• Home »
  • News »
  • උතුරැ නැගෙනහිර සිංහලයින්

උතුරැ නැගෙනහිර සිංහලයින්

උතුර සහ නැගෙනහිර මේ වන විට අවසාන අධිරයේ පවතී. එනම් වසර තිහක යුද්ධයක් නිමා වීම තවත් අවුරුදු දහසයක් ගෙවී ගිය දම ප්‍රදේශ තුළ සිංහල ජනතාවගේ පදිංචිය අවම මට්ටමක පැවතීමයි.මෙම පදිංචි කිරීමේ ක්‍රියාවලිය කිසිදු රජයකින් සාර්ථකව සිදු නොකොට ඇත.

යාපනයේ දිස්ත්‍රික්කයේ හැට දහසක සිංහල ජනතාවක් සිටියද ලේඛනගත සංඛ්‍යාව හයදාහකි.මන්නාරම 20000ක් සිටියද ලේඛනගතව ඇත්තේ අටදහසකි.කිලිනොච්චියේ හයදාහක් සිටියද ලේඛනගතව ඇත්තේ පුද්ගලයින් 280කි. මඩ කලපුවේ සිංහල පාසල් දාහතක් තිබුණද මේවට විට පවතින්නේ එකකි. මේ සියල්ල දෙස බැලූ කල එම ප්‍රදේශවල සිංහල ජනතාව ඉතාම අවමය.සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිතුමා ඇතුළු රටට ආදරය කරන බෞද්ධයින් රැසක් මෙම සිංහල ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියකට පාර සොයමින් නියැලී සිටී. මන්නාරමෙ 02ක් , මඩකළපුව 01ක්, මුලතිව් 09ක්, වවුනියාවේ 22ක් ලෙස පාසල් සංඛ්‍යාව අඩුවීී ඇත.මෙම පාසල් වැසී ගියහොත් රටේ නැවත ප්‍රශ්නයක් ඇතිවීම වළකාලිය නොහැක.

රටේ වර්තමාන වැඩිහිටි පරපුර කෙමෙන් කෙමෙන් වියැකී යද්දී තරුණ පරපුරටත් අනාගතයේදී ඇතිවිය හැකි ගැටලු ගණනාවකි. හදිසියේ හෝ මෙම සිංහල පාසල් වැසුණහොත් සිංහල ජනතාව නැවත අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශ කරා සංක්‍රමණය වෙයි.මෙය දේශපාලන මුහුණුවරකින් තොරව ජාතියේ ගැටලුවක් ආකාරයට සලකා බැලිය යුතුය. නමුත් මෙම ප්‍රදේශවල බහුතර ජනයා සිංහල ජනතාව රැඳී සිටිනවාට කිසිදු විරුද්ධත්වයක් නොමැත.එසේ විරුද්ධතාවයක් දක්වන්නේ ප්‍රදේශවල ඉතාම සුළු පිරිසකි. අනාගතයේදී පන්සල උතුරු පළාතෙන් වියැකී යාමට ඉඩ ඇත.

උතුරු පළාතේ ඇති පන්සල් සඳහා දාන වේලක් හෝ ලැබෙන්නේ ඉතාමත් පරක්කු වී බව ්‍රදේශවල සිටින ස්වාමීන් වහන්සේලා මැසිවිලි නගති.නමුත් ප්‍රමාද වී හෝ දානේ වේලක් ලබාදීමට ඉතිරිව සිටින්නේ එම ප්‍රදේශවල හමුදා කඳවුරු පමණි.එමෙන්ම ඇතැම් ජනතාවට පන්සල වෙත දානෙ වේලක් හෝ ලබාදීමට ඉතාම දුර ගෙවා පැමිණීමට සිදුවේ. සැබවින්ම සැලකිය යුතු කරුණ වන්නේ පාසල රැකුනොත් ගම රැකේවි යන සංකල්පයයි.

පාසල ගුරු හිඟය වන විට සෑහෙන්නට වැඩිවීී ඇත.පාසල්වල ගුරු භවතුන් නොමැතිවී සිසුන් ගෙවල්වල සිටින විට එම පාසල්වල විදුහල්පතිවරුන් විසින් විවිධ ඉල්ලීම් කරමින් තම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන මෙන් ම ඉල්ලා සිටිති.මෙය දිගින් දිගටම සිදු කිරීමට නොහැකි තත්ත්වයකි ඒත් ඉන් ගැලවීයා නොහැක මන්දයත් ගුරුවරුන් දරුවන් සමග ඇති දැඩි බැඳියාව නිසාවෙනි.

මෙසේ වෙනත් පාසල් වල උගන්වනු ලබනරුන් තමාට අයත් පාසලේ විශාල වගකීමක් දරන පුද්ගලයන් පිරිසකි.ඇතැම් විට වැටුප් සහිත ගුරු භවතුන්ට වඩා මෙම පිරිසක් විශාල රජකාරියක් ඉටු කරනු ලබයි.හොඳම නිදසුන වන්නේ මෙම උතුරු නැගෙනහිර පාසල් වල පාසල් වල සාමාන්‍යපෙළ වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සිදුකරන මෙම ගුරු මහත්ම මහත්මීන්ට පමණක් ඉගැන්වීම් කටයුතු කරමින් මෙම අවස්ථාවෙන් ගැලවීය නොහැක.

එනම් අනෙක් පන්තිවල දරුවන් නිකරුණේ කාලය ගතකරමින් සිටිනවා දැකිය නොහැකි වීමයි. මෙම කණ්ඩායමට තමන්ට කැමති වෙනත් රැකියාවකට සොයා යෑමට හැකියාව තිබුණත් එසේ නොකරන්නේ පන්තිවල නිකරුණේ කාලය ගත කරන දරුවන්ගේ අනාගතයන් සාර්ථක කිරීමට ඇති ඕනෑකම හේතුවෙනි.



10 Viewers