අධ්‍යාපනය සහ මාලිමාව
එය සාමාන්‍යයි.
අනුර සතුව නායකයෙකු සතු විය යුතු පෞරුෂය නැහැ. ඔහු රටේ ත්‍රිවිධ හමුදාව විශ්වාස කරන්නේ නැහැ.
එය නායකයෙකුට උචිත නැහැ. එය විවේචනයට ලක්වීම ස්වාභාවිකයි.
නමුත් එයටත් වඩා ඉතාම භයානක, ජාතියේ ඉරණම වෙනස් කළ හැකි සිදුවීමක් සම්බන්ධයෙන් අප දින කිහිපයක පටන් අවදානය යොමු කළා.
ඒ එලබෙන 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ.
මෙරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය විනාශ කරන, විධිමත් විභාග ක්‍රමය අහෝසි කරන, අධ්‍යාපනයේ සාධාරණත්වය අහෝසි කරන මේ ප්‍රතිසංස්කරණ වලට, අනුරගේ ආචාර පෙළපාලියට එරෙහිව ගොඩනැගුණු සමාජ ප්‍රතිරෝදය හෝ ගොඩනැගී නැහැ.
එය අවාසනාවට කරුණක්.
අප ඒ පිළිබඳ කිහිප වරක් ලිව්වා. ඉන්පසුව තරමක සාකච්ඡාවක් ඇති වුණා.
අප ඉදිරිපත් කළ කරුණු සහ තර්ක කිහිපදෙනෙක් සාකච්ඡා කර තිබුණා.
නමුත් එය මේ හානියේ පරිමාවට කිසිසේත්ම සමාන නැහැ.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නැගී තිබෙන දුර්වල හඬෙන් පැහැදිලි වන්නේ අප කොතරම් අබුද්ධික සමාජයක් ද යන්නයි.
සැබෑ ලෙසටම වැදගත් කරුණු අප සාකච්ඡා කරන්නේ නැහැ.
හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටියෙන් මෙලෙස විග්‍රහ කරන්නම්.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ සැණින් නැවතත් පොල් කඩන මිනිසාගේ දරුවා පොල් කැඩීමටත්, ගොවියාගේ දරුවා ගොවිතැනටත්, කම්කරුවාගේ දරුවා කම්කරුවෙකුත් කළ හැකියි.
නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමේ දී කිසිවෙකුට හෝ (ප්‍රභු පන්තියට) එවැනි පිරිසක් අහෝසි වී යතැයි බියක් තිබුණා නම් ඒ බිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් අහෝසි වී යනවා.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ගොඩනැගෙන්නේ දෙමාපියන්ගේ වියදම් කිරීමේ හැකියාවට අනුලෝම දරුවන්.
ඊට මුල්තැන ගෙන සිටින හරිනි වලව් පැලැන්තියක වීමත් දෛවොපගතයි.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ සැණින් දරුවෙකු ඉහළට ඉගෙනීමට අවශ්‍ය වන්නේ ගුරුවරයාගේ අනුමැතිය පමණයි.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පවා (තවම මේ විභාග පිළිබඳ අවසන් තීරණ රජය ප්‍රකාශ කර නැහැ) ගුරුවරයාගෙන් තීරණය විය හැකියි.
ගුරුවරයා සතුටු කරන දෙමාපියන්ගේ දරුවා ගොඩ.
එසේ නොකරන ගුරුවරයාට විශේෂ යමක් ලබා දීමට නැති දරුවන් එතැනින් අවසන්.
එක්කො දරුවාගේ පියාට ගුරුවරුන්ට මුදල්, තෑගි ලබා දීමට සිදුවේවි. නොමැතිනම් මවට ලිංගික අල්ලස් ලබා දීමට සිදු වේවි.
මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වී ඉතාම කෙටි කලකින් ඒ තත්ත්වය ගොඩනැගෙනවා.
විභාග නොමැති නිසා දක්ෂතාවය මැනීමට සාධාරණ ක්‍රමයක් නැහැ.
ගුරුවරයාගේ පුද්ගලික තීරණය අවසන් තීරණයයි.
(අවම වශයෙන් මෙවැනි ‘හියුමන් එරර්ස්’ අවම කිරීමට ක්‍රීඩා වලට පවා දැන් තාක්ෂණය ගෙන එනවා.
අප විධිමත් ක්‍රමයෙන් බැහැරව තනි පුද්ගල ඇගයීම් ක්‍රමය පිළිගන්නවා)
ඒ දුප්පත් දරුවන්ට වෙන අසාධාරණය.
එතැනින් එහා මේ සමත් වෙන දරුවන් පවා ඉතා සරල, සුමට විෂය නිර්දේශයක් උගත් සුකුමාල දරුවන්.
ඔවුන් ලෝකයේ සමවයස් දරුවන්ට වඩා බොහෝ පසුපසින්.
තවදුරටත් ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයෙන් බිහිකරණ වෘත්තිකයාට ලෝකයේ සහ ජාත්‍යන්තරයේ තැනක් නැති වේවි.
ඒ සියල්ල තිබිය දී අප සිනාවෙමින් සිටින්නේ අනුරගේ ආචාර පෙළපාලියට පමණයි.
විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් අපගේ ෆේස්බුක් ලිපි කියවන බව අප දන්නවා.
අප ඔවුන්ගෙන් ඉතාම ආදරයෙන් සහ ආයාචනාත්මකව ඉල්ලා තිබෙනවා.
කරුණාකර එක රැයක් නිදහස් වී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යනය කරන්න.
ඉන්පසුව මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ මාධ්‍යයේ කතා කරන්න.
යළිත් කිසිදා හැරවිය නොහැකි මහා විනාශයකින් මෙරට දරුවන් බේරාගැනිමට අපට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි.
5 Viewers





