්න අර දළදා දැක්මට වුණු දේ. ඉතිහාසයේ අජූතම ප්‍රදර්ශනය වුණා. රාජ්‍ය ආරක්ෂාව අද සම්පූර්ණයෙන් ම නැති වෙලා. දවස ගානේ වෙඩි තැබීම්. මිනීමැරුම්. ආර්ථික වර්ධනය බිඳ වැටෙනවා. මිනිස්සු රට අත්හැර යෑම වැඩි වෙලා. මාලිමාව කරන කරන හැම වැඩක්ම අන්ත අසාර්ථක විහිළුවක් වෙනවා නේද? රටක නායකයෙකු ලෙස තෝරා ගන්න ඕනා හැම දෙයක ම වැරදි පමණක් දකින ලෙඩ මිනිහෙක් නොවෙයි.
ඔබගේ ජීවිතයේ අනුර කුමාර වැනි toxic මිනිසුන් ඉන්නවා නම් ඔවුන්ගෙන් මිදෙන්න. මූණේ ලේ කඳුලක් නැති, කොයි වෙලාවෙත් ඔරවගෙන ඉන්න, මුස්පේන්තු මිනිස්සු ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට බාධාවක්. ඔබ ඇසුරු කරන්න ඔබේ කුඩා හෝ සාර්ථකත්වයකදී එය මුළු හදවතින් ම සෑම වචනයකින් ම අගය කරන මිනිස්සු. මම කියන්නේ බොරු මූනිච්චාකාරයන් නොවෙයි. මම කියන්නේ ඔබේ ජයග්‍රහණයකදී ඔබව තව තවත් දිරිමත් කරන හොඳ මිනිස්සු. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 මැයි 20
24 Viewers





