• Home »
  • Sinhala News »
  • ගංගාරාමය – මුහුදු මහා විහාරය – කූරගල පූජාභූමි ලෙස නම්කරයි

ගංගාරාමය – මුහුදු මහා විහාරය – කූරගල පූජාභූමි ලෙස නම්කරයි

හුණුපිටිය ගංගාරාමය, පොතුවිල් මුහුදු මහා විහාරය සහ කූරගල රජමහා විහාරය යන විහාරස්ථාන පූජා භූමි ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින්ය.

මේ වන විට ජාතික භෞතික සැළසුම් දෙපාර්ත මේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති පූජා භූමි ගණන 78කි.

මෙසේ පූජා භූමි ලෙස නම් කෙරෙන ස්ථාන සංවර්ධනය කිරීම් ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබේ.



71 Viewers