• Home »
  • Uncategorized »
  • දේශප්‍රේමී ජාතික පෙරමුණ රුසියානු තානාපති හමුවට

දේශප්‍රේමී ජාතික පෙරමුණ රුසියානු තානාපති හමුවට

දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩලය පසුගියදා (15දා) රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා සමග සාකච්ඡාවක් පැවත්වුවා. මෙම හමුව කොළඹ රුසියානු තානාපති  කාර්‍යාලය්දි පැවත්වුනා.

රුසියානු ඒරෝෆලයිට් සිදුවීමේදි දේශප්‍රේමි ජාතික පෙරමුණ ලබාදුන් සහයෝගය තනාපතිතුමා විසින් ඇගයීමට ලක් කල අතර ජිනීවා මානව හිමිකම් කමිටුව ඇතුළු ජාත්‍යන්තර වේදිකාවේදි රුසියාව ලංකාව වෙනුවෙන් ලබාදෙන සහයෝගය උදෙසා  ශ්‍රි ලාංකික ජනතාව වෙනුවෙන් දේශප්‍රේමි ජාතික පෙරමුණ සිය ගෞරවය ප්‍රකාශ කර සිටියා.

රුසියාව සහ ලංකාව අතර පවතින දිර්ඝකාලීන රාජ්‍ය ත්‍රාන්ත්‍රික මිතුදම්, අද අප මුහුණ දෙන බලශක්ති අර්බුදයට මුහුණ දිම සඳහා රුසියානු ජනරජයෙන් ලබා දිය හැකි සහය පිළිබඳව තනාපතිතුමා අදහස් දැක්වුවා.

ඉන්දියානු සාගරය තුල පවතින බල අරගලයෙන් වින්ධිතයකු බවට පත්ව ඇති ලංකාව ඉන් ගලවා ගැනීම සඳහා ලෝක දේශපාලනය තුල රුසියානු භූමිකාවේ වැදගත්කම දේශප්‍රේමි ජාතික පෙරමුණේ විදේශ ප්‍රතිපත්තිය තුල ඉතා වැදගත් ප්‍රමුඛතාවක් බව මධ්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් පෙන්වා දුන්නා.  තවද රුසියානු වෙළඳ පල ශ්‍රි ලාංකීය ව්‍යාපාරිකයන්ට සහ නිශ්පාදකයන්ට විවෘත වඩා පුළුල්ව විවෘත කරගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදි දීර්ඝව සාකච්චා කළා.

මේ අවස්ථාවට රුසියානු තානාපති කාර්‍යාලයේ පළමු ලේකම් Maria Popowa මහත්මිය සහ තෙවන ලේකම් Alexandar Ivin සහභාගි වුන අතර දේශප්‍රේමි ජාතික පෙරමුණ නියෝජනය කරමින් මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව, ජෙයෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක සහ බලශක්ති ඉංජීනේරු කීර්ති වික්‍රමරත්න යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වුහ.



42 Viewers