රනිල්ගේ දේශපාලන විජ්ජාව!

Ranil’s Political Master-stroke

ශ්‍රි ලංකවේ ඉතා නුදුරේදි ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි.පවතින ආණ්ඩුව පිරිහීමේ හිණිපෙත්තටම පැමිණි අවස්ථාවක මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකු ගැන ජනප්‍රසාදයක් නැහැ. අස්ථාවර , අනාරක්ෂිත  සහ පසුගාමිත්වය කරා යන රටක් බවට මේ ආණ්ඩුව මේ රට පත්කර ඇති පසුබිමක තාර්කිකව හිතුවොත් මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට මේ රටේ බලය හිමි වියයුතු නැහැ.නමුත් එය එසේනම් ගෝඨාභය රාජපක්ෂ  ප්‍රතිවාදි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස 70%-80% ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයගත යුතු වෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම මිනිසුන් එහෙම තාර්කිකව තම ඡන්දය භාවිතා කරලා නැහැ. ඒකට ලොකුම හේතුව මිනිසුන්ව හැමදාම ඉත සියුම් ලෙස ඇස් වලට වැලි ගසා කරන රැවටීම.එය හුදෙක් මේ රටේ දේශපාලඥයින් කරන දෙයක් නොව බටහිර තානාපති කාර්‍යාල සහ විදේශ ඔත්තු සේවා එකතු වෙලා කරන අති සූක්ෂම මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි. එද 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුනේ ඔහුගේ අඩුපාඩුකම් නිසා පමණක් නොවන බව පසු කලෙක ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභික ජොන් කෙරීගෙ ප්‍රකාශයෙන් පැහැදිලි වුනා. එහිදි ශ්‍රි ලංකාවේ රෙජිම් චේන්ජ් මෙහෙයුමට ඇමෙරිකාව විසින් පොම්ප කල මුදල් කන්දරාව ගැන සඳහන් වුනා.2019දිත් එය එසේ ක්‍රියාත්මක කිරීමට දැන් පිඹුරුපත් සකස් වෙලා ඉවරයි. ඔබ මෙතරම් පිලිකුල් කරන, රටට විනකරන රනිල් වික්‍රමසිංහ යලිත් රජ කරවන සූක්ෂම සැලැස්ම දැන් ක්‍රියාත්මකයි.ඔබ එක දෙයක් හොඳින් මතක තබා ගන්න. බටහිර රටවල් හැම විටම රනිල් රජ කරවන්නයි කටයුතු කරන්නේ. මොකද ඔවුනට සිටින සුවච, හදවතින්ම ලැදි ඒජන්තයා රනිල්.මීට ඉහත අවස්ථාවක මේ රනිල් එජාප නායකත්වයට ආ අදිසි විදිය ගැන දීර්ඝ ලිපියක සඳහන් කලා (facebook.com).

ප්‍රේමදාස, ලලිත් සහ සහ ගාමිණි ඉතාම පුදුමාකාර විදියට දේශපාලන සිතියමින් ඉවත් කෙරුණා. එජාපයේ ජාතික නායකත්වයේ පතාක යොධයෝ අදිසි හස්තයකින් ඉවත් කෙරුණා. රනිල්ට තිබ්බේ කිරුළ පලදින්න විතරයි. හැබැයි කවරමදාවකවත් ඒ අදිසි බලවේගයෙන් රනිල්ට අබමල් රේණුවක හානියක් කලේ නැහැ. පසු කලෙක යලිත් එසේ රනිල්ට තර්ජනයක් වුයේ ගාමිණි අතුකෝරාළ. ඔහුත් ඉතාම අදිසි විදියට රනිල් සමග පැවති සාදයකින් මිය ගියා .එදායින් පසුව රනිල්ට අභියෝගයක් වන ජාතික නායකත්වයක් පැවතියේ නැහැ. සජිත් හැම දාම කැරලි ගහනවා කිව්වට එලි පිට කිසි දෙයක් කලේ නැහැ. මොකද මරණ බිය කියන එක විශ්වීය දෙයක්. පෙර නායකයින්ට වුන ඉරණම ඔහු දැනන් හිටියා. සිරිසේන් අගමැතිකම දෙන්න අහපු වෙලෙත් ඒ දෙය ඔහු භාර නොගත්තේ රනිල් කියන්නේ බටහිර රටවල බල කේන්ද්‍රයක් බව දන්න නිසා.රනිල් තමන්ට කවරමදාවත් ජනධිපතිවරණයකින්  ජයග්‍රහණය කරන්න බැරි බව දන්න නිසා ඉතා සියුම්ව ජනාධිපති බලතල අගමැතිට පවර ගත්තා 19වැනි සංශෝධනය හරහා . මේවා ඔක්කම කපටි සුත්තර විදියට කලේ ඊනියා සිවිල් සංවිධාන වලට මුවා වෙලා ප්‍රජාතන්ත්‍රාවාදය බලවත් කරන මුවාවෙන් . බටහිර රටවල් යහමින් මේ සියල්ලට වියදම් කලා. මන්ද දුර්වල රාජ්‍යයක් කියන්නේ ඔවුන්ගේ මූලෝපායික සහ සංග්‍රාමිකා බලා ව්‍යාප්තියට තෝතැන්නක්; සිරියාව, ලිබියාව, ටියුනීසියාව, සුඩානය, ඉරාකය වැනි රටවලට අත් වුන ඉරණමත් හේතුව එයයි.  කොහෝම හරි මිදි තිත්තයි කන්න බැහැ කිය කිය හිටිය රනිල්ට දැන් මිදි වල්ලෙන් ටිකක් කන්න පුළුවන් විදියට  19 වැනි සංශෝධනය ලහි ලහියේ සම්මත කර ගත්තා.මෙයයි රනිල් වැන්නෙක්ගෙන් රටට තියෙන අනතුර. අවසානයේ ඔහුට බලය කෙන්ද්‍රගත වෙන විදියටයි මේ සියල්ල සකස් වෙන්නේ.බටහිරත් ඒක ඒ විදියටම වෙනකන් පිටුපසින් සිට සියල්ල මෙහෙයවනවා.එම නිසාම තමයි පසු ගිය ඔක් 26 විප්ල්වයේදි තානාපති කාර්‍යාල සියල්ල පාර්ලිමේන්තුව සහ අධිකරණයත් එක්ක ඉතාම කිට්ටුවෙන් කටයුතු කලේ.කරුණු එසේ තිබියදි යලි දැන් එලඹෙන ජනාධිපතිවරණයේදි යලි බලය ලබාගැනීම විශාල අභියෝගයක්. මෙවරත් පොදු අපේක්ෂකයෙක් දැමීමට රනිල් සහ බටහිර කැමති වුවත් භූමි තලයේ එජාප පාක්ෂිකයින්ගේ එයට සහයක් ලැබෙන්නේ නැහැ, එය වඩාත් තීව්‍ර ලෙස දැනුන සිරිසේන සමග ඇතිවුන මතබේද තුලින්.

ඉතින් මෙවර ඉදිරිපත් කරන කෙනා ජනතාව අතර ලොකු හැඟීමක් ඇති කරන්න නම් එයට පොඩි ප්‍රයෝගයක් අවශ්‍ය වුනා ( sensationalize the nomination of candidate).සුද්ද සිංහලෙන් කියනවා නම් නිකමෙක් පොරක් කරන විදියක්. ඒකට හොඳම විදිය තමයි පක්ෂය ඇතුලේ ලොකු අර්බූදයක් ඇති වෙලා සජිත් රනිල් ලොකු විරසකයක් පෙන්වීම.  පුදුම හිතෙන්නේ මෙතුවක් කල් රනිල්ට භයේ පරාණ බියෙන් හිටපු සජිත්ට කොහොමද මෙච්චර හයියක් ආවේ කියන එක. ඇත්තටම වෙන්නේ රෙස්‍ර්ලින් ( Wrestling) වල වගේ පිටපතකට ගහ ගැනීම ( Fighting to a Script). ඉතාම හොඳ රනිල් වාදියෝ වන මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර වැනි අයත් සජිත්ට සහය දැක්වීම මෙය සනාථ කරනවා. අවසානයේ මේ සියළු අභියෝග ජයගෙන ඉදිරියට ආ නායකයා ලෙසා හුරේ හෝයියා දමා සජිත් ජනාධිපති අපේක්ෂම වෙනවා. බිම් මට්ටමේ එජාප පාක්ෂිකයින් උද්දාමයට පත් වෙනවා. ඔවුන් සජිත් ජනාධිපති කිරිමේ සටන කරටම ගන්නවා. කොළඹ 7 නෝනලා මහත්තුරු සජිත්ට අකමැති වුනත් එයාලගේ යටි හිත දන්නවා කවුරු ජනාධිපති වුනත්  ඩ්‍රයිවින් සීට් (Driving Seat) එකෙ ඉන්නේ රනිල් කියලා. ඒ විශ්වාසයෙන් ඔවුනුත් රනිල්ට උපරිම සහය දෙනව.
සුළු ජාතික පක්ෂත් ඒ මතවාදයෙන්ම සහය දෙනවා.

රනිල් පිටුපසින් සිට සිනා වෙනවා
මොකද රනිල්ගේ ප්ලෑන් එක අකුරටම ක්‍රියාත්මක වෙලා හරියටම ඉල්ලක්කයට වදිනවා 1. ඔක්කම එජාප ලැදි බලවේග ඔය සියුම් උපක්‍රමය හරහා එකතු කරනවා ( A unifier of all anti nationalist forces).

සජිත් රනිල්ට බැරි වෙලාවත් තර්ජණයක් වගේ තේරුණොත් අර ගාමිනිලට, ලලිත්ලට ක්‍රියාත්මක වුනු අදිසි බලවේගය ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාර හරහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ත්‍රස්තවාදය සමාජගත කලෙත් ඒ සඳහාමයි

ඉතින් මෙවර සජිත් විතරක් දාලා ගෝඨාභය රාජපක්ෂව පරද්දන්න බැහැ. මොකද ආණ්ඩුව ගැන ඉමහත් කලකිරීමෙන්  ඉන්න ජනතාව ගෝඨාභය වෙත යෑම වැලැක්විය යුතු වෙනවා.ඒකට භාවිතා කරන්නේ ඡන්ද කැඩීමේ ( SPLIT VOTE STRATEGY) ප්‍රයෝගය.

වෙනදා වගේම  ඒකට භාවිතා කරන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ වෛශ්‍යයාව ලෙස විරුදාවලිය  ලත් ජවිපෙය . ජවිපෙ කියන්නේ දැනට අවජාතක දරුවන්ට උත්පත්තිය දීලා පියා සොයා දෙන්න කියලා බෙරිහන් දෙන බටහිර කොන්ත්‍රාත්තුවක් කරන බොරු වමේ පක්ෂයක්.

දැන් ජවිපේ කරන උන් ලඟ මාක්ස්, ලෙනින් හෝ මාඕ දර්ශනයක් නැහැ. අළුත් පරපුර හරි රැඩිකල් කියාගන්න හිපියන්ගේ කල්ල තෝනින්ගේ පක්ෂයක්. අනුර කුමාර කියන්නේ පැහැදිලව සී.අයි.ඒ( CIA) ඒජන්ට් කෙනෙක්. තනි අභිමතයට තනි පක්ෂයකම මතවාදය මංකොල්ල කාලා. කොහෝම හරි ජව්පෙන් මෙදා පාර බටහිර ඒජන්තයින් බලාපොරොත්තු වන්නේ හානිය අවම කිරීම. උන්ගේ කාර්‍යාභාරය වන්නේ කෙසේ හෝ ගෝඨාට යන ඡන්ද උන් ලඟ තබා ගැනීම නැත්හෝත් ව්‍යංගයෙන් ඒවා යලි සජිත් කඳවුරට හැරවීම. ජවිපෙ එය හරියටම කරනා බව පසු ගිය දශකයක දේශපාලනය්ස් තුල තහවුරු කොට ඇත.

ඉන් නොනැවතෙන මේ පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් 2015 ඊනියා සිවිල් සංවිධාන මෙන් මෙවරත් යහමින් ඩොලර් පොම්ප කොට නව ආරෙකට සිවිල් සංවිධාන කිහිපයක් සකසා ඇත. ඒ අතරේ ස්වාධීන යැයි කියා ගන්නා නාගා සහ පල්ලෙවත්ත දමා ඇත. මොවුනුත් මේ දිනවල අපේක්ෂකයෙක් සොයමින් සිටි.

දැනටමත් බොහෝ විට තානාපති කාර්‍යල විසින් එම තීරණය අවසාන කොට ඇත. එම අපේක්ෂකයා ගෝඨාභයගේ සිංහල පදනම බෙදන කෙනෙකු විය යුතුය. දැනට ඔවුන් එසේ සලකා බැලු නම් අතර බොහෝ මෑත විශ්‍රාම ගිය හමුදාපති කෙනෙකුගේ නම යෝජනා කොට ඇත. ඔහු ඉදිරිපත් වුවහෝත් පුදුම වීමට කාරණාවක් නැත. මන්ද ඔහු යුධ හමුදා සේවයෙන් බැහැර කාල පරිඡ්චේදයේ සේවයේ කලේ ඇමෙරිකානු ආරක්ෂක අංශවලට වීම නිසාය. කිසි දිනකවත් ඔහුට හමුදාපති තනතුර දෙනවිට ශවේන්ද්‍ර සිල්වාට පෑ විරෝධය ඇමෙරිකාව පෑවේ නැත.

නමුත් ඔහු රටට සැබැවින්ම ආදරේ නම් මේ බටහිර කුමන්ත්‍රණකරුවන්ගේ දිරච්ච ලණු නොකා තම ගෞරවය රැක ගනු ඇත. ඔහුට ජෙනරල් ෆොන්සේකා දෙස බලා එම තීරණය ගත හැක.

කෙසේ නමුත් මෙවර ජනාධිපතිවරණයේදි රෙජිම් චේන්ජ් ඒජන්තයින්ගේ (Regime Change Agents) සහ බටහිර ඔත්තු බුද්ධි අංශ ( Foreign Intelligenxe) වලා උපාය මාර්ගය පැහැදිලිය. හැකි තරම් රජය, එජාපය සහ රනිල් කෙරෙහි අප්‍රසාදයෙන් ගිලිහෙන ඡන්ද කෙසේ හෝ ගෝඨාභයට නොදමා වෙනත් අපේක්ෂකයෙකු වෙත දීමට සැලැස්වීමයි.

සුවාධීන යැයි කියා ගන්න, වසර 4 හමාරටම එක ඡන්දයක් පමණක් පැවැත්වු, නමුත් 2015 දි හොර ඡන්ද දමන්නට ආවොත් දණ හිසි පහලට වෙඩි තියන්නැයි පොලිසියට සිංහ නාද දුන් ඊනියා මැකෝ පසු ගිය සති කිහිපය තුල 50% ලබා ගතහෝත් තත්වය ගැන නිතර අරථකතන පැහැදිලි කිරිම් දීම ඉතා සැක ජනිත කරවන සුළුය . මෙවැනි අසමත් ආණ්ඩුවක් පරාජය කිරීමට රටම පෙල ගැසි සිටින අවස්ථාවක මෙම සූක්ෂම කුමන්ත්‍රයේ අදාල සැමටම රඟන්නට කොටසක් ඇත.

අවසාන වශයෙන් තමන්ගේ ප්‍රතිවාදියා දේශපාලන සිතියමෙන් අදිසි හස්තයක් හරහා ඉවත් කිරීමද ඔවුන්ගේ එක් සැලසුමක් වනු ඇත. පසු ගිය දින වල ප්‍රභු ඝාතනයකට සැක පිට අත් අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍යය කියාපාන්නේ ගෝඨාභයට ඇති මේ තර්ජණයේ භයානක බව සහ තීව්‍ර බවයි  එයයි රනිල්ගේ දේශපාලනය!

රනිල් දේශපාලනය  කරන්න දන්නේ එකම එක විදියකි. ඒ ඉතා යටිකූට්ටු සූක්ෂම කුමන්ත්‍රණ මගිනි.
රනිල් ඇතුළු බටහිරට මේ රටේ මිනිසුන් බහුතරයක් විශ්වාස නැත.

එහෙව් මිනිහෙකුව විශ්වාස කරන්නට පෙර මේ රටේ ජනතාව එක් වරක්, දෙවරක් නොව තෙවරක් සිතිය යිතුය!

වරද්ද ගත්තෝත් මේ පාර
මේ රටට හිමි වෙන්නේ මහපාර!

මෙය ගැන අවබෝධයෙන් ඔබ බුද්ධිමත්ව තීරණය කරන්න!

ඔබ සැමටත් මාගෙ මාතෘ භුමියටත් තෙරුවන් සරණයි!



386 Viewers