කිලිනොච්චි සරසවි විහාරයේ බුද්ධ ප‍්‍රතිමා 02 කට එල්ල වූ ප‍්‍රහාරය ගැන පරීක්ෂණ
මෙම විහාරස්ථානය ඉදිකරන්නේ ද යාපනය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ දායකත්වයෙන්.
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ කිලිනොච්චිය පොලීසිය දැනුවත් කිරීමට ද සිසුන් දැනටමත් කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා බවත්, බුද්ධ ප‍්‍රතිමාවලට සිදුවූ හානි තක්සේරු කර සාධාරණයක් ඉටුකරන බවට ද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පොරොන්දු වූ බවයි සිසුන් පැවසුවේ.
යාපනය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කිලිනොච්චි පොලීසියට ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවයි. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් ද විමසීමක් කළා.
යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරක කඩා ඉවත් කිරීම මුල්කර ගනිමින් ඉකුත් දා උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.
61 Viewers





