• Home »
  • News »
  • තිලීපන්ගේ වාඩුව ගන්න හමුදා ස්මාරකය අයින් කරනවාද?

තිලීපන්ගේ වාඩුව ගන්න හමුදා ස්මාරකය අයින් කරනවාද?

මුලතිව් රණවිරු ස්මාරකය ඉවත් කරන්න කියල පහුගිය දවස් වල පොඩි කැම්පේන් එකක් යනව දැක්කා. ඒ අදහස ආවේ තිලීපන්ගෙ පිළිරුව ඉවත් කිරීමත් එක්ක.

මුලතිව් කියන්නේ යුද්ධයේ දරුණුම සටන් ඇවිලුණු දිස්තික්කයක්. එ වගේම අපේ රණවිරුවන් බොහෝ ප්‍රමාණයක් ජීවිත පූජා කල දිස්ත්‍රික්කයක්. ඒ වගේම නන්දිකඩාල් වලදි තමන්ගේම ජාතියම යොදා ගෙන මිනිස් පවුරක් හදාගෙන තමන් ආරක්ෂා වෙන්න උත්සහ දරපු ප්‍රභාකරන්ගෙන් සාමාන්‍ය ජනතාව මුදාගත්තු ලෝකයේ විශිෂ්ටතම මානුෂීය මෙහෙයුම දියත් කරපු දිස්ත්‍රික්කයක්. ඉතිං දෙමළ ජනතාව මේ පිළිරුවට හරිනම් මල් තියල වදින්න ඕන.

අණෙක් පසින් මේ ස්මාරකයට සම වෙන්න තිලීපන්ට පුලුවන්ද? කාගෙවත් වුවමනාවන්ට තමන්ගේ රෝගි බව විකුණ ගත්තු ඒකම භාවිතා කරල වීරයෙක් වෙච්ච රැවටීමක්.

දෙමළ අන්තවාදින් සහ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් හැමවිටම යුද සෙබළාව අර්ථ දැක්වූයේ පඩියට යුද කරන කෙනෙක් විදියටත් එල් ටී ටී ඊ. ත්‍රස්තවාදීන් ජාතිය වෙනුවෙන් ස්වේච්චාවෙන් කැපවුණු විමුක්තිකාමීන් විදියටත්.

ඔවුන් එහෙම කියන එක ගැන මමනම් කනගාටු වෙන්නේ නෑ. මොකද ඔවුන් අපේ හමුදා සෙබළාව කවදාවත් ස්පර්ශ කර තිබ්බෙ නෑ. ඒ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් දකින විදිය. ඒ වගේම ඒක මොකක්ද අපේ සමහර ඊයෙ පෙරේදා විරයො වෙච්ච සෙට් එක අට පාස් ආමිකාරයෝ කියල අපේම අයට අපහාස කරන කොට. මට මැවිල පේනව අරගලේ හිටපු පොඩි කොල්ලෙක් හෙණ වීරකමක් ඔළුවට ආරූඪ කරගෙන හමුදා සෙබළෙක්ට තර්ජනය කල හැටි. ඒනිසා මේ දෙකොට්ඨාශය තුළම ඉන්නව තමන්ගේ මට්ටමේ විතරක් ඉඳන් හිතන්න පුලුවන් පුහු මානසිකත්වයන් එක්ක පමාණක් ජීවත්වන ප්‍රාණීන්. ඒ හැමෝටම අනුකම්පා කරන ගමන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.

මේ රටේ තාම ඉන්නව කොන්ද පණ තියෙන සිංහලයො. ඉතිං ඒ අය ඉන්නකන් මුලතිව් වල අපි ඉන්නකම් රණවිරු ස්මාරකයට අත තියන්න කාටවත් බැහැ. මොකද මුලතිව් රණවිරු ස්මාරකය කියන්නේ ඉතිහාසයක්. කතා ගොඩක් තියෙන හමුදාවක අභිමානයක්. එහෙම මිසක් තනි මිනිහෙක්ගෙ නිරූපණයක් නෙමේ.

චම්පා වෛද්‍යතිලක



4 Viewers