වෙසක් පෝදා බුද්ද ප‍්‍රතිමාවක් ගලවා දමති.. පුත්තලමේ දේශපාඥයෙකු පසුපස.. ලේඛකාධිකාරි හිමි මාධ්‍ය අමතයි…

කල්පිටිය දලුව හන්දියේ පෙරේදා දිනයේ උත්සවාකාරයෙන් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පැය කිහිපයක් යන විට එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් තිදෙනෙකුගේ මෙහෙයවීම මත ජේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු මැදිහත්වී ගලවාගෙන ගොස් ඇතැයි කල්පිටිය ශාෂනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට අනිවාර්යයෙන්ම එළඹෙන බව ද පැවසූ උන්වහන්සේ මෙම සිදුවීම් පිටුපස අන්‍ය ආගමික ප්‍රධානීන් කිහිප දෙනෙකු ද සිටින බව කියා සිටිති.
ප්‍රතිමාව තැන්පත් කරන ලද කොන්ක්‍රීට් තට්ටුවද කඩා බිඳ දමා ඇති බවත් එම ප්‍රතිමා වහන්සේ නොරොච්චෝල පොලිසියට රැගෙන ගොස් ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
රාජ්‍ය වෙසක් උත්සවය ද කල්පිටියේ පැවැත්වෙද්දී වෙසක් සතියේ බෞද්ධාගමට එරෙහිව සිදුකරන මෙවැනි කෙනෙහිලිකම් වලට දැඩි අප්‍රසාදය පළ කරන බව උන්වහන්සේ තව දුරටත් පැවසූහ.
42 Viewers





