• Home »
  • Sinhala News »
  • චීන ආධාරයෙන් නැගෙනහිර ගොඩ ගන්න හැදූ ආණ්ඩුකාරවරිය පන්නයි අන්තවාදියෙකු සදුදා දිවුරුම් දෙයි.

චීන ආධාරයෙන් නැගෙනහිර ගොඩ ගන්න හැදූ ආණ්ඩුකාරවරිය පන්නයි අන්තවාදියෙකු සදුදා දිවුරුම් දෙයි.

චීනයේ සහය නැගෙනහිරට ගත්තොත් අපි නෑ. ඇමරිකාව සහ ඉංදියාවෙන් ජනපතිට තරවටු.

චීන ගනුදෙනු වහාම නවත්වන්න. නැගෙනහිර ආණ්ඩුකාරවරියට ජනපතිගෙන් නියෝග.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිය ධූරයෙන් ඉවත් කිරිම සදහා මේ වන විට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර මීට දින දෙකකට පෙර ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ ඉල්ලා අස්විමේ ලිපිය වහාම ලබා දෙන ලෙසය.

යහම්පත් මහත්මිය ඉවත් කිරිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇය නැගෙනහිර පළාත චීනයේ යුනෑන් පළාත සමග සහෝදර පළාතක් ලෙස සංවර්ධනය කිරිම සදහා ගත් තීරණය නිසාය.

නැගෙනහිර පළාතට ලෝකයේ පළමු වතාවට ඇති කරන කෘෂි තාක්ෂණ විද්‍යාගාරයක් ලබා ගැනීමට ඇය කටයුතු කළාය.

මේ වන විට කන්තලේ ප්‍රදේශයේ එම ඉදිකිරම් කටයුතු සිදු කරගෙන යනු ලබයි.

ඊට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කර ගණිමින් තරු හතේ හෝටල් සංකීර්ණ 10 ක්, පළාතේ දුවා දරුවන්ට චීනයේ යුනෑන් ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වලින් නොමිලයේ අධ්‍යාපනය ලබා ගැනීමට වාර්ෂිකව ශිෂ්‍යත්ව 25000 ක් ලබා ගැනීමට ඇය පුද්ගලිකව යුනෑන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ් බව සැල වූ ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඉංදියානු තානාපති කාර්යාලය මෙම ගතුව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ නැගෙනහිර ආණ්ඩුකාරවරිය වහාම ධුරයෙන් ඉවත් කරන ලෙසය. ඇය ඉවත් කර එම පළාතට ඇමරිකාවට හිතැති පුද්ගලයෙකු පත් කරන ලෙස තානාපතිවරිය ජනාධිපතිවරයාට තරවටු කර තිබේ.

එයින් උරන වූ ජනාධිපතිවරයා ඒ මොහොතේම ආණ්ඩුකාරවරිය අමතා සදහන් කර ඇත්තේ චීනය සමග සිදු කිරිමට යන එම වැඩ සටහන් වහාම නතර කර දමන ලෙසයි.

මේ අතර නැගෙනහිර පළාතේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කපිල අතුකෝරාල, ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන් සහ ඩබ්.ඩි. වීරසිංහ යන මන්ත්‍රිවරුන් ආණ්ඩුකාරවරියට විරුද්ධව අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට නිතර නිතර ගතු කියා තිබේ.

එයට හේතුව සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වල ඉහත මන්ත්‍රිවරුන්ට අයත් ගල්කොරි සහ බැලි බලපත්‍ර වලට  ආණ්ඩුකාරවරිය අනුමැතිය ලබා නොදීමයි.

මේ නිසා උරණ වූ ඉහත මන්ත්‍රිවරුන් එම දිස්ත්‍රික්ක වල සිටින මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේද සහයෝගයෙන් ආණ්ඩුකාරවරිය එලවීමට පිඹුරුපත් සකසා තිබේ.

මුස්ලිම් මන්ත්‍රිවරුන් ද දිගින් දිගමට ආණ්ඩුකාරවරියට චෝදනා කරන්නේ නැගෙනහිර පළාත තුල ඇය සිංහල බෞද්ධ ජනතාවට වැඩි සේවයක් සිදු කරන නිසාය.

ඇය පත්වූ දා සිටම පළාතේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළාය. එහි ප්‍රථිපල ලෙස මුහුදු මහා විහාරය අද මුස්ලිම් අන්තවාදීන්ගෙන් නිදහස් වී තිබේ.

ත්‍රිකුණාමලය පිච්චමල් විහාරය සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි නවීන පන්නයේ කෞතුකාරගාරයක් ඉදි වේ.

තොප්පිගල, නරකමුල්ල පුරාවිද්‍යා ස්ථානය අද බැතිමතුන් වෙනුවෙන් විවෘත වේ. මේ ඇය නැගෙනහිර පළාතට වසර තුන හමාරක් සිදු කළ සේවයෙන් අඔමල් රේණුවකි.

දැන් නැගෙනහිර පළාතට යළිත් වරක් මුස්ලිම් අන්තවාදි පුද්ගලයෙකු පත් කිරිමට ජනාධිපතිවරාය කටයුතු කරමින් සිටි.

ඒ සහරාන් ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ හිස්බුල්ලාය. ත්‍රිකුණාමලය සංහල මන්ත්‍රිවරන් ජනාධිපතිවරයාට කේලම් කීමෙන් මේ සිදු කරන්නේ නැගෙනහිර පළාත සෞභාග්‍ය කරා ගෙන ගිය ආණ්ඩුකාරවරිය ඉවත් කර අන්නවාදියෙකුට නැගෙනහිර පළාත භාර දීමයි.

රණවිරුවන් දඩු කදේ ගැහීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එදා කටයුතු කරද්දි රජයේ කිසිදු වරදාන වරප්‍රසාදයක් නොලබා ඇය දුක් මහන්සියෙන් හර හම්බ කරගත් මුදලින් ගුවන් ටිකට්පත් ගෙන ජිනිවා ගොස් රණවිරු දඩයමට එරෙහිව කටයුතු කිරිම අද වරදක් වී තිබේ.

එදා රණවිරුවන් මානව හිමිකම් කඩ කර ඇති බවට චෝදනා එල්ල කළ වයිකෝ ජිනිවා  කවුන්සිලයෙන් පන්නා දැමීමට ඇය එඩිතර වූවාය.

වත්මන් ජනාධිපතිවරයාට අනුව අද එය වරදක් වී තිබේ.

අන්තවාදීන් අද නැගෙනහිර පළාතේ රජ කිරිමට මාන බලයි. ජනතාව මෙය තේරුම් ගත යුතු කාලය පැමිණ ඇත.



54 Viewers