• Home »
  • Sinhala »
  • ගෝඨාභය ඉවත් කිරීමට සැරසෙන්නේ ඊළම දීමට.

ගෝඨාභය ඉවත් කිරීමට සැරසෙන්නේ ඊළම දීමට.

ගෝඨාභය ඉවත් කිරීමට සැරසෙන්නේ ඊළම දීමට. එංගලන්තයට අවශ්‍ය නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න. ගෝඨාභය ඉවත් කර රණවිරුවන්ට දඬුවම් දීමට. එබ්‍රහම් හිතනවා එය කරන්න පුළුවන් කියා. ගෝඨාභය ඔය මන්ත්‍රීවරුන් සියල්ලන්ට වඩා වෙනස්. ඔහු තම වුවමනාවට දේශපාලනයට ආ කෙනකු නො වෙයි. ඔහු දේශපාලනයට තල්ලු කෙරුණේ ජාතික බලවේග විසින්. ඔහුට පවුලෙනුත් විරුද්ධත්වයක් තිබුණා. ජාතික බලවේග ඒ සියල්ල පරාජය කළා. අද ඒ සියලු විජාතික බලවේගවලට අවශ්‍යයයි ගෝඨාභය ඉවත්කර ජාතිකත්වයෙ තිබෙන ටිකත් නැති කරන්න. එංගලන්තය සටන මෙහෙයවන්නේ ඒ අරමුණෙන්. අවාසනාවකට ජාතික කඳවුරේ සමහරු බැසිල් මුල් කරගෙන ගෝඨාභය ඉවත් කිරීමේ කඳවුරට ගිහින්. ඔය විධියට බැසිල් පරාජය කර්න්න බැහැ.  සිදුවන්නේ බැසිල් ශක්තිමත් වීම පමණයි. නොදත් දොස්තරලාගේ උපදෙස් මත සිදුවෙන දේ. අද සිංහල බෞද්ධයන්ට අවශ්‍ය නැවත කුරගල අහිමි කර ගැනීමට ද? ගෝඨාභය මහා ජාතිකත්වයක් ඇත්තෙක් නො වෙයි. ඔහු දේශීය දැනුමක් ගැන විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ඔහු මෙරට සිංහල බෞද්ධ උරුමය විශ්වාස කරනවා. එංගලන්තය දන්නවා තමන් කරන්නේ කුමක් ද යන්න.

අද ප්‍රශ්නයට විපක්‍ෂයට විසඳුම් නැති නිසා ඔවුන් ගෝටා ගෝ යන්න  පුනරුච්චාරණය කරනවා. ඔවුන්ට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කර ගන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනකින් අලුත් පාර්ලිමේනතුව රැස් කරන්න ඕන. ඒ අතර ඔය කියන භාරකාර ආණ්ඩුව හදා ගන්න පුළුවන්. මාස තුන මදිනම් සියල්ලන් ම එකතු වී ව්‍යවස්ථාව  සංශෝධනය කර එය මාස හය හෝ අවුරුද්ද හෝ දක්වා දික්කරගන්න පුළුවන්. එවිට අද හෙට ම නැවත මැතිවරණයක් තියන්න ඕනෙ නැහැ. එහෙත් විපක්‍ෂයට එය අවශ්‍ය නැහැ. ඔවුන්ට විසඳුම් නැහැ.

පේන විධියට විපක්‍ෂය තම යුතුකම් පැහැර හරින බැවින් පරණ අමාත්‍ය මණ්ඩලය ම දිවුරුම් දෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුව ජාමූලට ගිහින් කොන්දේසිවලට යටත් වී ණයක් ලබා ගනීවි. ප්‍රශ්නය තාවකාලික ව විසඳා ගනීවි. ඉන්පසු නැවතත් අවුරුදුු කිහිපයකින් ප්‍රශ්නය මතුවේවි. අර කොන්දේසිවලට විරුද්ධ ව ඊනියා ජනතාව පාරට බහීවි ද?



4 Viewers