ශ්‍රී ලංකාව තුල නිරාගමික රාජ්‍යයක්.
ත්‍රිකුණාමල ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ස්ථාපිත බුදුපිලිම වහන්සේ ත්‍රිකුණාමල ජේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය පුවත දැන් නොදන්න කෙනෙක් නෑ.ඊට එරෙහිව සිංහල බෞද්ධ සමාජයේ මතුවුනු විරෝධයත් එක්ක තුට්ටු දෙකට වැටුන පොලීසියට ආපහු බුදුපිලිමය එතනටම වැඩම කරවන්න සිද්ධවුනා.
ඒ වැඩෙන් පස්සේ පොලිස් ඇමති ආනන්ද විජේපාල සහ ජනාධිපති අනුර කුමාථ තමන්ගේ තුට්ටු දෙක බේරාගන්න ගිහින් එයාලා තිබුණ තුට්ටුවත් නැති කරගත්තා.රටේ රාළ ඉතාමත්ම පැහැදිලිව කිව්වේ ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න ජාතිවාදය සහ ආගම්වාදය පාවිච්චි කරන්න හදනවා කියලයි. ආණ්ඩුව ඒක කරන්නේ බෙදුම්වාදී සන්ධර්භයයක් ඇතුලේ ඉඳන්. ඒකෙන් කොටි චයස්පෝරාවේ වැඩෙත් කෙරෙනවා.ජනතා මර්ධනයකට ආණ්ඩුවට අවශ්‍ය පාරත් කැපෙනවා.
මේ සිද්ධියෙන් පස්සේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා කීපයක සභාපතිවරුන්ගේ අවබෝධයෙන් පුරාවස්තු ස්මාරක පවතින බවට යොදලා තිබුණු නාමපුවරු මහ දවල් ප්‍රසිද්ධියේ ගලාවලා කුණු ට්රැක්ටර්වල දාගෙන අරන් යන හැටිත් අපි දැක්කා.ඒක ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති සුනිල් සෙනවිත් පිලිගත්තා.මහජන ආරක්ෂාක ඇමති ආනන්ද විජේපාල කිව්වේ සැකකරුවන් හදුනාගෙන තියනවා කියලයි.හැබැයි එයාලට එරෙහිව ගත්තේ ඉතා දුර්වල නීතිමය ක්‍රියාමාර්ගයක්.ඒකත් හරියට පුවක් දණ්ඩාවේ සනාට නීතිය ක්‍රියාත්මක උන විදිහේ වැඩක්.
ඊට අමතරව විශේෂ සිද්ධියක් විදිහට දැනට බ්‍රිතාන්‍ය සංචාරයක යෙදලා ඉන්න ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගිවීමට ගිය ජනහමුවක් අතර මඟදී කොටි හිතවාදින් කියාගන්නා පිරිසක් ටිල්වින්ගේ ගමනට බාධා කළා.කතාවට එන්න ඉස්සෙල්ලා ටිල්වින්ට කියන්න කතාවක් රටේ රාළට තියනවා.ටිල්වින් පහුගිය දවස්වල හතුරෝ හොය හොයා හිටියා.
ඔන්න ටිල්වින්ට හතුරෝ හම්බවෙලා.හතුරන්නට සමාව දෙන්නේ නෑ කියලනේ ටිල්වින් කිව්වේ.ප්‍රශ්න තියෙන්නේ ටිල්වින්ලා හොයන්නේ මව්බිමේ හතුරෝ නෙවෙයි.ටිල්වින් හොයන්නේ ජවිපෙ හතුරෝ.මවිබිමේ හතුරෝ දැක්කම බය බිරාන්ත වෙලා වාහන ඇතුලේ ගුලිවෙන ටිල්වින්ලා මෙහේදී ජවිපෙ දේශපාලන හතුරන්නට දාන සද්ද කොහොමද?මවිබිමේ හතුරෙක් නොව් ජවිපෙ දේශපාලන හතුරෙක් වීමත් ආඩම්බරයක් විදිහටයි රටේ රාළ නං සලකන්නේ.අපේ මව්බිමත් එක්ක සන්සන්දනය කරද්දී ජවිපෙ අපට තුට්ටු දෙකකටවත් වටින්නේ නෑ.මව්බිම වෙනුවෙන් පෙනී හිටලා ක්ෂණික අත්වෙන මරණය සතුටින් වැළඳගන්න රටේ රාළ ඕනි වෙලාවක ලෑස්තියි.
මේ සිද්ධීන් තුන ආගමික සහ ජාතිවාදී හැඩයෙන් මතු කරන්න හැදුවත් මේවා සියල්ල ක්‍රියාත්මක වෙන්නේ බෙදුම්වාදී සන්දර්භයක් ඇතුලේ.
උදාහරණයක් විදිහට ත්‍රිකුණාමල සිද්ධිය ගත්තොත්.එතන පන්සලේ බුදු පිලිමයක් තැන්පත් කිරීම නීති විරෝධී වැඩක් නෙවෙයි.එතන ගැටුන පාර්ශව දෙකම බෞද්ධයෝ.පන්සලේ හිටපු ස්වාමින් වහන්සේලා එක්ක හිටියේ සිංහල බෞද්ධයෝ.බුදු පිලිමය පැහැරගෙන යන්න ආපු පොලීසියේ හිටියෙත් සිංහල බෞද්ධයෝ.එහෙනං එතන ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමක් නෑ.රටේ රාළ එස්එස්පී චන්ද්‍රපාල දකින්නේ අනීති විධාන ක්‍රියාත්මක කරන්න එකඟවුන කොන්ද පණ නැති නිලධාරියෙක් විදිහටයි.
හැබැයි චන්ද්‍රපාල සිංහල විරෝධියෙක්වත්,බෞද්ධ විරෝධියෙක්වත් කියලා රටේ රාළ කියන්නේ නෑ.එතකොට ත්‍රිකුණාමල සිද්ධිය ජාතිවාදී එකක් කරන්න හැදුවේ කවුද?පැහැදිලිවම ආනන්ද විජේපාල සහ ජනාධිපති අනුර දිසානායක. එහෙම නං ඊළඟට එන ප්රශ්නය අනුර සහ ගෝලයා ජාතිවාදීන්ද නැත්තම් ආගම්වාදීන්ද කියන එකයි.ඔයාලගේ උත්තරය නෑ කියන එක වෙන්න ඕනි.හැබැයි රටේ රාළට මෙතනදී සාධාරණ සැකයන් කීපයක් තියනවා.ඒකක් අනුර බෙදුම්වාදීන් එක්ක ලොකු සංහිදියාවක ඉන්නවා.
අනුර ජනාධිපති වෙන්නත් කලින් කොටි ඩයස්පෝරාව එක්ක සමීප සම්බන්ධයක් පැවැත්වුවා.ඒ වගේම සෝමවංශගේ ජවිපෙ, දේශපාලන මණ්ඩල ඇතුලේ ජාත්‍යන්තර ඔත්තුකරුවන් දෙදෙනෙක් හිටියා කියලා රටේ රාළ තවමත් විශ්වාස කරනවා.ඒ අනුර කුමාර සහ ප්‍රේම කුමාර ගුණරත්නම්.ඒවා ඔප්පු කරන්න රටේ රාළට ඇසින් දුටු සාක්ෂි නෑ.හැබැයි රටේ රාළට ඒ චෝදනා ඔප්පු කරන්න තර්කානුකූල පදනමක් තියනවා.රටේ රාළ විශ්වාස කරනවා ජවිපෙ වගේ පක්ෂයක් ඇතුලේ සිටියදීත් ඒ වගේ තැනකට තල්ලුවෙන්න එයාලගේ මොකක් හරි Week Point එකක් තියනවා කියලා.
මෙතනදී තමයි රටේ රාළට එයාලගේ සම්භවය සම්බන්ධ ප්රශ්නය එන්නේ.ප්‍රේම කුමාර ගුණරත්නම් අත්අඩංගුවේ ඉන්දැද්දී එයාගේ භාවිතාව සම්බන්ධව කතාව A to Z රටේ රාළ දන්නවා.අනුර දේශපාලන වශයෙන් පීලි පනින්න අනුරගේ සම්භවය බලපාපු බව අනුරගේ හැසිරීමෙන් පේනවා.අනුර බෞද්ධයෙක් කියලා කියන එක රටේ රාළ විශ්වාස කරන්නේ නෑ.රටේ රාළ විශ්වාස කරන්නේ අනුර නිරාගමිකයෙක් කියලයි.අනුර සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුලේ හැදුන කෙනෙක් නෙවෙයි.අනුර පන්සලකට ගියත් ඒ සංස්කෘතියට ආගන්තුක කෙනෙක් බව අනුර දිහා හොඳට බලා හිටියොත් තේරෙනවා.
අනුර විතරක් නෙවෙයි ජවිපෙ නායකයන් බොහොමයක් එහෙමයි.එයාලා මොනම ආගමික සංස්කෘතිකින්වත් හික්මුණ පිරිසක් නෙවෙයි.එයාලා අසංස්කෘතිකයි,සංකරයි,එයාලට මේ මහ පොලොවත් එක්ක බැදුණු ඓයිතිහාසික උරුමයක් හෝ සම්බන්ධයක් නෑ.ඒක නිසා එයාලා මතවාදය බෙදුම්වාදයට බරයි. බෙදුම්වාදයට බර නිසා තමයි විජේවීර කොටි සංවිධානය සම්බන්ධව දරපු ස්ථාවරය අනුර වෙනස් කළේ.විජේවීරගේ අවසාන විග්රහයට අනුව කොටි කියන්නේ විමුක්ති සංවිධානයක් නෙවෙයි.කොටි කියන්නේ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයක්.
කොටි විමුක්ති සංවිධානයක් කිව්වේ ලයනල් බෝපගේ.ඒ මතය දැරීම නිසාම ලයනල් බෝපගේ ජවිපෙන් නෙරපලා දැම්මා.අද අනුරලා දරන්නේ ලයනල් බෝපගේගේ මතය.
ඒකයි ජවිපෙ පහුගිය පාලත් පාලන මැතිවරණයේදී ප්රභාකරන් වීරයෙක් කළේ.එයාගේ ප්‍රතිමා හදන්න මාලිමාව උතුරේ ගිහින් පොරොන්දු වුනේ.ඒ පාවාදීම කරන්න ජවිපෙ ඇත්ත සාමාජිකයෙකුට කවදාවත් බෑ.අනුරලා විජේවීර ඝාතන කරපු තෝරදෙනියලා එක්ක ලගිනවා වගේම විජේවීරගේ බෙදුම්වාදයට එරෙහි මතවාද මරලා දාන්න හදපු බෝපගේලා එක්කත් එකට ලගිනවා.අනුර එතෙන්ට තල්ලු වෙන්නේ අනුර අපේ රටේ ඓයිතිහාසික උරුමයේ කොටස්කාරයෙක් නොවෙන හින්දයි. අනුරගේ මතය සිංහල බෞද්ධ විරෝධී නිසයි.අනුරගේ මනස බෙදුම්වාදී නිසයි.
ඒකට අනුරගේ සම්භවය තදින් බලපෑම් කරන බව රටේ රාළ විශ්වාස කරනවා.තමන්ගේ සම්භවය හංගගෙන ඉන්න අනුරලා, ආනන්ද විජේපාලලා ගැන විශ්වාස කරන්න අමාරුයි.අනික අනුරගේ සහ මාලිමාවේ මැතිවරණ ව්‍යාපාරයට මේ සා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කළේ කවුද?බොහොම පැහැදිලිව අර්චුනා කියනවා දෙමල ඩයස්පෝරාවට අනුරට සල්ලි වියදම් කළා කියලා.ඒක නිසා අනුර වැඩි පුර සමීප සමාජවාදයටවත්,ජාතිකවාදයටවත් නෙවෙයි බෙදුම්වාදයට.
ඒකයි අනුරට පේන්නේ ත්‍රිකුණාමල බුදුපිලිම සිද්ධී ජාතිවාදී, ආගම්වාදී කියලා.අනුරගේ බෙදුම්වාදී කෝවට ඒ ප්රශ්නය දැම්මම උත්තරය එන්නේ එහෙමයි.නිකං හිතන්නකෝ ඒ විදිහටම නෙවෙයිද පෙරටුගාමීන් මේ ප්රශ්නය දිහා බලන්නේ.ටිල්වින් පස්සේ දෙමල බෙදුම්වාදීන් පන්නගෙන ආවට පස්සේ බෙදුම්වාදය එරෙහිව ටිල්වින් එක වචනයක් කිව්වේ නෑ.
ඒක හෙලා දකිමින් නිවේදනයක් ගහන්න ජවිපෙට කොන්දක් නෑ.රටේ රාළ හිතන්නේ කොට් ඩයස්පෝරාව ආණ්ඩුව තමන්ගේ ඉලක්ක ඇතුලේ තියාගන්න ආණ්ඩුවට පීඩනයක් දෙනවා.ඒ පීඩනය මේ වෙලාවේ ආණ්ඩුවටත් හොඳයි.ආණ්ඩුව කොටි විරෝධී කියලා සිංහල සමාජයට පෙන්නන්න ඒක හොඳ අවස්ථාවක්. ජවිපෙ ඩෝබිලා ඒ විෂූවල් එකෙන් සෑහෙන වැඩක් ගන්නවා.
ඒ වගේම මඩකලපුව සිද්ධියට අදාලවත් නීතිය ක්‍රියාත්මක වීම ඉතාමත් මන්දගාමි.ඒකට හේතුව වෙන මොකවත් නෙවෙයි අනූරලාගේ දර්ශනය බොදුම්වාදී හින්දයි.අනුර සහ මාලිමාව රටට හංගන සැඟවුන න්‍යාය පත්‍රයක් තියනවා.ඒ තමයි බෙදුම්වාදය. එයාලගේ පලවෙනි පියවර මේ රටේ මහ සංස්කෘතික විනාශ කිරීම.දෙවෙනි පිරවර මේ රට නිරාගමික රාජ්‍යයක් කිරිම.එතනට ගියාට පස්සේ ඉතිරි ටික එච්චර අමාරු නෑ.අවාසනාව අපේ රටේ කිසිම ආගමික සංස්ථාවකට මේක පේන්නේ නැති එකයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
3 Viewers





