ඊශ්‍රායලය සහ ලංකාව
ඊශ්‍රායල් ජෙරැසෙලම් පෝස්ට් පුවත් පත එරට යුධ විශේෂඥයකු වන ආචාර්ය කර්නල් මෝෂේ එලාද් සමග කල සාකච්චාවක් ඇසුරින් මේ ලිපිය පලකරනවා.
“හමාස් සංවිධානය පලස්තීනයේ ගාසා තීරයේ පාලනයෙන් පලවා හැරීමටත් හමාස් මුලිනුපුටා දැමීමටත් නොහැකිව ඊශ්‍රායලය දීර්ග අරගලයක නිරතව සිටිනවා
ඊශ්‍රායලය යනු ලොව 14 වන යුධ බලවතා.
ලංකාව රටවල් 145 ක් අතරින් ලොව 69 වන යුධ බලවතා.
ලොව අංක එකේ බුද්ධි අංශය ලෙස සැලකෙන මොෂාද් ඔත්තු සේවය හිමි රට ඊශ්‍රායලය.
න්‍යෂ්ටික අවි , F 35 යානා , පේට්‍රියට් මිසයිල නාශක පද්ධති , සබ්මැරීන , යුධ ටැංකි මේ සියල්ලෙන් ඊශ්‍රායලය පොහොසත්.
බටහිරින් ප්‍රමුක ඇමරිකාව ඊශ්‍රායලය කරන ඕන අපරාධයක් සාධාරණය කරනවා. නමුත් තවමත් ඊශ්‍රායල වර්ග කිලෝමීටර් 3500 කුඩා බිම් තීරැවක සිටින හමාස් පරාජය කිරීමට නොහැකිව සිටිනවා.
ගාසා තීරයට සියලි සැපයුම් සම්පූර්ණ සපයන්නේ ඊශ්‍රායලය විසින් උවද ඊශ්‍රායලය තවමත් අසමත් හමාස් සංවිදානය මුලිනුපුටා දැමීමට”
මෝෂේ එලාද් මෙහෙම කියනවා.
“ලෝකය අපට කියනවා ගරිල්ලා කණ්ඩායමක් මුලිනුපූටා දමන්න බැහැ කියලා.
නමුත් ලංකාවේ රජය ලොව දරැණුම ත්‍රස්ත සංවිධානය සම්පූර්ණ ලෙස පරාජය කලා.ඔවුන් ලෝකය බැහැ කියන දේ කරලා පෙන්නුවා”
(ඇත්තටම LTTE සංවිධානය කොටියෙක් නම් සාපේක්ෂව හමාස් සංවිධානය පූසෙක් තරම් ඇති)
එලාද් කියන කතාව
“2005 මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වෙනවා.
ඔහු සාම සාකච්චාව හරහා විසදුමක් සෙවීමේ උපායෙන් ඉවත් වී යුද්ධ කර කොටි සංවිධානය පරාජය කිරීමේ අපායට මාරැවෙනවා. ඒ සමග රජය විශාල ලෙස යුධ අවි මිලට ගැනීම ආරම්භ කළා.
හමුදාවට ලක්ෂ ගණනක් අලුතින් බදවා ගත්තා. බුද්ධි අංශ තර කලා.
යුධ පෙරමුණු ගණනාවක් නිර්මාණය කර කොටියට පහර දුන්නා.”
ලක් රජය ජාත්‍යන්තරය සමග සාකච්චා කර කොටි ආයුධ සැපයුම් වැහුවා.ඒ සදහා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම ලංකාව උපක්‍රමිකව පාවිච්චි කලා.
කොටි සංවිධානය ජාත්‍යන්තරව තහනම් කරගැනීමට රජය සමත් උනා.
එලාද් මෙහෙමත් කියනවා.
“කොටි සංවිධානය ඉතාම බලවත්.ඔවුන්ට සංකීර්ණ යුධ යාන්ත්‍රණයක් තිබුනා.
වෙනම පාලන කලාපයක් තිබුනා.
මරාගෙන මැරෙන ප්‍රහාර කලාව සොයාගත්තේ එම සංවිධානය.
ඔවුන් ඒ සදහා කාන්තාවන් සහ දරැවන්න් පවා යොදාගත්තා.
කොටි සංවිධානය සහ දෙමළ ජනතාව අතර බැදීම කඩා දැමීමට රාජපක්ෂ රජය සංවිධානාත්මක ප්‍රචාරක යාන්ත්‍රණයක් දියත් කලා.
ලංකාව තියෙන්නේ උපක්‍රමිකව සුවිශේෂී ස්ථානයක.ඒ වටිනාකම් පාවිච්චි කර ලංකාව බටහිර බලයට එරහිව චීන බලය ලබාගත්තා.
මහින්ද රජය යුද්ධය අවසන් වන තෙක් උතුරැ නැගෙන හිරට මානව හිමිකම් සංවිධාන වලට එන්න දුන්නේ නැහැ.ජාත්‍යන්තර මාධ්‍ය වලට යුධ පෙරමුනට යන්න දුන්නේ නැහැ.ඔවුන් සියල්ල සංවිධානාත්මකව පාලනය කලා.
ඒ සියල්ල කර ඔවුන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා
ඇමරිකාව.චෝදනා කරනවා යුද්ධය අවසාන සමයේ උතුරේ 40000 සහ 70000 අතර ගාතන සිදු වූ බවට.නමුත් සාක්ෂි නැහැ.ලක් රජය ඒ සියල්ල සූක්ෂමව කලමණාකරණය කලා”
මෝෂේ එලාද් කියනවා රැසියාව , චීලී රාජ්‍ය සහ ජර්මනිය විසින් ත්‍රස්තවාදී සංවිධාන පරාජය කල අවස්ථා වාර්ථා වන නමුත් ලංකාව තමයි වීස්තීරණ සටනක් සහමුලින් අවසන් කලේ ඒ නිසා ලක් රජය කල යුද්ධයේ තීක්ෂණ බව අපි උකහා ගත යුතු බව.
ලෝකයම ඊශ්‍රායලයේ යුධ හැකියාව වර්ණනා කරද්දී ඊශ්‍රායලයේ යුධ උපදේශක වරැ මහින්ද කල යුද්ධය වර්ණනා කරනවා සහ එය මොඩ්ල් එකක් විදියට අධ්‍යනය කරනවා.
උ.ගැ. මනෝජ් විජේසේකර
———–
ප.ලි.
මහින්ද ලංකාවේ ජනාධිපති වෙනකොට රටේ තිබ්බෙ සාම ගිවිසුමක්. ඒ ගිවිසුම සහ සටන් විරාමට නිරීක්ෂණය කරන්න නෝර්වේ ප්‍රමුඛ ජාත්‍යන්තර නිරීක්ෂණ කන්ඩායමක් ලංකාවේ හිටිය. ඒගොල්ල සම්පූර්ණයෙන් ගත්තෙ කොටින්ගෙ පැත්ත. කොටි මොනව කලත් ඒ කාලෙ ඒගොල්ල දියාරු විදිහට ඒ ගැන කතා කලාට ලංකාවේ නිළ යුධ හමුදාවන්ට සුළු හෝ අතපසුවීමක් උනොත් මහ සද්දයක් දැම්ම..
මොකද ඒ අයට එදා ඕන උනේ ලංකාවේ හමුදා ලව්ව සටන් විරාමය කඩල ඒක භාවිත කරල කොටින්ට දීල තිබ්බ තාවකාලික වෙනම පාලනය ස්ථීර රාජ්‍යයක් කරන්න. මහින්ද අන්න ඒකයි ඔහුගෙ ජනාධිපතිවරණ කැම්පේන් එකේ කියන්නෙ යුද්ධය මගේ ක්‍රමය නෙවෙයි කියල සහ ඔහු බලයට ආ විගස නැවත කොටි එක්ක සාම සාකච්ඡා තියන්නෙ..හැබැයි කොටි මේව උපක්‍රමශීලීව අවුල් කරල උත්සාහ කරන්නෙ අපිව ගිවිසුම කඩන්න පොළඹවන්න..එදා ජවිපෙ නායකත්වය සෝමවංශ , නන්දන ගුණතිලක සහ විමල් වීරවංශ. මේ අය යුද්ධය යුද්දෙන් ඉවර කරන්න ඕන කියල චම්පික, ගම්මන්පිල , රතන වගේ අයත් එක්ක ලොකු හඬක් ගෙනිච්ච සහ ආන්ඩුවට බලපෑම් කලා..ඒ අතර කොටි සරත් ෆොන්සේකට යු.හ.මූලස්ථානය ඇතුලට ඇවිත් බෝම්බ ගැහුව..ගෝඨට පිත්තල හන්දියෙ ගැහුව..කැබිතිගොල්ලෑව සහ තවත් බෝම්බ ගාණක් තිබ්බ..ඒත් ආන්ඩුව කොටින්ට විරුද්ධව ප්‍රහාර එල්ල කරේ නෑ, සටන් විරාමය කැඩුව කියල චෝදනා ඇවිත් උන්ට රට දෙකට කඩන්න අවස්ථාව ලැබෙන නිසා..එහෙම ඉද්දි තමයි මාවිල් ආරු සොරොව්ව වහන්නෙ..ජාත්‍යන්තර යුද්ධ නීති අනුව ජල සැපයුම් වහන්න තහනම්..මෙන්න මේක ඉස්සරහට දාල කරන මෙහෙයුමට කොටි ප්‍රති ප්‍රහාර දුන්නම මහින්දට ලැබෙනව අවස්ථාව ආපහු දිගටම ගහන්න..ඔහු ඒක ඉතාම ලස්සනට කළමනාකරණය කරනව..
ඒ වගෙම ඒ කාලෙ වෙනකොට හමුදා වලට කොල්ලො යන්නෙ නෑ.. ඒක නිසා අපි වෙනුවෙන් අපි කියන ප්‍රචාරක වැඩසටහන ගෙනල්ල කොල්ලො උත්තේජනය කරනව
මේ කතා බොහොමයක් අද ඉන්න නව පරපුරේ දරුවෝ දන්බේ නෑ ඒ මහින්දගේ වැරදි ඒවා දැනුවත් නොකරපු එක හ අදෛන්න ගොඩක් පපඩම් වීරයෝ එදා හිටියේ ඇදංයට
පාරක යන්න බෑ මරගෙන මැරෙන බෝම්බ ව්කරුවන් වරායට නැව් එන්නේ නෑ රක්ශන අදිබාරයන් පනවලා සංචාරක ව්‍යාපාරය බින්දුවට වැටිලා රටේ ආර්තිකය රින වෙලා රට ඇත්තටම බංකොලොත් උනේ ඒ අවදියේ
2 Viewers





