ජනාධිපතිවරණයෙන් පසුත් ජිනීවා යමුද?
ජනාධිපතිවරණ අපේක්ශකයෙකු ලෙස ඉදිරිපත් වීමත් සමග එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ශක සජිත් ප්‍රේමදාස මහතා මහා ජාතිකවාදියෙකු වී තෙබෙන බව පෙනේ. තමා ප්‍රබල ඇමතිවරයකු ලෙස සිටිමින් රට පාවා දුන් ජිනීවා යෝජනාවට එරෙහිව වචනයක් වත් නොකියූ ඔහු, එකී යෝජනා අනුව පැනවූ රණවිරුවන් ජත්‍යන්තර අධිකරණ බලයට යටත් කල හැකි අතුරුදන් වූවන් පිළිබඳ කාර්‍යාල පනත, උදර්පණ පනතට ගෙනා සංශෝධන , වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත , ආදී පනත් සියල්ලටම අත ඉස්සුවේය. එසේ කල ඔහු තවමත් ජිනීවා යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්නේ දැයි කියා නැත.
ජනාධිපතිවරණ තරගයට තම අපේක්ශකත්වය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති ප්‍රවුර්ති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරණ අපේක්ශක ගෝඨාභය රාජපක්ෂ මහතා දේශප්‍රේමී සන්විධාන හා ප්‍රජාව මෙතෙක් බලාසිටි ඉතාමත් අගනා ප්‍රතිග්ණාවක් දුන්නේය .
ඒ , තමා ජනාධිපති වූ පසුව 2015 දී යහපාලන රජය සම අනුග්‍රහය දැක්වූ 30/01 ජිනීවා යෝජනව ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි.
2015 දී එවකට විදේශ ඇමතිවරයා වූ මංගල සමරවීර මහතා විසින් ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමත් සමග ජිනීවා සැසිවාර වලදී ලංකාව වෙනුවෙන් හා LTTE ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය මෙහෙයවූ රණවිරුවන්ට එරෙහිව ජිනිවා හිදී නැගෙන චෝදනා වලට පිලිතුරු සැපයීමෙන් රජය ඉවත්වූ අතර චෝදනා වලට විත්තිවාචක ඉදිරිපත් කිරීම වෙනුවට තමන් විසින් එකගවූ යෝජනා සම්භන්දයෙන් නිදහසට කාරනා ඉදිරිපත් කිරීමට පමණක් සීමා විය.
විවිධ රටවල ගෝලීය සංසදයේ විධායක සභාවේ සාමාජිකයන් ලෙස පිහිටුවා ගත් සංවිධාන රට වෙනුවෙන් ජිනිවා හිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට පැමිනෙන්නේ මෙලෙස රජය බෙදුම්වාදීන්ගේ අතකොලුවක් වීමේ හේතුවෙනි.
මානව අයිතිවාසිකම් කොමිසම පිහිටුවා තිබෙන පරමාර්ථයන් ප්‍රකාරව මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එම සංවිධානය ක්‍රියා මාර්ග ගැනීම සම්භන්දයෙන් කිසිවෙකුගේ විරුද්ධත්වයක් නැත. ගැටලුව නම් එකී ක්‍රියා මාර්ගයන් ගැනීමේදී අනුගමනය කරන ක්‍රමයයි.එනම් කිසියම් රටක් සම්භන්දයෙන් යෝජනාවක් සම්මත කිරීමේදී ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේද අනුගමනය කලේද? යන්නයි.
ඉතාමත් පැහැදිලිව පෙනෙන්නේ එවැනි කිසිදු ක්‍රමවේදයක් ලංකාව සම්භන්දයෙන් අනුගමනය කර නොමැති බවයි .
ප්‍රධානකොටම යෝජනාව සම්මත කිරීමට පෙර ඒ සම්භන්දයෙන් ව්ධිමත් සංවාදයක්, මහජන අදහස් විමසීමක්, හෝ අවම වශයෙන් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කිරීමක් හෝ සිදුවිය යුතුව තිබුනි.
එලෙස කිසිවක් සිදු වූයේ නැත .
සත්‍ය වශයෙන්ම සිදු වූයේ බෙදුම්වාදී ඩයස්පෝරාව හා ඔවුන්ට අනුග්‍රහය දක්වන රාජ්‍යය නොවන සංවිධාන එකමුතුව සකස් කල යෝජනාව බලහත්කාරයෙන් ලංකාව මත පැටවීමයි.
යෝජනාව ලංකාව සම්භන්දයෙන් නම්, එය ක්‍රියාත්මක කලයුත්තේද ලංකාව තුල නම් ලංකා භූමිය මතින් පැන නැගුණු එකක් නොවන කල
ක්‍රියාත්මක කිරීම ගැන කවර කතා ද?
යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරවීමට ගිය රජය මහා අකරතැබ්බයකට මුහුන දුන්නේ එබැවිනි. යෝජනාවට අනුව කරන්නට එකගවූ හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීම ඇතුළු ප්‍රධාන කාරනා ඉටු කරනවා තබා ඒවා ගැන කතා කරන්නට නොහැකි වී තිබෙන්නේ එම යෝජනා පමණක් නොව ඒවා ගෙන එන්නන්ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන බව දන්නා නිසාවෙනි.
වියනා සම්මුතිය මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ කාර්ය භාරය ඉහළින් ම සැලකිය යුතු බවට දක්වා තිබුන අතර එය ක්‍රියාත්මක කිරීම සමබරව කලයුතු බවද දක්වා තිබේ.
එසේ වුවත් ලාංකාව සම්භන්දයෙන් 30/01 යෝජනාව මගින් චෝදනා එල්ල කිරීමේදී මෙම මූලික කාරනය සැලකිල්ලට ගෙන නැත .
ලාංකාවට එරෙහි යුද අපරාධ, මානව අයිතිවාසිකම් හා මානුශිය නිතිය උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීමේදී ඒ සම්භන්දයෙන් පුලුල් විශ්ලේෂනයක් හා කරුණු සොයා බැලීමක් කර නැත . කොමසාරිස්වරයාගේ වාර්තා හා යෝජනා හේතුවෙන් ලාංකාවේ දේශපාලන , ආරක්ෂක හා බුද්ධි අංශ , අධ්කරනය ආදි අංශ අකර්මණ්‍ය විය. අප්‍රේල් 21 දින සිදුවූ මූලදර්මවාදී ප්‍රහාර එකී බිදවැටීම් වල ප්‍රතිඵල විය.
රජය 30 /1 යෝජනාවට එකග වීමට හේතු ලෙස දක්වන්නේ මිත්‍යා සංහිඳියාවයි.
ලොකුම විහිලුව නම් LTTE බෙදුම්වාදී ඩයස්පෝරාව වගවීම පමණක් ඉල්ලන අතර ඔවුන් ඉල්ලන සංහිඳියාවක් නැති බව පසුගිය කාලය පුරාවටම ඔවුන් ඉල්ලන දේවල් දෙස බැලීමෙන් ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනී යාමයි.
විශෙශ්ෂයෙන් LTTE හිතවාදි දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ බලපෑම් මත ජාත්‍යන්තර ප්‍රජාවේ උවමනාවට ශ්‍රී ලාංකාව මත බලහත්කාරයෙන් පැටවූ අසාර්තක 30/01 යෝජනාවලිය ලාංකාව සංහිඳියාව ඇතිකරවන්නට භාදා වී තිබෙන ආකාරය පැහැදිලිය.
LTTE හිතවාදි දෙමළ ඩයස්පෝරාව සංහිඳියාව (reconciliation ) නොව වගවීම (accountability ) පමණක් අවධාරණය කරමින් ත්‍රස්තවාදය පරාජය කරන්නට පෙරමුණ ගත් දේශපාලන නායකත්වය හා රනවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධ්කරන වලට ගෙනවිත් දඩුවම් කරන්නට කැසකවනවා විනා සැබෑ සංහිඳියාවකට කටයුතු නොකරන බව පැහැදිලිය.
ශ්‍රී ලාංකික දෙමළ ජානතාවගේ සැබෑ උවමනාකම් වෙනුවෙන් පෙනී නොසිටින මොවුන් තමන්ගේ ත්‍රස්තවාදී නායකයාගේ ඊලාම් සිහිනය විනාශ කල රණවිරුවන්ගෙන් පලිගැනීමේ ක්‍රියාදාමයක නිරත වී සිටී. ඔවුන්ගේ මෙහෙයවීම මත සම්මත කෙරුණු 30/01 යෝජනාව අකර්මණ්‍ය වී තිබෙන්නේත් මෙකී පටු චේතනා මත පිහිටා කටයුතු කිරීම නිසා බවත් මෙහිදී දක්වනු ලැබුවා.
යුද්ධය අවසාන වී වසර 10කට පසුවත් තවමත් ඔවුන් පරන වගවීමේ තැටියම අනුවාදනය කරයි.
ඔවුන්ගේ සහයෙන් පිහිටවූ රජය බිදවැටී අලුත් නායකත්වයකට පෙරනිමිති පහලවී ඇති මේ අවස්තථාවේ පලිගැනීමේ ක්‍රියාදාමය පසෙක තබා නියම ශ්‍රී ලාංකික , ජාත්‍යන්තර බලවේග විසින් බලෙන් පැනවූ සංහිඳියාවක් නොව ලාංකා පොලොවෙන් පැන නැගුණු අපේම ශ්‍රී ලාංකික සංහිඳියාවකට යොමුවීම සදහා අවස්තාව උදාවනු ඇත.
මානව අයිතිවාසිකම් කොමිසමේ OISL වාර්තාවේ කරුනු පදනම් කරගෙන ලංකාවට එරෙහිව ගෙන යන කටයුතු නවත්වන ලෙස පසුගිය කාලය තුළ නැගූ හඩ තවත් ප්‍රබල වී තිබේ. ඊට සමගාමීව බෙදුම්වාදී ඩයස්පෝරාවේ බලපෑම් ද උග්‍ර වී තිබේ. බෙදුම්වාදී ඩයස්පෝරාවේ අතකොලුවක් වී ඇති TNA මත යැපෙන වත්මන් රජය හරහා තම බෙදුම්වාදී අරමුනු ඉටුකර ගැනීමට ඔවුන් කැසකවමින් සිටී.
මෙවර ජනාධිපතිවරණය තීරනාත්මක වන්නේ එබැවිනි.
මෙවර ජනතාව තීරණය කරන්නේ ජනාධිපතිවරයා ලෙස පත්කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ද සජිත් ප්‍රේමදාස ද නොව මේ ජිනිවා බෙදුම්වාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගෙනගොස් ස්වාධීන ඊලමකට මග පාදන ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීමට ජනවරමක් දෙනවද නැද්ද යන්නයි.
නීතිඥ පලිහවඩන
343 Viewers