• Home »
  • Sinhala News »
  • රණ විරුවන්ගේ නිර්දෝෂීභාවය ලෝකයට කිව යුතුයි – මුුුසාමිල්

රණ විරුවන්ගේ නිර්දෝෂීභාවය ලෝකයට කිව යුතුයි – මුුුසාමිල්

වීරෝදාර රණවිරුවන්රු වන්ට එරෙහිව එල්ල වී ඇති LTTE and NGO යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ගෞරවය ආරක්ෂා කළ යතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී  මොහොමඩ් මුසමිල් මහතා පවසයි.

විදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක් වෙමින් ඔහු සඳහන් කළේ 2014 දී මහින්ද රාජපක්ෂ  ආණ්ඩුව මැක්ස්වෙල් පරණගම කොමිසම හරහා ආරම්භ කළ එම පිළිතරු බැදීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ පරාජයෙන් පසුව යහපාලන ආණ්ඩුව  එය කුණු බක්කියට දමා ඇති බවයි.

ඉන් පසු  ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය- විිධායක සභාව (GSLF) විසින් එය අතට ගත් බවත් ඔවුන් විසින් සකස් කළ රණවිරවන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කරන විත්තිවාචක ලියවිල්ල වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන යා යුත බවද ඔහු සඳහන් කළේය. එම ලියවිල්ල ඔහු විසින් සභා ගත කළේය.



72 Viewers