ත්‍රස්තවාදී මඟ ගත් තිලීපන් නල්ලූර්හිදී වීරයකු කරන්නේ ඇයි?
ත්‍රස්තවාදී මඟ ගත් තිලීපන් නල්ලූර්හිදී වීරයකු කරන්නේ ඇයි?
උතුරේ සිංහල ජනාවාසකරණය නවතා දමන ලෙසත්, ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කළ යුතු බවත් පවසමින් 1987 සැප්තැම්බර් 15 වන දින සිට සැප්තැම්බර් 26 වැනිදා දක්වා අන්නාසි සහ ජලය පවා නොගෙන උපවාසයක නිරතව සිටියදී ජීවිතක්ෂයට පත් වූ තිලීපන් සැමරීම වෙනුවෙන් පසුගියදා නල්ලූර්හිදී අලුතින් ලෝකඩ ස්මාරකයක් ස්ථාපිත කර තිබේ. “ලුතිනන් කර්නල් තිලීපන්ගේ ප්‍රතිමාව” ලෙස නම් කර ඇති මෙය හරහා, දශක හතරකට ආසන්න කාලයක් පුරා දිවි පිදූ දෙමළ නිදහස් සටන්කරුවකු ලෙස ඔහුව නිරූපණය කිරීමට උත්සාහ දරා ඇත.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන්, 1987 සැප්තැම්බර් මස 15 වනදා නල්ලූර් කන්දස්වාමි කෝවිල අසලදී ඉල්ලීම් පහක් මුල් කරගනිමින් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළේය.
දන්නා තරමට තලීපන් ත්‍රස්තවාදීයා දරුනු පිළකා රෝගයෙන් පෙලෙන සහ ඔහුගේ අවසාන කාලයේ සිටියදී මේම උපවාසයට බලහත්කාරයන් ප්‍රභාකරන් ත්‍රස්තවාදි නායකයා යොදවාගෙන ඇත.
උපවාසය වාසය ඇරඹූ පෙ.ව. 9.45 ට යෙදුණු සුභ මුහුර්තයෙන්ම මෙවරද සමරු උත්සවය ආරම්භ කර තිබිණි. නල්ලූර්හි පිහිටි ඔහුගේ නව ස්මාරකය අසලදී, සටන් බිමේදී මියගිය අයෙකුගේ පියෙකු වන ප්‍රවීණ සටන්කාමී බෂීර් කාක්කා විසින් සමරු පහන දැල්වූ අතර, අනතුරුව ඊට සහභාගී වූවන් මල් දාම පළඳවා උපහාර දක්වා ඇත.
තිලීපන් ඉදිරිපත් කළ ඉල්ලීම් පහ:
ඉන්දු-ලංකා ගිවිසුමෙන් අනතුරුව ඉන්දීය රජයේ අවධානය යොමු කරවා ගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ ඉල්ලීම් පහ මෙසේය:
1. සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කරගත යුතුය.
2. දෙමළ ජනයා වෙසෙන පළාත්වල අතුරු ආණ්ඩුවක් පිහිටුවන තෙක්, පුනරුත්ථාපනය මුවාවෙන් සිදුවන සිංහල ජනපදකරණය නැවැත්විය යුතුය.
3. උතුරු-නැගෙනහිර පළාත්වල අලුතින් සිංහල පොලිස් ස්ථාන හා කඳවුරු පිහිටුවීම නැවැත්විය යුතුය.
4. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුය.
5. දෙමළ ප්‍රදේශවල පාසල්වල රැඳී සිටින ශ්‍රී ලංකා හමුදා සහ පොලිස් බලඇණි ඉවත් කළ යුතු අතර, ග්‍රාමාරක්ෂකයින්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත භාරගත යුතුය.
1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතමින්, “සහෝදරවරුනි, තවත් ටික දිනකින් මා මියෙනු ඇත.. එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්තිකාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත…” යනුවෙන් ප්‍රකාශ කළේය.
ඓතිහාසික පසුබිම සහ වර්තමාන තත්ත්වය:
තිලීපන් උපවාසය පැවැත්වූ ස්ථානයේ ඉදිකර තිබූ මුල් ස්මාරක කුළුණ, 1996 දී යාපනය මුදාගැනීමෙන් පසු ශ්‍රී ලංකා හමුදාව විසින් විනාශ කරන ලදී. පසුව සටන් විරාම කාලය තුළ එය නැවත රහසේ ඉදිකළද, 2007 දී 4 වන ඊළාම් යුද්ධය අතරතුර දෙවන වරටත් විනාශ විය. 2012 වන විට එහි ඉතිරිව තිබූ කොටස්ද සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබිණි.
නමුත් අද වන විට, ඇතැම් බෙදුම්වාදීන් සහ ඔවුන් සමග අත්වැල් බැඳගන්නා පිරිස් විසින් තිලීපන් වීරයෙකු ලෙස සමාජගත කිරීමට දරන උත්සාහය තවමත් අවසන් වී නැත. මෙය උතුරට පමණක් නොව දකුණටද පොදු වූ අවාසනාවන්ත සන්දර්භයකි.
මතු වන බරපතල ප්‍රශ්නාර්ථ:
රටක් බෙදීම වෙනුවෙන් මතවාදීව සහ අවිගත් ත්‍රස්තවාදී යුද්ධයක් මෙහෙයවූ පුද්ගලයෙකු වීරයෙකු වන්නේ කෙසේද?
ඔහුට “ලුතිනන් කර්නල්” යන නිල හමුදා තනතුර පිරිනැමුවේ කවුද? එය රටක පිළිගත් හමුදාවක් විසින් දුන් තනතුරක්ද? නැත. එය ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමට අමානුෂික යුධ උපක්‍රම භාවිත කළ, පසුව වෙල්ලමුල්ලිවෙයිකාල්හිදී පරාජය කළ LTTE ත්‍රස්තවාදී සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් දෙන ලද නාමයකි.
රාජ්‍ය නීතියෙන් තහනම් කරන ලද බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයක හමුදා නිල නාමයක් සහිතව, මෙවැනි ලෝකඩ ස්මාරකයක් නල්ලූර්හි ඉදිකිරීමට සහ විවෘත කිරීමට අවසර දුන්නේ කවුද? ඒ පිළිබඳව වගකිවයුත්තන් වහාම රටට හෙළි කළ යුතුය.
දශක තුනකට වැඩි කාලයක් පැවැති බෙදුම්වාදී LTTE ත්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කිරීමට තම ජීවිත පූජා කළ සැබෑ රණවිරුවන්ට මෙය කරනු ලබන මහත් අගෞරවයකි. අද අප නිදහසේ ජීවත් වන්නේ ඒ අභීත රණවිරුවන් නිසාය. නමුත් ඔවුන් වෙනුවෙන් මෙවැනි ප්‍රතිමා නිර්මාණය වී ගෞරවයක් නොදැක්වෙන වටපිටාවක, “ලුතිනන් කර්නල් තිලීපන්” වැන්නවුන්ගේ ප්‍රතිමා විවෘත කිරීමට ඉඩකඩ සකස් වූයේ කෙසේද යන්න පිළිබඳව සෑම පුරවැසියෙකුම නැවත වරක් ස්වයන් විවේචනයක යෙදිය යුතුය.
(සැලකිය යුතුයි: මාගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුම රට බේරාගැනීමේ සටනට එක්ව ජීවිත පූජා කළ අතර, මාද රට වෙනුවෙන් සේවය කරන අයෙකු බැවින් මෙහි ඇති වේදනාව මට මෙන්ම මාතෘභූමිය වෙනුවෙන් කැපවූ අන් සියලු දෙනාටද එකසේ දැනෙනු ඇත. මෙම සටහන කිසිවෙකු අපහසුතාවයට පත්කිරීමට හෝ ජාතිවාදය ඇවිස්සීමට නොව, සත්‍ය තත්ත්වය පෙන්වා දීම වෙනුවෙන් පල කරන ලද්දකි.
SL Forces එකමුතුව
2 Viewers





