• Home »
  • Sinhala News »
  • කළු කොටි සැමරූ එරාවුර් 4 දෙනෙක් අත්අඩංගුවට

කළු කොටි සැමරූ එරාවුර් 4 දෙනෙක් අත්අඩංගුවට

අධිකරණ නියෝග නොතකමින් අන්තර්ජාලය ඔස්සේ කළු කොටි මහවිරු සැමරුම් උත්සවය සමරමින් තොරතුරු හුවමාරු කළ එරාවුර් චෙන්කලඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනකු පොලිසිය මගින් ඊයේ (27 දා* අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිව්දෙනා අධිකරණය ලබා දී තිබූ නියෝග කඩ කරමින් එල්.ටී.ටී.ඊ. නායකයාව සිටි වේළුපිල්ලේ ප‍්‍රභාකරන් වීරයකු ලෙස ඉස්මතු වන ආකාරයට ෆේස්බුක් සහ විවිධ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ විවිධ ප‍්‍රචාරයන් කර තිබූ බව පොලිසිය පවසයි.

මෙම ප‍්‍රචාරයන් හරහා ජාතීන් අතර අසමගිය ඇතිවීම, ජාතීන් අතර ද්වේශය ඇතිකිරීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහවිරු සැමරුම් උත්සවය වහාම නතර කරන ලෙස යාපනය කිළිනොච්චිය, මුලතිව්, චාවාකච්චේරිය ඇතුළු අධිකරණ කීපයක් විසින් තහනම් නියෝග පනවා තිබිණි.

මෙම අධිකරණ මගින් එම නියෝග ලබා දී තිබුණේ කළු කොටි සැමරුම් උත්සව පැවැත්වීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවට ලැබී තිබූ තොරතුරු අනුව පොලිසිය කළ ඉල්ලීමකට අනුවය.

 



41 Viewers