නේස්බි සාමි ‘ඉරිදා දිවයිනට’ කළ අළුත්ම හෙළිදරව්ව… නේස්බි සාමි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට හමුවෙයි….
(Courtesy of Divaina)

- මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 3000ක් යැයි ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් පැවැසුවා
- ශ‍්‍රී ලංකා හමුදාව වෙනුවෙන් ඇත්ත හෙළිකළ නේස්බි සාමිට විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය සමරු තිලිණයක් පුදකරයි
- යස්මින් සූකා මියගිය ද්‍රවිඩ වැසියන් සංඛ්‍යාව 40000 සිට 75000 තෙක් ඉහල නංවයි
- කෝකිලායි මුහුදේදී නාඳුනන බෝට්ටුවකට වෙඩි තැබූ ඩෝරා පී 439 යාත‍්‍රාවේ මුළු නිලධාරීන් සමූහයම රිමාන්ඞ් කිරීමේ විශ්මය ජනක සිද්ධියක්
- බටහිර රටවල සිටින ඩයස්පෝරාව තවමත් ඊළාම් රාජ්‍යයක් කෙරේ සිිහින මවන බව නෙස්බි සාමි පවසයි.
මයිකල් මොරිස් හෙවත් නේස්බි සාමිවරයා පසුගිය සඳුදා මෙරටට සම්ප‍්‍රාප්ත විය. ඔහු ශ‍්‍රී ලංකාවට එන බවත් නතරව සිටින්නේ කුමන හෝටලයක දැයි කොළඹ සහ උතුරේ කොටි ඩයස්පෝරාව දැනසිටියේ නැත. ඔහු අඟහරුවාදා සවස කොළඹ සුපිරි හෝටලයක පැවැති විද්වත් වෘත්තිකයන්ගේ මහා සමුළුවට සහභාගි විය. ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ සමුළුවට පසු නේස්බි සාමිවරයා දේශපේ‍්‍රමීන් විසින් පැවැත්වූ සාදයකටද සහභාගි විය. ඔහු දෙවැනි වරටත් මා හමුවී සාකච්ඡා කළේ මෙම අවස්ථාවේදීය.
‘‘මට ඉන්දියාවේ රෙකිට් කෝල්මන් සමාගමේ සේවය කරද්දී උසස් වීමක් ලැබුණා. එම උසස් වීම ලැබුණේ ශ‍්‍රී ලංකාවේ රෙනිව් සමාගමටයි. එදා සිට මා ශ‍්‍රී ලංකාවට ඇලූම් කරනවා. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී මා වන්නි මෙහෙයුමට අදාළ රහස් ලියවිලිවලින් මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 6000 ත් 8000 ත් අතර සංඛ්‍යාවක් යැයි හෙළිකළ විට කෝපයට පත් කොටි කි‍්‍රයාකාරීන් 88 ක් දුරකථන පණිවුඩ ලබාදී පරණ තොරතුරු අවුස්සන්නේ මන්දැයි ප‍්‍රශ්න කළා. එහෙත් මා ඔවුන්ගේ ප‍්‍රශ්න කිරීමට බියවූයේ නැහැ. මෙම රහස් තොරතුරු බි‍්‍රතාන්‍යයට එවූ ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑස් මට හමුවී ශ‍්‍රී ලංකා හමුදාව විනය ගරුක හමුදාවක් යැයි පැවසුවා. කොටින්ගේ ප‍්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි සිවිල් වැසියන් මුදාගැනීමට හමුදාව කටයුතු කිරීම අගනා කි‍්‍රයාවක් බවද ගෑෂ් කියාසිටියා යැයි නේස්බි සාමිවරයා සඳහන් කළේය.

1975 වසරේදී ශ‍්‍රී ලංකාව සඳහා වූ සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කණ්ඩායමට පිහිට වූ නේස්බි සාමිවරයා තවදුරටත් මෙලෙස පැවැසීය.
‘‘2014 ජුනි මස දිනෙක හිටපු ඇමරිකානු ජනපති බරක් ඔබාමා දෙවැනි ජගත් සංග‍්‍රාමයට සහභාගිවූ සෙබළුන්ව හඳුන්වනු ලැබුවේ එම සෙබළවිරුවන් යුද වැදුණේ සාමය උදෙසා බවයි. එම කියමන ශ‍්‍රී ලංකාවේ සෙබළුන්ට ද උචිතයි. එහෙත් ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළ ශ‍්‍රී ලංකා සෙබළුන් පිළිබඳව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. මානව හිමිකම් කොමාසාරිස්ව සිටි සෙයිද් රාද් හුසේන්ද දෙබිඩි පුද්ගලයෙක් බව කියා සිටියේය.
බි‍්‍රතාන්‍ය හමුදා ඉරාකයේ සිදුකළ දේ ගැන විදේශ මැදිහත්වීමකින් තොරව විමර්ශනය කළ යුතු බව පවසා ඇති සෙයිද් රාද් හුසේන් ශ‍්‍රී ලංකාවේ හමුදාවට එල්ල වී ඇති චෝදනා විමර්ශනයට හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු යැයි පැවසීමෙන් ඔහු ද්විත්ව රංගනයක යෙදී සිටින බව තහවුරු වන බවද නේස්බි සාමිවරයා පළකළේය.
නේස්බි සාමිගේ මෙම හෙළිදරව්ව නිසා ලන්ඩන් කොටි ඩයස්පෝරාව ඊට එරෙහිව බි‍්‍රතාන්‍යයේ සිට කි‍්‍රයාත්මක වන ශ‍්‍රී ලංකා කැම්පෙන් පෝ පීස් ඇන්ඞ් ජස්ටින් නැමැති කොටි හිතවාදී සංවිධානයේ සහය ලබාගත්තේය.
නේස්බි සාමිට එරෙහිවූ මෙම සංවිධානයේ උපදේශකයන් ලෙස කි‍්‍රයාකරන්නේ චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ” නෝර්වීජියානු බියටේ ඇන්ස්ටඞ් යස්මින් සුකා යන කොටි හිතවාදියකුවූ ජේ. එස්. තිසානායගම් යන පිරිසයි.
මොවුන් නේස්බි සාමි වෙතින් ඉල්ලීමක් කරමින් ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි තමන් වෙත ලබාදෙන ලෙසත් එවිට මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව ගැන නිගමනයකට පැමිණිය හැකි බවත් කියා සිටියේය.
එහෙත් මේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප විය.
ඉන්පසු කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍යය වාර්තාකරුවකුවූ පීටර් ඔබර්ගේ ලවා එම රහස් ලියවිලි බොරු බව ප‍්‍රකාශ කරනු ලැබීය.
එසේ වූවත් මේජර් ජනරාල් ජෝන් හොල්ම්ස්” රාජ නීතිඥ ජෙප්රිනයිප් සහ ඩෙස්මන්ඞ් සිල්වා යන විද්වතුන් සකස් කළ විමර්ශන වාර්තාවෙන් ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකර නැති බවද සඳහන් කර තිබුණි.
එහෙත් මේ කිසිදු වාර්තාවක් පසුගිය රජය සහ යහපාලන රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේ නැත.
කෙසේ වෙතත් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන නේස්බි සාමිගේ කි‍්‍රයාකලාපය අගය කරමින් ඔහුව ඇගයීමට ලක්කරමින් ලිපියක් යැවූ අතර එම ලිපියටද විදේශ කටයුතු බලධාරීන්ගෙන් බාධාවක් එල්ල විය.
මෙවන් පසුබිමක් මැද නේස්බි සාමිවරයා මෙරට නතර වී සිටි සිව් දින තුළ ඔහු සමග සාකච්ඡා කිරීමට රජයේ කිසිදු දේශපාලකයෙක් ඉදිරිපත් වූයේ නැත. එහෙත් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ බපධාරීහු ඔහු විද්වත් වෘත්තිකයන්ගේ සමුළුව අමතා පවසන්නේ කුමක්දැයි නිරීක්‍ෂණය කරන බව ආරංචි මාර්ග හෙළිකළේය.
නේස්බි සාමිවරයා පසුගිය සිකුරාදා මෙරටින් පිටව ගියේය. ඊට පෙර ඔහු පැවසුවේ ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉවත්කරගන්නා ලෙස තමා බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කළත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වූ බවයි.
මෙලෙස නේස්බි සාමිවරයා කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි චෝදනා බොරු බව සනාථ කරන අවස්ථාවේ ලන්ඩන් නුවර සිටින කොටි හිතවාදියකු වූ බෙන්ජමින් ඩික්සිත් නැමැත්තා ඉන්දියාවේ ජායිපූර් නුවරට පැමිණ ශ‍්‍රී ලංකා හමුදාව වාර්ගික සංහාරයක් දියත් කළ බව කියා සිටියේය.
නෝර්විජියානු පීපල්ස් ඒඞ් සංවිධානයේ කි‍්‍රයාකාරියකුවූ බෙන්ජමින් ඩික්සි වන්නි මෙහෙයුම සමයේ වන්නියේ සිටියේ නැත.
එසේ වූවත් බි‍්‍රතාන්‍ය හමුදාව මෙරටදී කළ යුද අපරාධ වසන් වී ඇත. බි‍්‍රතාන්‍යයේ කැන්ටබරියේ ආදිපාදවරයා මෑතකදී ඉන්දියාවට පැමිණ 1911 දී බි‍්‍රතාන්‍ය හමුදා සිදුකළ අපරාධ ගැන සමාව ඇයද සිටියහ. මෙරට සිදුවූ අපරාධ ගැන සමාව යැද නැත.
මෙහි පහත දැක්වෙන්නේ බි‍්‍රතාන්‍ය හමුදාව මෙරටදී සිදුකළ අපරාධයි.
- 1807 ආණ්ඩුකාර මෙට්ලන්ඞ් මාතර දිසාපති වෙත ලිපියක් යවමින් මාතර බෞද්ධයින්ගේ කි‍්‍රයාදාමයක් විනාශ කළ යුතු බව දක්වා තිබුණි.
- 1817 බි‍්‍රතාන්‍ය හමුදාවේ ලූතිනන් මැක්ලේන්ට නඩු විභාග වලින් තොරව ඕනෑම අයෙක් මරා දැමීමේ අවසරය හිමිවීම
- 1818 සැරයන් කැල්වයිස්ගේ දින පොතේ සඳහන් වූයේ සෑම දිනකම ගම්මානයක් ගිනිතබා වැනසූ බවත් සිංහලයන් මරා දැමූ බවත්ය.
- 1821 බි‍්‍රතාන්‍ය හමුදාවේ ජෝන් ඬේව් පැවසුවේ ඌව වෙල්ලස්ස ප‍්‍රදේශයේ දේශපේ‍්‍රමි පවුල්වල කිසිම දරුවෙක් නැති බවයි.

මෙම පසුබිම මැද සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වූ 42 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පිටු 88 ක විමර්ශන වාර්තාවක් ඉදිරිපත් විය. එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් ඉදිරිපත් කළ මෙම වාර්තාවේ සඳහන් සියලූ අමුද්‍රව්‍ය ජිනීවා වෙත සපයා ඇත්තේ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් බව පැහැදිලිය.
එහි දක්වා ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති විසින් සමාව දී ඇති බවත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප ලබාදීමක්ය.
එසේම අතුරුදන් කිරීම්වලට සම්බන්ධවූ ආරක්‍ෂක හමුදාවේ සහ පොලිසියේ අයවලූන්ට තවදුරටත් සිය ධුරවල රැඳී සිටීමට ඉඩදීම සහ බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ලවූ ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට හමුදාපතිධුරය දීම කනගාටුවට කරුණක් බවත් එම විමර්ශන වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
මේ හැර අතුරුදන්වූවන්ගේ ඥාතීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යන අවස්ථාවේ ඔවුන්ට කටුනායකදී සහ අබුඩාබි ගුවන්තොටුපළේදී හිරිහැර සිදුවී ඇති බවටද එහි දක්වා ඇත. මෙය මුළුමනින්ම බොරු ප‍්‍රකාශයකි.
මෙයට අමතරව ශ‍්‍රී ලංකා රජය සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කර නැති බවටද චෝදනා කරන එම වාර්තාව යුද අපරාධ චෝදනා විමර්ශනයට විදේශ විනිසුරන් පරීක්‍ෂකයන් සහ නීතිවේදීන් අවශ්‍ය බවද යළිත් වරක් ප‍්‍රකාශ කර ඇත.
රජය මෙම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කළත් එම කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා බි‍්‍රතාන්‍ය රජය සිය ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ්ට අවසර දේද? එම පසුබිම යටතේ බි‍්‍රතාන්‍ය රජය නේස්බි සාමිගෙන් වසන් කළ රහස් ලියවිලි සත්‍ය සෙවීමේ කොමිසම ඉදිරියේ අනාවරණය කරනු ඇතැයි කිවහැකිද?
එහෙත් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි රැසක තොරතුරු හෙළිදරව් කිරීමට බි‍්‍රතාන්‍ය රජය කිසිවිටෙක කි‍්‍රයා නොකරනු ඇත.
ඒ ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් මියගිය බවට එල්ල වූ බොරු චෝදනාව මුළුමනින්ම සාවi ප‍්‍රකාශයක් වන නිසාය.
මේ අතර විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ බලධාරීන්ට කොන්දක් තිබූ නිසා එම සංවිධානය ශ‍්‍රී ලංකාවට හිතවත් නේස්බි සාමිවරයාට තම මහ සමුළුව වෙත ඇරයුම් කරනු ලැබීය.
නේස්බි සාමිවරයා මෙරටට පැමිණීම ගැන කොටි රූකඩයවූ ද්‍රවිඩ සන්ධානය මෙන්ම කොළඹ එන්. ජී. ඕ ජාලය කිසිසේත් කැමැත්තක් නැත.
පසුගිය සැප්තැම්බර් 19 වැනිදා රාත‍්‍රියේ කොළඹ සිනමන් ලේක් හෝටලයේදී නේස්බි සාමි අප හමුවූ අවස්ථාවේ පැවසුවේ ජිනීවා යෝජනාව ඉවත්කළ යුතු බව දැක්වෙන තම ස්ථාවරය වෙනස් වී නැති බවයි. ශ‍්‍රී ලංකා හමුදාව සටන් වැදුණේ ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමගයි. බි‍්‍රතාන්‍ය රජය මේ බව තේරුම් ගත යුතුයි යැයි හෙතෙම කියා සිටියේය. මේ අතර ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව මානව හිමිකම් සමුළුවේදී කොටි ඩයස්පෝරාවට එරෙහි මෙහෙයුම පසුගිය බ‍්‍රහස්පතින්දා සිට දියත් කර තිබුණි. එරික් මාකවිටගේ ජෙයරාජ් පලිහවඩන” සේනක රාජපක්‍ෂ” ටෙනි ෆර්ඩිනැන්ඩස්” රනිල් ජයනෙත්ති” චතුර අවන්ත” සුසිල් ගුරුගේ යන දේශපේ‍්‍රමීහු මේ මෙහෙයුමට සම්බන්ධ වුණි.
එසේම ත‍්‍රස්තවාදයේ සිට සාමය දක්වා මැයෙන් ඡායාරූප ප‍්‍රදර්ශනයක් ඊයේ (21 වැනිදා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පවත්වනු ලැබීය.
මෙයට අමතරව කොටි සංවිධානය යුද අපරාධකළ බවට මුල්ම පැමිණිල්ල මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබුවේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවයි. වෙන කිසිම සංවිධානයක් මේ දක්වාම ඊට දායක වුණේ නැත.

මේ පැමිණිල්ල නිසා කොටි තරුණියන්ගේ කරේ සයිනයිඞ් කරල් එල්ලීම සම්බන්ධයෙන් කොටි න්‍යායචාර්ය ඇඩෙලා බාලසිංහම්ගේ නම මානව හිමිකම් කවුන්සිලයේ වාර්තා වල සටහන් විය.
කොටි සංවිධානය වසර 30 ක් තිස්සේ ශ‍්‍රී ලංකාව තුළ ත‍්‍රස්තවාදය දියත් කළත් කිසිදු ආණ්ඩුවක් ඇඩෙලා බාලසිංහම්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට ගෙන ගියේ නැත.
මේ අතර විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැත්වූ සිය 32 වැනි සමුළුවේදී නේස්බි සාමි වරයාට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ලවා සමරු තිලිණයක් පිරිනැමීය. එම සංවිධානයේ සභාපති සමන් වරුසවිතාන මහතාගේ මෙහෙයවීමෙන් පැවැති එම සමුළුවේ ආරම්භක උත්සවයේදී ද්‍රවිඩයන් 40000 ක් ඝාතනය කළ බවට කොටි ඩයස්පෝරාව නැගූ චෝදනාව බොරු කළ නේස්බි සාමිවරයා ඇගයීමට ලක්කෙරුණි.
මෙහිදී මා සමග සාකච්ඡාවකට සම්බන්ධවූ නේස්බි සාමිවරයා යටපත්වී තිබූ තවත් අබිරහසක්ද හෙළි කළේය. යුද්ධයේදී මියගිය සංඛ්‍යාව ගැන මා ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් විමසුවා. ඔවුන් එය 3000 ක් යැයි කියා සිටියා යැයි සඳහන් කළේය.
එසේම තමා ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගෙන් යුද්ධය ගැන තොරතුරු විමසූ විට ඔහු පැවසුවේ මියගිය පිරිස 6000 ත් 8000 ත් අතර සංඛ්‍යාව නිවැරදි බව යැයි නේස්බි සාමිවරයා තවදුරටත් කියා සිටියේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්වූ යස්මින් සුකා සහ හිටපු බී.බී.සී වාර්තාකාරී ප‍්‍රාන්සන් හැරිසස් ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව භාරගෙන ඇති කොටි කොන්ත‍්‍රාත්තුව තවදුරටත් කි‍්‍රයාත්මක කර ඇත.
මේ සතියේ බදාදා දිනයේ සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්වීමක් පැවැත්වූවාය. ඇය මේ රැස්වීම සඳහා යුද අපරාධ පිළිබඳවූ හිටපු ඇමරිකානු නියෝජිත ස්ටීවන් රැප්ද ගෙන්වාගෙන තිබුණි. ඇගේ මේ රැස්වීමේ ඉලක්ක වූයේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වායි.
මානව හිමිකම් කවුන්සිලය තුළ ෙසෙවරී රටක හමුදාපතිවරයකු සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු ගැන රැස්වීම් පැවැත්වීම නීතිවිරෝධී වේ. එහෙත් සුකාගේ මේ සමාන්තර රැස්වීමට ජිනීවාහි නිත්‍ය නියෝජිත කාර්යාලය විරෝධය දක්වා නැත.
යස්මින් සුකා මෙම රැස්වීම සඳහා ඩැංග් වැන්ඩර් පොන්නොප් නමින් හඳුන්වන විමර්ශිකාවක්ද ගෙනවිත් තිබුණි.
ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ජනපතිවරණය සඳහා බලඅරගලයක නිරතවී සිටියදී කොටි ඩයස්පෝරාව පළිගැනීමේ අරමුණින් සුකා ප‍්‍රමුඛ කොටි හිතවාදීන් ලවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තම බූදලය ලෙස භාවිත කරද්දී වත්මන් රජය නිහඬව සිටී.
මෙයට පෙර කොටි ඩයස්පෝරාව මානව හිමිකම් සමුළුව වන අවසන් දින සවස්යාමයේ සුකා සිදුකළ මෙහෙය වෙනුවෙන් ඇයට සාදයක් පවත්වනු ලැබීය.
සැප්තැම්බර් 18 වැනිදා යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලය තුළ පැවැත්වූ සමාන්තර රැස්වීමට අනුග‍්‍රහය සපයනු ලැබුවේ ප‍්‍රංශයේ සිට කි‍්‍රයාත්මක වන ඒ. බී. සී” ටැමිල් ඔලී නමැති සංවිධානයයි. මෙය කොටි හිතවාදී සංවිධානයකි. එය මෙහෙයවන්නේ මරියද්‍රාස් බොස්කෝයි. මේ නිසා යස්මින් සුකාගේ කොටි සම්බන්ධකම් තහවුරු කිරීමට වෙනත් සාක්‍ෂි අවශ්‍ය නැත. මෙම සමාන්තර රැස්වීම නිමිත්තෙන් ඇය ප‍්‍රකාශයට පත්කළ පත‍්‍රිකාව අපි අද අනාවරණය කර ඇත. එහි දැක්වෙන්නේ පොලිස් නිලධාරියකුගේ රුවකි.
මේ අතර සූකා මෙම රැස්වීමේදී සිය අළුත්ම බොරුව ප‍්‍රකාශයට පත් කළාය.
ද්‍රවිඩයන් 40000 ක් නොවෙයි 75000 ක් මැරුවා. මා අලූත්ම තොරතුරු සොයා ගත්තා යැයි ඇය පවසද්දී ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ඊශ‍්‍රායල ප‍්‍රධානී ජනිත් විමල ඊට අභියෝගයක් කළේය. නේස්බි සාමි මියගිය සංඛ්‍යාව 8000 ක් යැයි රහස් ලියවිලි වලින් පවසද්දී ඔබ වසරක් පාසා මේ සංඛ්‍යාව ඉහළ නංවන්නේ කෙසේදැයි ජනිත් විමල ඇගෙන් ප‍්‍රශ්න කළේය. සූකා ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැත. ඇගේ ප‍්‍රකාශයෙන් පසු හිටපු බීබීසී වාර්තාකාරී ප‍්‍රාන්සස් හැරිසන් පැවසුවේ මියගිය සංඛ්‍යාව ලක්‍ෂයකට වැඩි බවයි. මෙවන් තත්ත්වයක් මැද කෝකිලායි මුහුදේදී නාදුනන බෝට්ටුවකට වෙඩිතැබූ ඩෝරා යාත‍්‍රාවක මුළු නිලධාරී මණ්ඩලයම රිමාන්ඞ් භාරයට පත්විය. මෙය සංහිඳියා කි‍්‍රයා මාර්ගයක්ද?
මෙවන් පසුබිමක් මැද උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති විග්නේශ්වරන් නැමැත්තා යාපනයේදී එළගු තමිල් නමින් රැස්වීමක් පවත්වනු ලැබීය. මෙය ප‍්‍රභාකරන්ගේ පොංගු තමිල් නැමැති බෙදුම්වාදී රැස්වීම්වලට සමානය. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ විග්නේශ්වරන් වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධවලට වරදකරුවී ඇති බව කියා සිටියේය.
එසේම උතුරු නැෙඟනහිර මානව හිමිකම් උල්ලංඝනය වන නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විශේෂ නියෝජිතයකු මෙරටට එවා මානව හිමිකම් කාර්යාලයක් මෙරට පිහිටුවිය යුතු බවත් ඊට අමතරව ශ‍්‍රී ලංකාව යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු බවත් හෙතෙම පල කළේය.
ද්‍රවිඩ ජනතාව රජයේ කි‍්‍රයාමාර්ග වලට හිස නමන්නේනැති බව පැවසූ විග්නේශ්වරන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද චෝදනා කරමින් ශ‍්‍රී ලංකාව සිදුකළ යුද අපරාධ ගැන නිසි පියවරගෙන නැතැයිද සඳහන් කළේය.
මේ අතර වික‍්‍රමසිංහ රජය යාපනයේදී කොටි ත‍්‍රස්තයකු වූ තිලිපන් සැමරීමටද ඉඩදුන්නේය. තිලිපන් යනු 1987 සැප්තැම්බර් මස යාපනයේදී උපවාසයක් ආරම්භ කර ඉල්ලීම් කීපයක් ඉටුකරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටි කොටියෙකි.
යුද හමුදාව සමග ඇතිවූ සටනකදී බරපතළ තුවාල ලැබූ තිලිපන් මිය යෑමට ආසන්නව මෙම උපවාසය ආරම්භ කළේය.
ඔහුගේ ඉල්ලීම් ඉන්දීය රජය ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය.
මේ කොටි ත‍්‍රස්තයා සැමරීමට යාපනයේ නගරාධිපති ආර්නෝල්ඞ් එමානුවෙල් කටයුතු කරද්දී පොලිසිය බලාසිටියේය.
කොටි සංවිධානය තහනම් වුවත් කොටි සමරුවක් පැවැත්වීමට යාපනය නගරාධිපතිට හැකිවූයේ කෙසේද?
ඒ ද්‍රවිඩ ඡන්ද නිසාද?
457 Viewers





