කවුද මේ මිලින්ද මොරගොඩ පින්ටෝ ?

 මොනවද මේ කරන්නේ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම ලාංකික අධිපතිවරයා(1953-1954) වූ එන් යූ ජයවර්ධන මහතා හට පුතනුවන් දෙදෙනෙකු සහ එක් දියණියක්ද විය(1954 වසරේදී ඔහුගේ සේවය එවකට රජය විසින් අත් හිටවනු ලැබ්වේය.සම්පත් බැංකුව ඇතුළු මුල්‍යය ආයාතන ගනනක නිර්මාතෘ ඔහු විය ). දියණිය යශෝධා නීලියා ජයවර්ධන නම් වූ අතර ඇය මොරගොඩගේ ක්‍රිස්ටෝපර් වෝල්ටර් පින්ටෝ නම් රාජ්‍යය තාන්ත්‍රික නිළධාරියෙකු හා විවාහ වන අතර එම දෙපලට 1964 ජූනි 4 වෙනිදා ලැබුනු දරුවා අශෝක මිලින්ද මොරගොඩ පින්ටෝ නම් වුවද ඔහු භාවිතා කරන නම වන්නේ අශෝක මිලින්ද මොරගොඩ යන්නයි . කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු ස්විට්සර්ලන්තයේ ලොව්සාන් නගරයේ ඇති කළමණාකරණය සහ සංවර්ධනය පිළිබඳව වූ ජාත්‍යන්තර ආයාතනයෙන් උසස් පරිපාලන උපාධිය හිමිකර ගත්තෙකි. ඔහු 1994 සිට 1995 දක්වා හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ වදර්හෙඩ් මධ්‍යස්ථානයේ විද්වද් පර්ශද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. එකසත් ජාතික පක්ෂයෙන් දේශපාලන අත්පොත් තැබීමට පෙර ඔහු මර්කන්ටයිල් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ් ආයාතනයේ ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

අමෙරිකාවට හිතැති ලෙස හදා වඩා ගැනීම

මර්කන්ටයිල් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ් ආයාතනයේ සේවය කරන කාලය තුළදීම ඔහු බ්‍රසීල රජයේ කොන්සල්වරයා ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ඔහු හට බ්‍රසීල රජයෙන් පිරිනැමෙන ගෞරවණීය නම්බුනාමයක් වන “ඕඩර් ඔෆ් රියෝ බ්‍රැන්කෝ” යන නම්බු නාමයද පිරිනැමුණි. 1999දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පදනම් කරගත් “ලෝක ආර්ථික සම්මේලනය” විසින් ඔහුව “හෙට දවසේ ලෝක නායකයෙකු” ලෙස හඳුන්වා දුන් අතර එය වසර 2000 සිට වසර 2005 දක්වාම සමුළුව විසින් වෙනස් නොකළේය.එපමණක් නොව “ලෝක ආර්ථික සම්මේලනය” විසින් නිර්මාණය කරනු ලැබූ “ලෝක තරුණ නායකයෝ” නම් කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පත් කළේය.

අමෙරිකාවේ 1997 සිට 2001 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බිල් ක්ලින්ටන් මහතාගේ ආන්ඩුවේ රාජ්‍යය ලේකම්වරිය වූ මැඩ්ලින් ජානා කෝබෙල් ඕල්බ්‍රයිට් මහත්මිය සම සභාපතිත්වය දැරූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මකවූ දුප්පතුන් නීතිමය බලගැන්වීමේ කොමිසමේ මිලින්ද මොරගොඩ පින්ටෝ මහතා සාමාජිකත්වය දැරුවේය.

ලැබුනු පළමු අවස්ථාවේම ආර්ථික ඝාතන කිරීම

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන අත්පොත තබන්නට පෙර ඔහුගේ දේශපාලන පෞරෂය ලෝක පරිමානයෙන් ගොඩනැංවීමට අවස්ථාව සලසා ගත් ඔහු එහි ඇති වටිනාකම් භාවිතා කර 2000 වර්ෂයේ පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඇතුල් විය. 2002-2004 කාලය තුළ දෙමළ කොටි ත්‍රස්තවාදීන් සමඟ පැවැති සාකච්ඡා වලදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගි වූයේය.

2005 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ අතර ඔහු නියෝජනය කළ ආන්ඩු සමයේදී ඔහුගේ අමාත්‍යාංශය මගින් සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ COPE කමිටුව හමුවට කැඳවීය. ඔහුට තිබුණු චෝදනා අතර බරපතලම චෝදනාව වූයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමතිවරයාව සිටිමින් ඔහු විසින් ගොඩනැගූ මර්කන්ටයිල් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ් ආයාතනයේ උප ආයාතනයක් වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ලිමිටඩ් ආයතනයේ රුපියල් බිලියන 4.7ක ණය ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ගෙවීම පැහැර හැරීමේ චෝදනාවයි. අනෙක් චෝදනාව වූ යේ ලංකා ඛනිජ තෙල් සමාගමේ උප ආයාතනයක් වූ ලංකා මැරයින් සර්විස් ආයාතනය සතු අක්කර 8.5ක කොළඹ වරාය තුළ පිහිටි ඉඩමක් ජෝන් කීල්ස් ආයතනයට විකිනීමෙන් රජයට රුපියල් බිලියන 1.7ක මුදලක් පාඩු කිරීමයි. ඔහුට ඉදිරිපත් වූ අනෙක් චෝදනාව වූයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරනය කිරීමේදී රජයට රුපියල් බිලියන 3ක පාඩුවක් සිදු කිරීමයි. මෙම චෝදනා COPE කමිටුව මගින් විභාග කිරීමට සූදානම් වන විට මිලින්ද මොරගොඩ පින්ටෝ මහතා පොදු ජන එක්සත් පෙරමුණ ආන්ඩුවට මාරු විය.

අමෙරිකානු රජය මිලින්ද මොරගොඩ පින්ටෝ කෙරෙහි ඇති විශ්වාසය

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති කාර්යාලයේ 2003 වර්ෂයේදී අමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ඈෂ්ලි විල්ස් මහතා යැවූ කේබල් පණිවිඩයක් විකිලීක්ස් වෙබ් අඩවිය නිරාවරණය කර තිබුනි . එහි දක්වා තිබුනේ ” මිලින්ද මොරගොඩ සෘජුව අවධාරණය යොමු කරන්නේ ඇමරිකාව සහ ඉන්දියාව සමඟ සබඳතා වර්ධනය කිරීමටය. ඉතා හොඳින් සන්නිවේදනය කරන බුද්ධිමත් පුද්ගලයෙකු වන ඔහු එම කාර්යට කදිමව ගැලපේ. ඇමරිකානු පුරවැසියකු වන ඔහු වොෂින්ටනයේ ඉපදී ඇති ඇමරිකානු කාන්තාවක් විවාහකොට ගෙන සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකි. ඔහු ” හෙරිටේජ් ෆවුන්ඩේෂන් ” නම් වූ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ කටයුතු කරන කාලයේ සිට ඇමරිකාව සමඟ ඉතා හොඳ සබඳතා පවත්වා ගත්තෙකි. ඔහු ඇමරිකාවේ බලවත්කම හොඳින් තේරුම් ගෙන සිටින සහ ශ්‍රී ලංකාව ඊට යටත්ව කටයුතු කළ යුතු යැයි සිතන අයෙකි. ” ලෙසයි.

ඒ අනුව අමෙරිකාව මිලින්ද මොරගොඩ පින්ටෝ මහතාව ඉතා හොඳින් හදා වඩා ගත්තෙකු බව මොනවට තහවුරු වේ. අමෙරිකාව අනුගමණය කළ දේශපාලන ආර්ථික ක්‍රමවේදය ඇස් ඉදිරිපිට කඩා වැටෙමින් පවතිද්දී අමෙරිකානු අසාර්ථක ආර්ථික ක්‍රමවේදය අත්හරින්නට ශ්‍රී ලංකා ජනයා පොර බදද්දී මෙම මිලින්ද මොරගොඩ පින්ටෝ වැනි අයවළුන්ගේ ආර්ථික (ඝාතන ) යෝජනා මාලාවක් එන්නේ කුමටදැයි ගැඹුරින් වටහා ගත යුතුය.



131 Viewers