කුකුලා පහන

අතීතයේ පටන් වර්තමානයේ මේ දක්වාම සම්ප්‍රදාය අනුව සියලුම උත්සව සඳහා සිංහල බෞද්ධ ජනතාව කුකුළා සහිත පිත්තල පහනක් භාවිත කළේය. මෙම පහන අඩි 6ක් හෝ 7ක් පමණ උස පිත්තල පහනක් විය යුතු බවද පැවැසේ. එදා පටන්ම අංගසම්පූර්ණ කුකුළා සහිත පිත්තල පහන වූයේ කුකුළාගේ කරමලය උඩින් සහ යටින් පිහිටා තිබුණොත් පමණි. ඇතැම් පිත්තල කුකුළා සහිත පහන්වල පිත්තුල කුකුළාගේ යටි කරමලය නිර්මාණය කර නැත. ඔබ සතුව ඇති පිත්තල පහනේ සිටින කුකුළාගේ එක් කරමලයක අඩුව ඇති විට එම පහන පැත්තකට අයින් නොකර අඩුව ඇති කරමලය පිත්තල කෑල්ලකින් පෑස්සුම් කරගෙන එය නිවැරැදිව සකස් කර ගන්න. කුකුළා සහිත පිත්තල පහන නිවෙසක තිබිය යුතු ස්ථානයක්ද
නියමිත දිශාවක්ද ඇති බව පොතපතේ සඳහන් වේ. ඒ අනුව කුකුළා සහිත පිත්තල පහන තිබිය යුතු වන්නේ නිවෙසේ සාලයේ නැඟෙනහිර දිශාවටය. උදෑසන හිරු උදාවත් සමඟ කුකුළා නැඟෙනහිර දිශාව බලා හඬලනු ඇත. ඇතැම් අය පවසන්නේ, අලුයම 3ත් 4ත් අතර කාලයේ කුකුළා හඬලන්නේද නැඟෙනහිර දිශාව බලාගෙන බවය. මෙම පිත්තල පහන නිවෙසේ සාලයේ නැඟෙනහිර දිශාවේ තිබිය යුතු අතර එහි සිටින කුකුළා අප දෙස බලා සිටින ආකාරයටද විය යුතුවේ.
එසේ නැති නම් පහනේ සිටින කුකුළා නිවෙස ඉදිරිපිට බලා සිටින සේ තැබීමද යහපත් ප්‍රතිඵල ගෙනදෙන බව පැවැසේ. නිවෙසට සෞභාග්‍යය මෙන්ම ඔබටද සතුට, සැනසුම, නිරෝගී සුවය ළඟා කර ගැනීමට නම් නිවැරැදිව සකස් කරන ලද කුකුළා සහිත පිත්තල පහනක් නිවෙසේ නිවැරැදි දිසාවෙන් තබා ගන්න.
8 Viewers





