• Home »
  • News »
  • තමන් රටේ ජාතික ආරක්ෂාවටත් උඩින් සිටින බව සිතන තවත් මාලිමා පාපිස්සක්

තමන් රටේ ජාතික ආරක්ෂාවටත් උඩින් සිටින බව සිතන තවත් මාලිමා පාපිස්සක්

හිනිදුම සුනිල් සෙනෙවි සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස ලංකාවේ එම දුරයට පත්වූ දුර්දාන්තම දේශපාලකයා බව විවධයක් නොමැත. ෆැසිස්ට් වැඩි කොටස් වලට අවශ්‍ය පරිදි උතුරු නගේනේහිර පන්සල් පමණක් නොව තමන්ගේ පක්ෂයේ අවශ්‍යතාවය පරිදි සිංහල අවුරුද්ද පවා අතුගා දැමීමට මොහු ගෙන ඇති ක්‍රියාමාර්ග ශිෂ්ඨ සම්පන්න සියල්ලන් පිළිකුලෙන් හෙළ දකියි.

රටේ ඒකීය භාවයට එරෙහිවීම කිසිවෙකුට නොහැකි වුවත් එසේ එරෙහි වූ කොටි ත්‍රස්තයන්ගේ මතය ලංකා දෙමල ජන සමාජය තුල අලුත් වටයකින් තහවුරු කිරීම සදහා ලියවුනු බෙදුම් වාදී වියාජ සාහිත්‍ය යොදාගැනීමේ ක්‍රියාවලියට මේ අධම ඇමති සුනිල් සෙනෙවි නැමැත්තා සුදානම් වන බව කිව යුතුය.

අපා දැන ගන්නට ලැබී ඇති පරිදි ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලිවම මෙහි ෆැසිස්ට්වාදයට උඩගෙඩි දෙන ග්‍රන්ථ නිදහස් නොකරන ලෙස රේගුවට දැනුම් දී ඇත. එසේ තිබියදී පවා උතුම් වූ දළදා වහන්සේට පහර දීමට පවා සම්බන්ද යැයි විවිධාකාර වූ චෝදනා එල්ල වුනු සුනිල් සෙනවි ඇමතිවරයා (එවකට භික්ෂුවක් වශයෙන්ම කුඩාපොළ ත්‍රස්ත සංවිදානයේ සාමාජිකයෙක්ව සිටියායැයි සැලකෙන පුත්ගලයාමය) දීපචෙල්වන් ප්‍රදීපන් විසින් රචිත ග්‍රන්ත හතරක පිටපත් 360ක් නිදහස් කරගැනීමට පසුගිය 17ත් වනදා විශේෂ සගච්චවක් අදාල දීපචෙල්වන් ප්‍රදීපන් නමැත්ත සමග අමත්යන්ශයේදීම පවත්වා ඇත. මේ ජයාරූප වල දැක්වෙන්නේ ඔහු කොටි සංවිධානයේ නිල වර්ණ වැළදගෙන සිටින ආකාරයයි. එමෙන්ම කොටි නායක බලසින්හ්ගම් සමරන ආකාරය දැක්වෙන අයුරුන් දැකිය හැක

කොටි සංවිධානයත් ඔවුන්ගේ මුර්ඝ වර්ඝවදයත් පැහැදිලිවම ප්‍රවර්ධනය කරන මේ දීපචෙල්වන් ප්‍රදීපන්ගේ පොත් රට තුල බෙදා හරිම වෙනුවට කල යුත්තේ බෙදුම්වාදයට සහය දීම නිසා ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමය.

මෙවැනි අධමයන් ගෙන් අපට ඇසීමට ඇත්තේ හිට්ලර් හෝ ඔහුගේ ෆැසිස්ට් මතවාදය ප්‍රචාරය කිරීමට අදටත් ජර්මනියේ ඉඩ නොලැබෙන බව නොදන්නේද යනුයි? එමෙන්ම ජීවිත ලක්ෂ ගණනාවක් පුජා කර රැකගත් රටේ තවදුරටත් ෆැසිස්ට් වදයට ඉඩකඩ සැකසීම එම දිවි දුන් සියල්ලන් මත පමණක් නොව තමන් අකින්නට දුවුරුම් දුන් විවස්ථාව මතද පැහැරීමක් නොවන්නේද යනුවෙන් වැඩිදුරටත් අප ඇසිය යුතුය.

නමුත් සුනිල් සෙනෙවි යනු මෙවන් ෆැසිස්ට් වාදියෙකු පවා හුරතල් කරන පන්නයේ අධාමයෙකි වීමත් එවැනි අධමයෙකු සංස්කෘතික සහ බුද්ධසසන අමාත්‍යවරයා ලෙස සිටිනු දක්නට ලැබීමටත් අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් කොතරම් අභාග්‍ය සම්පන්න ජාතියක් වෙමුද.

රටේ ජාතික සහ මහජන අභිලාශය ඉටුකිරීම පසෙකින් තබා මාලිමාව තමන්ගේ දුෂිත සිතේ තිබෙන මරි මෝඩ මුග්ධ දේශපාලනය රට මත පැටවීමට අප තව දුරටත් ඉඩ දිය යුතුද?

අප ශ්‍රී ලංකා රේගුවේ ගෞරවනීය දේශප්‍රේමී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම කාරණයකි. ඔබ දේශද්‍රෝහී අමන දේශපාලුවන්ගේ බලපෑමට යට නොවන්න. මෙරටේ ඔබට තම බදු මුදලින් වැටුප ගෙවන ජනතාවට සේවය කිරීමේ අමන දේශපාලනඥයන්ගේ බසට රැවටීමට වඩා වැදගත් බව සිතට ගන්න. නොබියව ඔබගේ ව්‍යවස්ථාපිත වගකීම ඉටු කිරීමෙහිලා ඒකීය රටක් රැකීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සමග සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම සිට ගන්නා බව සිහියේ තබාගන්න

බෙදුම්වාදී පොත් ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් අහන්නෙ මොන මගුලකටද කියා රටම අද අනුර කුමාරගෙන් ඇසිය යුතුමය.

සංඛ චන්දිම අභයවර්ධන



2 Viewers