තිස්ස විහාරයට වැඩි ස්වාමින්වහන්සේලාගෙ හීල්දානය කඩාකප්පල්කලෙ කවුරුන්ද ?
අද දින කන්කසන්තුරෙ ඓතිහාසික තිස්සවිහාරයේ විහාරගෙය විවෘත කිරීම නිමිත්තෙන් ගරු සංඝරත්නය 20 නමකට ආසනන්න ප්‍රමානයක් වඩමවා උදෑසන දානය සහ දහවල් දානය පුජා කිරීම යෙදී තිබුනි.
සැලකිය යුතු ගිහි පිරිසක් පිංකම සදහා පැමින සිටියද,
ඉතා කැපවීමෙන් සහ ලෙන්ගතු කමින් සුපුරුදු ලෙස යුද්ධ හමුදාවෙ දරුවන් විසින් සියලු කටයුත් භාරගෙන අවශ්‍ය කටයුතු සදහා පෙර දින රාත්‍රියේ සිට සුදානම් වෙමින් පැවතින.
වෙනදට පොහොයා දා උද්ඝෝෂණය කරන උද්ඝෝෂණකරුවන් අද දිනද පිංකම පිලිබදව ඉව වැටි
උදෑසන පන්සල වෙත පැමිණ තිබිණි. මරහඩ දෙමින්, ශාප කරමින් ඔවුන් කෑ ගසන අතරතුර , මහා සංඝරත්නය විශයෙහි උදෑසන දානය පූජා කරන්න සුදානම් වන විටම අප කිසිවෙකුත් කිසිම ලෙස බලාපොරොත්තු නොවු පරිදි විහාරස්ථානය තුළ සිටි සියලුම හමුදා නිලදරුවන්, (ඒ අතර ස්වාමීන්වහන්සේලා විහාර ගෙය වෙත පිළිගැනීමට පැමිණි උඩරට වෙස් නැටුම්කරුවන් සහ ශබ්ද පූජාවට පැමිණි හේවිසි කණ්ඩායම ද විය)ආපසු තම කදවුරු බලා යන්නට වුයේ ඉහලින් ආ නියෝගයකට අනුවය.
ඔවුන් සිටියේද කියාගත නොහැකි දුකකිනි. නමුත් ඉහල නියෝග වලට ඔවුන් යටත් ය.
ඒ වන විට අවට සිටි සිවිල් ගිහි පිරිස කඩිමුඩියේ දානය පිලිගන්වන්න ඉදිරිපත් වීම තුල මහා පාපකර්මයක් වැලකුනි.
විහාරගෙය විවෘත කිරීම සදහා වඩින ලද මහා සගරුවන,
කිසිම ශබ්ද පූජාවක්
නොමැතිව , ද්‍රවිඩ අන්තවාදින්ගේ සාප කිරීම් ආශිර්වාදයක් කරගනිමින්ම
විහාරස්තානයෙ ඝන්ඨාර හඩ මද්‍යයේ
විහාර ගෙය වෙත වඩින ලදී.
*මහා සංඝරත්නයට* *දානය* *පුජාකිරීම* *වැලැක්වු පාපතරයා* *කව්ද* ?
ජනාධිපති තුමනි ඔබද?
ආරක්ශක ලේකම්තුමනි ඔබද?
යුද්ධහමුදාපති තුමනි ඔබද?
නැත්නම් ප්‍රභාකරන්ගේ අවතාරයද?
බෞද්ධයින්ට තම ආගම ඇදහීමෙ
නිදහසක් නැතිද?
ඇයි මෙපන කෙනෙහිලිකම් ?
26 Viewers





