දියවඩන නිලමේ

ජන්දෙන් පත්වු මුල්ම දියවඩන නිලමේ ගත්තේ ජන්ද 45 යි.
දියවඩන නිලමේ ධුරයට රජතුමා පත්කළේ විශ්වාසවන්තම කෙනෙක්.අපේ රට ඉංග්‍රීසින් යටත් කරගන්නාවිට දියවඩන නිලමේ තනතුර හෙබවුයේ කපුවත්තේ අධිකාරම.1814 සිට 1824 දක්වා කපුවත්තේ අධිකාරම දියවඩන නිලමේ තනතුර දැරුවා.

පස්සේ 1818 දි ඇතිවු උඩරට කැරැල්ල වෙලාවේ වාරියපොල සුමංගල හාමුදුරුවෝ දළදා වහන්සේත් රැගෙන පලාගියා.ඒ දළදා වහන්සේගේ ආරක්ෂාවට.

ඉංග්‍රීසින් වාරියපොල සුමංගල නාහිමියන් අත්අඩංගුවට ගත්තාට පසුව දියවඩන නිලමේ පත්කරන්න ඉංග්‍රීසින් ජන්ද ක්‍රමයක් හදුන්වා දුන්නා.එහිදි ජන්දය හිමිවුනේ මධ්‍යම පළාතේ රටේ මහත්වරුන්ටයි.

1814 සිට 1824 දියවඩන නිලමේ තනතුර දැරු කපුවත්තේ අධිකාරම්තුමා මියගිය පසු දෙහිගම ලොකුබණ්ඩාර නිලමේ 1824 දි ඉංග්‍රීසින් විසින් පත්කළා.තුන් අවුරුද්දකට පස්සේ ඔහු මියගියාම කුඩා මොල්ලිගොඩ නිලමේව එම තනතුරට ඉංග්‍රීසින් පත්කළා.ඔහුගෙන් පස්සේ කුඩා දෙහිගම නිලමේ 1828 දි පත්කළා.එම කාලයේදි තමයි වැසි නොමැතිව වගා පාලුවි යද්දි දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න කියලා ඉංග්‍රීසින් නියම කළේ.

කුඩා දෙහිගම නිලමේගේ අභාවයෙන් මුල්ලේගම අධිකාරම් නිලමේ දියවඩන නිලමේ තනතුරට ඉංග්‍රීසින් පත්කළේ 1835දි.ඉන් පස්සේ පත්වුනේ දුල්ලෑව අධිකාරම.ඔහු 1848 මාතලේ කැරැල්ලට සම්බන්ධ විම නිසා ඉංග්‍රීසි ආණ්ඩුව ඔහු එම තනතුරෙන් පහකළා.

1818 සිට 1847 දක්වා දළදා මාලිගාව පාලනය වුනේ ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ.බ්‍රිතාන්‍යය පාලන සමයේ මෙම තනතුරට පත්කළේ උඩරට දිසාවන්හි අධිකාරම් හෝ දිසාවේ තනතුරු දැරු අයයි.

1847 දි තමයි සුද්දෝ දළදා වහන්සේගේ හිමිකාරිත්වය මහ සංඝ රත්නයට භාරදිමට කටයුතු කළේ.නමුත් ආපහු ඔවුන් 1848 කැරැල්ලේදි දළදා වහන්සේ ඔවුන්ගේ භාරයට ගත්තා.1853 දි යළිත් දළදා වහන්සේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට හා දියවඩන නිලමේට හිමිකාරිත්වය පවරන්න ඉංග්‍රීසි ආණ්ඩුව තිරණය කළා.ඒ යුගයේ දියවඩන නිලමේ ධුරය දැරුවේ ලොකු බණ්ඩාර දෙහිගම නිලමේතුමා.

ඒ තීරණය ගත්තේ බ්‍රිතාන්‍යයේ කැබිනට් මන්ඩලයෙන්.යටත් විජිත ලේකම්වරයාවු ආදිපාදවරයා ලංකාවේ ආණඩුකාර ජෝර්ජ් ඇන්ඩරසන් ට මේ බව දන්වා එවා ඇත්තේ මෙහෙමයි.

” මම දළදාව හෙවත් ශුද්ධවු දන්ත ධාතුව සම්බන්ධයෙන් ඔබ කළ යුතු කරුණු, එසේම අනුමත කරන අතර කාටවත් 1847 මෙන් හැරදමන දේ නැවත ඇති කිරිම ගැන සතුටු වෙමි. මගේ විශ්වාසය අනුව ඔබ ධාතු ප්‍රදර්ශනය අභිමත ලෙස පැවැත්වු අතර එය භාර නිළධාරියා ලෙස අවධානයෙන් කටයුතු කිරිම ගැන සැකයක් නොමැත. ඔබ විසින් බස්නායක නිලමේ හා දේව නිලමේ (දියවඩන නිළමේ) යන පාලන තනතුරු (secular superintendents) පත්කිරීම සම්බන්ධයෙන් ආගමකට සම්බන්ධ නැති අධිකාරිවරුන් රජය මගින් පත්කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය කාර්ය කිරිමට කටයුතු සම්පාදනය කරනු ලබයි. බස්නායක නිලමේ හා ආදාළ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ වාසින්ගේ නායකයන් මෙන්ම, දියවඩන නිලමේ පත් කිරිම ඡන්දයකින් සිදුවේ. සමහර අවස්ථාවලිදි ‍බස්නායක නිලමේ යන තනතුරද ඡන්දයකින් පත් කරන අතර, එවිට ප්‍රධාන පූජකයාට ලබා දෙන ආකාරයේ සහතිකයක් ඡන්ද කොට්ඨාශය මගින් ලබා දෙයි.”

1862 දි කුඩා බණ්ඩා දුනුවිල නිලමේ මෙම තුනතුරට පත්ව වසර 20 ක් සිටියා.ඒ අතරේ තමයි ඉංග්‍රීසින් ⁣දියවඩන නිලමේ තනතුරට ජන්ද ක්‍රමයක් හදුන්වා දුන්නේ.දුනුවිල නිලමේගේ අභාවයෙන් පස්සේ 1882 දි නව ජන්ද ක්‍රමයෙන් කුඩා මුදියන්සේ ගිරාගම නිලමේ දියවඩන නිලමේ තනතුරට පත්වි වසර 15 ක් සිටියා.ඉන්පසුව ක්‍රමයෙන් පත්වු දියවඩන නිලමේවරන්ගේ නම් පහතසටහන් කර තිබෙනවා.

ඉතින් මේ පත්වු නිලමේවරුන්ට ජිවිතාන්තය දක්වා එම ධුරය දරන්න පුළුවන් වුණා.නමුත් 1931 විහාර දේවාලගම් පනත අනුව එම ධුරය දැරිය හැකි කාලය වසර 10 දක්වා සිමා කළා.ඒත් අවුරුදු 70ට අඩු අයට පමණයි.මේ ක්‍රමය යටතේ මුලින්ම පත්වුනේ ටිකිරි බණ්ඩා රත්වත්තේ නිලමේ තුමා.
1931 පනත සම්මතවුවත් ජන්දය තියන්න හැකිවුනේ 1937 දි.එතෙක් තනතුරේ සිටි පුංචි බණ්ඩා නුගවෙල දියවඩන නිලමේ තනතුරෙන් ඉවත් නොවිම ඊට හේතුවයි.ඔහු මියගියේ 1937 දි.
ජන්දයෙන් මුල්වරට පත්වු ටිකිරි බණ්ඩා රත්වත්ත දියවඩන නිලමේවරයා ජන්ද 45ක් ගත්තේය.ඔහු සමඟ තරඟකළ කුඩා බණ්ඩා නුගවෙල බස්නායක නිලමේවරයා ගත්තේ ජන්ද 42ක් ගත්තේ්ය.මුළු ජන්ද ගණන 92කි.ජන්ද තුනක් නරක්වි තිබිණ.තිදෙනකු පැමිණ සිට නැත.1937 ජුනි 3 වැනිදා මගුල්මඩුවේදි මෙම නිලවරණය පැවැත්විණ.

කපුවත්තේ අධිකාරමගේ සිට මේ දක්වා දියවඩන නිලමේවරු 19දෙනෙකු පත්වි
තිබෙනවා.2025 නොවැම්බර් 7 වැනිදා තෝරන්නේ 20 වැනි දියවඩන නිලමේවරයායි.
මෙම නිලමේවරුන් ගන්නා ලද ජන්ද සංඛ්‍යාව සොයමින් පවතින අතර ඉන් මා සොයාගත් ජන්ද ප්‍රතිඵල කීපයක් පහත දක්වමි.
.
1975 දියවඩන නිලමේ නිලවරණය

ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා -ජන්ද 111යි
නොයෙල් පරණගම මහතා-
ජන්ද 97
මහින්ද සේනානායක මහතා- ජන්ද 32

1985 නිලවරණය

නෙරංජන් විජයරත්න මහතා- ජන්ද 104
මහින්ද දෙල්පිටිය මහතා – ජන්ද 60
ගොඩ්වින් නුගවෙල මහතා – ජන්ද 32
රයන් රත්වත්ත මහතා – ජන්ද 31
බෝවන්ගේ මහතා – ජන්ද 27
ටි.බි.දිසානායක රඹුක්වැල්ල මහතා – ජන්ද 11
බන්දුල සේනානායක මහතා – ජන්ද 9

1995 නිලවරණය
නෙරංජන් විජයරත්න මහතා – ජන්ද 198
මහින්ද සේනානායක මහතා -ජන්ද 66
මහින්ද දෙල්පිටිය මහතා-ජන්ද 32

කපුවත්තේ අධිකාරමගේ සිට මේ දක්වා පත්වු දියවඩන නිලමේවරුන්

කපුවත්තේ අදිකාරම් නිලමේ 1814 – 1824

දෙහිගම ලොකු බණ්ඩාර නිලමේ 1825 – 1827

කුඩා මොල්ලිගොඩ නිලමේ 1827 – 1828

කුඩා දෙහිගම නිලමේ 1828 – 1835

මුල්ලේගම අදිකාරම් නිලමේ – 1835 – 1842

දුල්ලෑව අදිකාරම් නිලමේ 1842 – 1848

ලොකු බණ්ඩාර දෙහිගම නිලමේ 1848 – 1862

කුඩා බණඩා දුනුවිල නිලමේ 1862 – 1882

කුඩා මුදියන්⁣සේ ගිරාගම නිලමේ 1882 – 1897

සෙනෙවිරත්න රත්වත්තේ නිලමේ 1897 – 1901

කුඩා බණ්ඩාර නුගවෙල නිලමේ 1901 – 1916

පුංචි බණ්ඩා නුගවෙල නිලමේ 1916 – 1937

ටිකිරි බණ්ඩා රත්වත්ත නිලමේ 1937 -1947

කුඩා බණ්ඩා නුගවෙල 1947 – 1961

හැරිස් ලෙව්කේ රත්වත්තේ නිලමේ 1961 – 1964

හින්බණ්ඩා උඩුරාවන නිලමේ 1964 – 1974

ආචාර්ය නිශ්ශංක විජයරත්න නිලමේ 1974 – 1985

නෙරංජන් විජයරත්න නිලමේ 1985 -2005

ප්‍රදීප් නිලංග දෑල නිලමේ 2005 සිට

,
උපුටා ගැනීමක්.



6 Viewers