කාවන්තිස්ස හා සිංහල බුද්ධාගම
කාවන්තිස්ස ඇත් රජුත් සිංහල බෞද්ධාගමත් දැන් සමානයි. *කාවන්තිස්ස මැරුණා. සිංහල බුද්ධාගම මැරෙන්න නොදී අල්ලන් ඉන්නව* කාවන්තිස්සට හෙනේට හිටියේ කාවන්තිස්ස කියන නමද කියලත් හිතෙනව. මොකද ඒ නමටත් අකමැති අය ඉන්න නිසා. කාවන්තිස්ස නොකියා දැන් තියෙන රොඩී නමක් ( ඔය ෆ්බ් එකේ දෙපාරක් උඩ පහළ ගියානම් එහෙම රොඩි නම් කෑලි ඕන තරම්.) තිබ්බා නම් කාවන්තිස්සට හැමෝගෙම හොඳ අනුග්රහයක් ලැබෙන්න තිබ්බා.
*කාවන්තිස්ස තමයි ලංකාවේ හිටපු උසම තේජවන්තම අලියා*. ඒ විතරක් නෙමේ එයා ගාව තිබ්බේ බෝසත් කුලයේ ගතිගුණ. ඒ වගේමයි නැදුන්. නැදුන් දළඳා වහන්සේ වඩම්මවන්නෙ මහා තේජසකින්.
*බොරු රැල්ලට බල්ලො අතඟගා දඟලන නෝනලා පෙරහැරට ගහන්නේ සත්ව හිංසාව කියල හිතිල නෙමේ* අර තේජසට බය නිසා. ඇත්තටම නැඳුන් කියන්න්නෙත් *කාවන්තිස්ස කියන්නෙත් මේ මහා සංස්කෘතියේ අංග ලක්ෂණ*.
ඉතිං බල්ලන්ගෙන් සැනසෙන මහා පෞරුෂයක් ගොඩ නගා ගන්න බැරි නෝනල මහත්තයලා මන් දැක්කා නිදහසේ පාගමනට වඩා ආලෝකා පිදුම් ලැබුවා කියල දාල තියෙනව. ඒක ඒ අයගේ මානසිකත්වය. *අපිට සටන් කරන්න වෙලා තිබ්බෙ පරංගි එක්කම නෙමේ*
*පරංගින්ට ජාතක වෙලා අපි අතරෙම ඉන්න මේ මහා සංස්කෘතියට ගරහන වෛර කරන අයත් එක්ක.* ඒක මහා අමාරු දෙයක්.
ඒ අතින් බැලුවම කාවන්තිස්සයි සිංහල බෞද්ධ අනන්යතාවයි කියන දෙකම එකම බෝට්ටුවේ.
*කාවන්තිස්ස නිකන් පාරෙ ගිය බලු පැටියෙක් වුණානම් ජූලීචෑන් පවා කාවන්තිස්ස වෙනුවෙන් ඉන්නව* කාවන්තිස්සට නිරපරාදේ මැරිල යන්න වෙච්ච සාධක ටිකම තමයි සිංහල බෞද්ධයාව විනාස කරන්නත් ඉදිරිපත් වෙලා තියෙන්නෙ.
කවදා හෝ නිවනින්ම සැනසේවා
චම්පා වෛද්යතිලක
4 Viewers





