ඇමති ජී.එල්.ගෙන් මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශයක්

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අද දින (13) ප්‍රකාශයක් කිරිමට නියමිතය.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය ජිනීවා වෙලාවේ මධ්‍යහනයේදී සිදුකිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මේ දිනවල ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුත පිරිසක් එක්ව ඇති අතර ඊට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නායකත්වය දෙනු ලබයි.
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය අදින් ආරම්භ වන අතර එහ ජුලි 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
98 Viewers





