ඥානසාර හිමිගේ සිවුර ඉවත්කිරීම ගැන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සහ ඊට අදාල ප්‍රශ්නය සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා ගෙන ඇති පියවර මොනවාදැයි? විමසමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභීත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එමෙන්ම වර්තමානයේ මහා පරිමාණයෙන් පැතිර යමින් පවත්නා බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද බුද්ධ ශාසන මණ්ඩලය කිසියම් පියවරක් ගෙන ඇද්දැයි උන්වහන්සේ එම ලිපියෙන් විමසා තිබෙනවා.
වර්තමානයේ බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් අරභයා සුදුසු පියවර ගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවන ලද බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා සිදුකර ඇති විසඳුම්දායක පියවර පිළිබඳව රටේ ජනතාව මෙන්ම අවම වශයෙන් නිකාය සංඝ සභාවත් නිසි අවබෝධයකින් නොමැති බව සෝභීත හිමියන් එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
එබැවින්, මෑතකදී බරපතල ආකාරයෙන් පැනනැගී ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය ගෙන ඇති හෝ ගැනීමට අපේක්ෂා කරන විසඳුම් වහාම දැනුවත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා.
එම ලිපියේ මතු කර ඇති විශේෂිත කරුණු අතරට කැකිරාවේ සුදස්සන නමැත්තාගේ ධර්මවිරෝධී හැසිරීම් රටාව, තිත්තගල්ලේ ආනන්ද සිරි නමැත්තා ශාසන විරෝධී ආකාරයෙන් අලුතින් නිකායක් ආරම්භ කරන බවට මහානායක මාහිමිවරුන්ට සෘජු ලෙස අභියෝග කරමින් හැසිරීම, ජෙරම් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් ක්‍රිස්තියානි ධර්මය අදහන අයට මිථ්‍යා දෘෂ්ඨිය යන යෙදුම භාවිත කළහොත් නීතිමය මඟින් ක්‍රියා කරන බවට සිදුකරන ප්‍රකාශ, සහ ක්ලිප්පේ අරියමග්ග නැමැති අය ප්‍රධාන පිරිසක් විසින් පිහිටුවන ලදැයි පැවසෙන “සිරි ගොතම සම්බුද්ධ නිකාය” නම් නව සංවිධානයක් පිහිටුවීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් ඇතුළත් වේ.
2020 වෙසක් සත්කාර උත්සව අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ ප්‍රකාශය සිහිපත් කරමින්, ත්‍රිපිටකය සුරක්ෂිත කිරීම සහ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නම් නව නීති සම්පාදනය කරන බවට දුන් ප්‍රතිඥාව යටතේ මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි සෝභීත හිමියන් විමසා සිටිති.
මෙම ලිපියේ පිටපත් ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන්වහන්සේලා සහ ජනාධිපතිවරයා වෙතද යොමු කර ඇත.

6 Viewers





