උද්ඝෝෂණයේ යටි අරමුණ

අන්තවාදී දේශපාලකයිනි, නිරාගමික ආගමිකයිනි, සංඝරත්නය ගණ ගෙඩියෝ තට්ටයෝ පින්බත් ගිලින්නෝ නොවේ.

මේ දිනවල අන්තවාදී දේශපාලකයින්ට සහ නිරාගමික නමින් පෙනී සිටින මිථ්‍යාදෘෂ්ටික ආගම් අදහන්නන්ට ඉහේ මලක් පිපී ඇත. මෙතෙක් කළක් සංඝරත්නයෙන් පළි ගන්නට ඔවුන්ට අවශ්ථාවක් ලැබුණේ නැත. දැන් ඔවුන් මේ පවතින ජන පීඩනයෙන් අපූරුවට බොරදියේ මාළු බාමින් සිටී.

වත්මන් ආණ්ඩුව පත් කර ගන්නට 69 ලක්ෂයක් ඡන්දය දුන් අතර එහි ඉදිරියේම ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම විය. සමස්ත සංඝරත්නයෙන් අති බහුතරයක්ම, භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරනවාට විරුද්ධය. සමහර නිකාය වල භික්ෂූන් වහන්සේලාට දේශපාලනය තහනම් කරමින් නීතිද පනවා තිබේ. භික්ෂූන් වහන්සේලා දේශපාලනය කිරීම ගැන මෙය ලියන අපද තදින්ම විරුද්ධ බව කියවන ඔබ දනී. පසුගිය ආණ්ඩු සමයේ සංඝරත්නයට කළ හිරිහැරද ඔබට මතක ඇති.

සංඝරත්නය යනු ලංකාවේ දේශයේ මුරදේවතාවුන් වහන්සේලායි. තමන් වහන්සේලාට සිවුපසයෙන් ඇප උපස්ථාන කරන ගිහි පින්වතුනට දෙළොව යහපත උදෙසා නිවැරදිම අනුශාසනය කරන්නේ සංඝරත්නය යි. උන්වහන්සේලා ඔබ වෙනුවෙන් කරන දිවා රාත්‍රී ඒ කැපවීමට කිසිඳු චේතනයක් ලබන්නේ නැත. මේ පවතින දුෂ්කර ආර්ථිකය හමුවේ අපහසුතාවයෙන් පීඩා විඳින්නන්ට වැඩි වශයෙන්ම උදවු කරන්නේද සංඝරත්නයයි.

සංඝරත්නය වැඩ සිටිනා තාක් කාළයක් සිංහල ජාතියටත් සම්බුදු සසුනටත් කිසිවෙකුට අත තැබිය නොහැකි ය.

“කෝවිඩ් වසංගතය යටපත් වන විටම උණ්ඩියල් වසංගතය ආවේ නුවණින් නොවිමසන මෝඩයින් උපන් බිමේ අනාගතය නොපෙනෙන අන්ධයින් කරමින් ය.”

කරුණු සොයා බලන්නේ නැති මෝඩයින්ව නොමඟ යවා සංඝරත්නයෙන් පළි ගන්නට මෙය අවස්ථාව කර ගත්තේ ඉහත සඳහන් කළ අන්තවාදී දේශපාලකයින් සහ නිරාගමික නමින් පෙනී සිටින මිථ්‍යා දෘෂ්ටික ආගම් අදහන්නන් සහ විද්‍යාව ආගම කර ගත් හිස් විප්ලවවාදීන් ය.

ඔවුන්ගේ යටි අරමුණ සම්බුදු සසුනත්, සංඝරත්නයත්, සිංහල ජාතියත් විනාශ කිරීමයි. කිසිඳු දේශපාලන මතයක් හෝ පක්ෂයක් හෝ දේශපාලන අරමුණක් නැති සම්බුදු සසුනත් සසරින් එතෙර වීමත් උදෙසාම දිවි කැප කර සිටින සිවු වනක් පිරිස මේ විනාශකාරී අරමුණ ඉටු කර ගන්නට කිසි සේත්ම ඉඩ නොදිය යුතුය. දැන් අරගලකරුවන්ගේ සැබෑ සටන් පාඨ එළියට පැමිණ තිබේ. පහත සඳහන් වන්නේ එයින් කිහිපයකි.

1. දළදා මාළිගාව රාජ සන්තක කරන්න ඕන. (උපුල් ශාන්ත  සන්නස්ගල)

2. කතරගම දේවාලය රාජ සන්තක කරන්න ඕන. (උපුල් ශාන්ත සන්නස්ගල)

3. කිසිම පැවිද්දෙකුට පිනට කන්න දෙන්න එපා.

4. අපේ කාදිනල් හිමියනි, ජනතා අරගලයට නායකත්වය දෙන්න. අපට ඔබ තරම් කහකඩ කාරයෝ විශ්වාස නැත.

5. ජල විදුලි බලාගාරවල වතුර නැත්නම් අර හෙල්ලුවහම වැස්ස එනවා කියන කුණු දත හොල්ලන්නේ නැත්තේ ඇයි?

6. ගණ ගෙඩියෝ පින්බත්තු. කාදිනල් හිමියෝ තමයි අපේ මහා නායක

7. සම්මා පාටි, සම්මා තග් ලයිප්, සිවුරු ගලෝලා ගහන්න ඕන සක්කිලින්ට.

8. කහකඩයන් එළවමු.

9. ගණගෙඩියන්ට, බත් බැලයන්ට දුටු තැන ගහමු.

10. ඊළඟට කහකඩයන්ට ගහලා පන්නමු. දානේ දෙන්නත් එපා.

11. මේ තමයි අපේ මල්වතු අස්ගිරි (මාවරලේ භද්දිය හිමියන්ගේ සහ කාදිනල් තුමන්ගේ පින්තූර යොදමින්)

12. කිසිම පැවිද්දෙකුට පිනට කන්න දෙන්න එපා. අපා ගත වන පාපයක්. කතෝලික අපි පටන් ගමු. උන් අපෙන් කාලා ආණ්ඩුවට කහිනවා. පරයෝ.

13. ගණගෙඩියන්ගේ පශ්චාත් භාගයේ තාර උලලා එලවන්නෝන.

14. ඊළඟට නෙල්ලිගල ගණයා වටකරමු.

15. කාඳිනල් හිමියන්ට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරමු.

16. මේක ඉවර වෙච්ච ගමන් ගණ ගෙඩියන්ගේ අධෝමුඛයේ තාර ගාලා කැති උදලු අතට  දීලා පන්නන්න ඕන.

17. මමනම් කියන්නේ සිවුර, සිවුර කියලා බලන්නේ නැතුව ගණගෙඩියෝ ටිකට ඉස්සෙල්ලම ගහන්න ඕනේ.

18. කහ ජංගි තෙමෙන්න හොඳටම දෙන්න ඕන ඕරත්නපුරය
19. සිවුරටනේ ගරු කරන්න ඕන. සිවුර ගලෝලා ඇදන් ඉන්න එකාට දෙන්ඩෝන. සරලයි සුන්දරයි.

20. බලු ගණයින්ට දුටු තැන ගහන්න ඕන.

21. මේ පින්බත් ගණයින්ගේ තට්ටේ තාර ගාලා කුකුල් පිහාටු අළෝලා උඩ යවන්නෝන බේසික පුතාලා.

22. පන්සල්වලට දානේ ගෙනියන උන්ට පන්න පන්න ගහන්න ඕන.

මේ ඔබ විසින් අපට එවන ලද ස්ක්‍රීන් ෂොට් වලින් කිහිපයකි. මෙහි පල කළ නොහැකි අසභ්‍ය වදන් වලින් පිරුණු තවත් එවැනි පළ කිරීම් අති විශාල ප්‍රමාණයක් ඇත.

විපක්ෂය විසින්, බැංකු හරහා ඩොලර් හුවමාරු නොකර උණ්ඩියල් ක්‍රමයක් නිර්මාණය කර, දැඩි ආර්ථික පීඩනයකට මහජනතාව හසු කිරීම විශාල කුමන්ත්‍රණයකි.

මේ කුමණ්ත්‍රණයට පවතින රජයේ දූෂණ වංචා සහ රටට නොගැලපෙන අදූරදර්ශී පාලන ක්‍රමය තදින්ම බල පෑවේය.

මෙය ස්වභාවික ජන අරගලයක් නොවේ. පැහැදිලිවම ලෝක දේශපාලනික අර්බුධය ප්‍රයෝජනයට ගෙන කළ කුමන්ත්‍රණයකි. දෙස් විදෙස් සම්බන්ධතා බොහෝමයක් ඇති අපට ඒ ගැන බොහෝ කරුණු ලැබී තිබේ. පොදු ජනතාව මෙයට එකතු වූයේ පවතින ආර්ථික පීඩනය සහ පවතින රජයේ රටට නොගැලපෙන වැරදි ආර්ථික කළමණාකරණය සහ දූෂණ වංචා, ආදිය නිසයි.

රට ජාතිය ආගම සිංහලයාගේ ජීවන හුස්මයි. එය රැක ගැනීම ඔබ සැමගේ පරම යුතුකමයි.

අන්තවාදී දේශපාලකයිනි, නිරාගමික ආගමිකයිනි, සංඝරත්නය ගණ ගෙඩියෝ තට්ටයෝ පින්බත් ගිලින්නෝ නොවන බවත් දේශයේ මුර දේවතාවුන් බවත් මතක තබා ගන්න.

තෙරුවන් සරණයි!

පූජනීය, තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
ත්‍රිපිටක වාගීෂ්වර, සද්ධර්ම ශිරෝමණී, විපස්සනා කම්මට්ඨානාචරිය,
රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත,
මිණිපුර අමා ශාන්ති තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හී අනුසාසක
පැල්වාඩිය – රත්නපුර



133 Viewers