අබෞද්ධ මාලිමාව

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල නම් සිංහල නාමධාරියා තිරිකුණාමල සම්බෝධි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව පැහැර ගැනීම පිළිබඳ අද උදේ පාර්ලිමේන්තුවේ ඇද බෑවේ දිව හැලෙන බොරුවක් බව ඊට අදාළ වීඩියෝ දර්ශන නරඹන ඕනෑම අයෙකුට තේරුම් ගැනීම අපහසු නැත.

ඊයේ එහි පැමිණි මහජන බදු මුදලින් පඩි ලබන ASPකාරයා හැසිරුණේ ධම්මෝහවේ රක්ඛති ධම්මචාරි යන බුදු වදන සහිත ධර්මචක්‍රයෙන් සුසැදි ලාංඡනය දරන පොලිස් නිලධාරියෙකු ලෙස නොව IRCකාරයෙකු ලෙසය. එහිදී ඔහු හැසිරුනු ආකාරයෙන්ම එය ආණ්ඩුවේ ඉහළම ඕඩරයක් බව පැහැදිලි වෙයි.

එසේම ආනන්ද විජේපාල පවසන පරිදි එම බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු වී තිබිණි නම් කළ යුතුව තිබුණේ එහි ආරක්ෂාව පොලිසිය නැත්නම් STF කණ්ඩායමක් යෙදවීමය. ඒත් සැහීමකට පත්වීමට නොහැකි නම් හමුදා සහාය පැතීමය.

එසේ නොමැතිව ප්‍රතිමාවේ ආරක්ෂාව පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකොට ව්හාරාධිපති ස්වාමීන් වහන්සේටත් පහර දී බුද්ධ ප්‍රතිමාව පැහැර ගෙන යෑම සිහිපත් කරන්නේ කාලිංග මාඝ පන්නයේ මිත්‍යාදෘෂ්ටික ආක්‍රමණිකයෙකුගේ කුළි හමුදාවකි. එහි ආනන්ද විජේපාල කී ආකාරයේ ප්‍රතිමාව රැකගන්නට ආ පිරිසක් නම් නොවේ.

මේ තර්කය අනුව අනාගතයේ ජය ශ්‍රී මහා බෝධියට හෝ රුවන්වැලි සෑයට හෝ යම් අනතුරක් ඇතැයි වාර්තා වුවහොත් මේ ඇමති කරනු ඇත්තේ කුමක් දැයි සිතෙන විට ඇඟ හිරිගඩු පිපෙයි. එහෙයින් ආනන්ද විජේපාල කීවේ බොරුවක් බව යළිත් අවධාරණය කරමි.

එසේම 1951 පූජාභූම්යක් ලෙස ගැසට් කළ කොටි පරාජය කොට රට එක්සේසත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔප්පුවක් ලබා දී යළි අයිතිය තහවුරු කළ පුදබිම බුල් ඩෝසර් කිරිමට පොලිස් ආරක්ෂාව මැද බැකෝ යන්ත්‍ර පවි උදෑසන වන විට විහාරස්ථානය අසලට කැඳවා තිබිණි. ඒ බුල් ඩෝසර් ගෙන ආවේද ප්‍රතිමාවේ ආරක්ෂාවටද?

මෙම සිදුවීම් සියල්ල ඒ අවස්ථාවේම සජීවීව ලොව පුරා ප්‍රචාරය වීමත් සමග සංවේදී වූ බෞද්ධ කණ්ඩායම් විහාරස්ථානය කරා පැමිණෙන්නට වූ අතර සමාජ මාධ්‍යවල ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් බුර බුරා නැගෙන්නට විය. මෙම විරෝධය සුළුපටු නොවන බව බුද්ධ් අංශ අනතුරු ඇඟ වූ නිසා දෝ සිය මෙහෙයුම ආපසු හරවන්නට සහ පාර්ලිමේන්තුවට දිවැවිත් බොරුවක් ඇද බාන්නට ආනන්ද විජේපාලට සිදු විය.

අපේ මහා සංඝරත්නය සහ බෞද්ධ ජනතාව වහා ක්‍රියාත්මක නොවන්නට අද දිනය ඉතිහාස ගතවන්නට නියමිතව තිබුණේ එබ්‍රහම් සුමන්දිරම්, ශානක්කියන් රාසමානික්කම් වැනි දෙමළ වර්ගවාදීන්ගේ ප්‍රශංසා ජයඝෝෂා මැද වසර දහස් ගණනක ඉපැරණි ඓතිහාසික බෞද්ධ උරුමය බුල් ඩෝසර් යොදා ඉතිහාසයෙන්ම ගලවා දැමූ දිනය ලෙසය.

එය දැක දැක නොදැක්කා සේ සිටි නිවට බෞද්ධයන් ජීවත් වූ යුගයක් ලෙස අනාගතයේ ඉතිහාසයේ ලියැවෙන්නට තිබූ අවස්ථාව පරාජය කරනට වචනයකින් හෝ දායක වූ සැමට අද සැනසිල්ලේ නින්දට යා හැකිය.

එහෙත් මේ නින්දේ ද බෞද්ධයන් එක ඇසක් ඇරගෙන සිටිය යුතු යුගයක් බව අවධාරණය කළ යුතුය. අපේ මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන අප අතට පත් කළ අපේ උරුමය අනාගත පරපුරට සුරක්ෂිතව භාරදීම අප උර මත ඇති වගකීමයි. එම වගකීම අතහැරීමට අපට අයිතියක් නැත.



6 Viewers