• Home »
  • News »
  • හරිණි ඩොයිලි සහ ජෝන් ඩොයිලි

හරිණි ඩොයිලි සහ ජෝන් ඩොයිලි

වර්ෂ 1798 දී ලංකාවට පැමිණි බිරිතානි ජාතිකයන් වසර 17 ක කාලයක් කොතරම් උත්සාහ කලත් සිංහලේ යටත් කර ගැනීමට නොහැකි විය. කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීම සඳහා කල සෑම සටනක්ම ඛේදවාචකයකින් අවසන් විය. මේ නිසාම එදා බිරිතානි පාලකයෝ අපූරු පුද්ගලයෙකු මේ සඳහා යොදවා ගත්හ.

ජෝන් ඩොයිලි

ලංකාව බිරිතානියේ යටත් විජිතයක්ව තිබූ කාලයේ මෙරට සිටි එකම සිංහල උගත් සිවිල් සේවකයා වූයේ ඩොයිලිය. එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේදී දේවගැතිවරයෙකුගේ පුතෙකු ලෙසින්, 1774 ජුනි 11 වැනි දින උපත ලැබ ළමා කල වෙස්ට්මිනිස්ටර් විදුහලේ ඉගෙනුම ලැබූ ඩොයිලි පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ බැනට් විද්‍යාලයට බැඳුණ අතර එහිදී ඔහු 1796 වර්ෂයේදී තම ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. ඉන් පසු 1801 ලංකාවට පැමිණි ඩොයිලි ලංකාවේ සිවිල් සේවයට එක් වෙමින් සිංහලයන්ටත් වඩා සිංහල කතා කරමින් ගජමන් නෝනා සමඟද අමුතු සම්බන්ධයක් පවත්වමින් භාෂාවෙන් සංස්කෳතියෙන් සිංහලයන්ට වෙනසක් නොදැනෙන සිංහල වෙස් ගත්තෙකි.

රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා හා එක්ව උඩරට රදළයන් අතරට රිංගූ ඩොයිලි රජා සහ රදළයින් අතර සැක සංකා මතු කර විරසක ඇති කර තිබූ විරසකයන් වැඩි කර ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත් කම් වැඩි කර සිංහළයින් අතර බේද භින්න වැඩි කර කන්ද උඩරට රාජධානිය ගිවිසුමකින් යටත් කර ගෙන රජු පාවා දෙන තැනටම කුමන්ත්‍රණය අපූරුවට කිරීමට එදා ඩොයිලිට හැකි විය.

ඒ එදාය..

දැන් මෙදා ලංකාවේ ඉපිද ඉන්දියාවේ සහ බටහිර රටවල අධ්‍යාපනය ලැබ ලංකාවේ රාජ්‍ය නොවන මංවිධාන වල ගුප්ත මෙහෙයුම් වල නියැලෙමින් සිට එකවරම ජවිපෙ හා සම්බන්ධ වෙමින් එහි කරටියටම වැඩම කරවූ හරිණි අමරසූරිය නම් ඩොයිලිගේ අවතාරය රටේ අගමැති තනතුර දක්වා පැමිණීම කවර නම් ආශ්චර්‍යක්දැයි අපට නම් තේරෙන්නේ නැත. ඉන් නොනවතින ඇය රටේ අනාගතය තීරණය කරන උපනූපන් දරුවන්ගේ අධ්‍යාපනය බාර වන්නේ හරිම පුදුම ආකාරයකටය.

බලයට පත් වන්නට පෙර සිටම ඝණිකා වෳතීය නීතිගත කිරීම, LGBTQ ප්‍රවර්ධනය කිරීම,අධ්‍යාපනය තුලට ඊණියා ලිංගික දිශානතීන් ගැන අධ්‍යනයන් ඇතුලත් කිරීම,ඉතිහාසය හර විශයන්ගෙන් ඉවත් කිරීම වැනි වසර දහස් ගණනක අපගේ සංස්කෳතික වටිනා කම් තූ තූ කර විනාශ කිරීමේ මෙහෙයුමකට මුල පුරා ඇති බව පෙනෙන්නට තිබුණි.

දැන් එයද පසු කර ගොස් 06 වසරේ දරුවන්ගේ අධ්‍යාපන මොඩියුල වලට සමලිංගිකයන් සොයා ගැනීම සඳහා ලෝකප්‍රසිද්ධ Budd.net වැනි සමලිංගික සහකරුවන් සොයා ගත හැකි අන්තර්ජාල යොමු පවා හඳුන්වා දෙමින් තම සිතැඟියාව පමණක් නොව තමාට මේ වගකීම පැවරූ අයගේ උවමනාව යහමින් ඉටු කරමින් ඇත. 06 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යනය පොතද LGBTQ වර්ණයන්ගෙන් මුද්‍රණය කරමින් දරුවන්ගේ ඇසට හුරු කිරීම අරඹා ඇත.

හරිණි ඩොයිලි එසේ උපනූපන් පරම්පරාවේ කර ඇඹීම කරන අතර විජිත හේරත්ලා සංචාරක කර්මාව්තය ප්‍රවර්ධනය නමින් ලෝකයේ සිටින සුපිරිම සමලිංගිකයන්ට ලංකාවට ආරාධනා කරමින් සමලිංගික පාරාදීසය ප්‍රවර්ධන කරමින් ඇත. ඒ එන සමලිංගිකයන්ට ගැලපෙන සහකරුවන් හරිණිගේ අධ්‍යාපනය තුල නිර්මාණය වෙමින් ඇත.

වසර 133 ක් බිරිතානි කොළණියක්ව පැවති අපේ රට එදා බිරිතානීන්ට කර අවසන් කරනට බැරි වූ ජාතියේ කර ඇඹීමේ සමාප්තිය ඉටු කිරීමේ කොන්ත්‍රාත්තුව යස අපූරුවට අනුර-හරිනි එකතුව විසින් දිගේලි කර ඇත.

වසර දහස් ගණනක පෙෳඩ ඉතිහාසයකට උරුම කම් කියන සංස්කෳතික රාජ්‍යයක අවසානය සනිටුහන් කරමින් එදා ජෝන් ඩොයිලිට අවසන් කිරීමට බැරි වූ ඒ මෙහෙයුම අද ඔහුගේ ජීව විද්‍යාත්මක දියණිය නොවූවද ඩොයිලිගේ අතිජාත දියණිය හරිනි ඩොයිලි විසින් සර්ව සම්පූර්ණ ලෙස අවසන් කරමින් ඇත.

-කැලුම් ජයසුමන



14 Viewers