ප්‍රංශයේ දෙමළ වෛද්‍ය සිසුවියන් දෙදෙනෙක්ව මරා දමලා.
ප්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී දින පහක් ඇතුළත යාපනයේ ශිෂ්‍යාවන් දෙදෙනකුම ප්‍රේම සම්බන්ධතා මත ශ්‍රී ලංකාවේ දෙමළ තරුණයන් දෙදෙනකු අතින් ඝාතනයට ලක්ව තිබෙනවා.
යාපනයේ, අලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි එස්. කාර්තිකා නමැති 20 හැවිරිදි තරුණිය ඇගේ ශ්‍රී ලාංකික දෙමළ ජාතික පෙම්වතා අතින් පිහි ඇනුම්කා මරුමුවට පත්ව ඇත්තේ පසුගිය 13 වැනිදායි.
යාපනයේ, මන්ඩුවිල් ප්‍රදේශයෙන් ප්‍රංශයට ගිය දහනව හැවිරිදි ස්නේහා චන්ද්‍රරාසා නමැති තරුණිය ඇගේ පෙම්වතා විසින් ගෙල සිරකොට පසුගිය 8 වැනිදා මරාදමා තිබෙනවා.
මේ සැකකරුවන් දෙදෙනාම මෙතෙක් පොලිස් අත්අඩංගුවට පත්වී නොමැති බව ප්‍රංශයේ සිටින මියගිය තරුණියන් දෙදෙනාගේ ඥාතීන් උතුරේ ජනමාධ්‍යවලට ප්‍රකාශ කොට තිබුණා.
ප්‍රංශ ප්‍රාන්ත පොලිසියක් එම තරුණයන් දෙදෙනාගේ ඡායාරූප පෙම්වතියන් ළඟ තිබී සොයා ගෙන ඇති අතර, ඒ ඔස්සේ හා සී.සී.ටී.වී. කැමරාවල ආධාරයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
242 Viewers





