• Home »
  • Sinhala Articles »
  • පරම වීර විභූෂණයට නොපෙනුන අසහාය වීරත්වය

පරම වීර විභූෂණයට නොපෙනුන අසහාය වීරත්වය

දිනය 2006 මැයි මස 11 වනදා කමාන්ඩර් ELP එදිරිසිංහ මහතා තමා අණදෙන P418 වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාවේ සිට වෙන්තලකර්ණි මුහුදු සීමාවේ මුහුදු කොටින්ගේ ක්‍රියාකාරකම් නිරික්ෂණය කරමින් මුර සංචාරයේ යෙදී සිටියහ.ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා ත්‍රිවිධ හමුදාවේ රණවිරුන් සහ පොලිස් විරුවන් සිවිල් වැසියන් 710 රැගත් පර්ල් කෲස් නම් වු නෞකාව මේ මුහුදු මාර්ගය හරහා ගමන් කරන්නට තිබුණි. ගොඩබිමේ සිට මුහුදු සැතපුම් 5 ක් 6 ක් පමණ ඈතින් මුහුදු කොටි බෝට්ටු පෙළක් එකවර පැමිණ නාවික ප්‍රහාරක යාත්‍රා වලට වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කොට ගොඩබිමට හැරී ගියහ. විනාශයක පෙරනිමිති කල් තියා දුටු කමාන්ඩර් එදිරිසිංහ මහතා ඕනෑම මොහොතක සතුරු ප්‍රහාරයක් පරාජය කිරීමේ අරමුණින් තම නාවික යාත්‍රාවට නිවැරදි නායකත්වයක් ලබා දුන්හ. ත්‍රස්ථ ප්‍රතිරෝධය මැඩලීමට P418, P420,P421,P497 යන වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රා රන් වැටක් සේ වෙන්තලකර්ණි මහ සයුර තෙරේ පවුරු බැද ගත්හ. මුහුදු කොටින් මරාගෙන මැරෙණ කොටි බෝට්ටු 04 ක් සහිතව තවත් ප්‍රහාරක බෝට්ටු 11 ක් ඇතුළුව මුළු ප්‍රහාරක බෝට්ටු 15 ක් පමණ සටනට ගෙන්වා තිබුණි. කොටින්ගේ අරමුණු වූයේ පර්ල් කෲස් නෞකාව විනාශ කිරීමයි. මේ මොහොතේ පර්ල් කෲස් නෞකාව වෙන්තලකර්ණි මුහුදු සීමාවේ ගමන් කරමින් සිටියහ.

ත්‍රස්ථවාදීන්ගේ අරමුණු ඉටූ වන්නට කමාන්ඩර් එදිරිසිංහ මහතා ප්‍රමුඛ ප්‍රහාරක ඩෝරා යාත්‍රා වල නාවික විරුවන් ඉඩ ලබා දුන්නේ නැත . නාවික විරුවන් දරුණු ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්ථවාදීන්ගේ බෝට්ටු විශාල ප්‍රමාණයක් මහ මුහුදේ ගිල්වා දැමූහ. මේ මොහොතේ ත්‍රස්ථවාදීන්ට ප්‍රහාර එල්ල කරමින් සිටි P497 යාත්‍රාවේ දෝෂයක් හට ගෙන තිබුණි කමාන්ඩර් ලලිත් එදිරිසිංහ මහතාගේ P418 යාත්‍රාව තිබුණේ ක්‍රියාදෝෂයට ලක් වූ යාත්‍රාවට වඩා මිටර් 500 ක් පමණ ඈතින් P497 යාත්‍රාව අක්‍රිය වී ඇති බව පසක් වු මුහුදු කොටින් එම යාත්‍රාව දෙසට ගමන් කළේ ගොදුරක් වට කර ගත් වෘක රැළක් මෙනි සිය සහෝදර නාවික නිලධාරියාගේ හා අනෙකුත් නාවිකයන්ගේ ජීවිත අවදානමක වැටි ඇති බව තේරුම් ගත් කමාන්ඩර් ලලිත් මහතා වේගයෙන් සිය යාත්‍රාව P497 යාත්‍රාවත් මුහුදු කොටි බෝට්ටු අතරට යවා මුහුදු කොටි බෝට්ටු පෙළට දරුණු ප්‍රහාරයක් එල්ල කොට මුහුදේ දීම දියබත් කළහ.ඓහෙත් එක් මුහුදු කොටි බෝට්ටුවක් P418 යාත්‍රාව පර්ල් කෲස් නෞකාව ආරක්ෂා කිරීමේ මාර්ගයෙන් ඉවත් වු ඒ සුළු කාලයේදී වේගයෙන් නෞකාව වෙතට ගමන් කරන අයුරු ලලිත් විරුවා දුටුවහ. තව මොහොතක් හෝ පමා වුවහොත් සිදුවන ජීවිත හානිය ගැන සිතා මිනිසෙකුට ජීවිතයේ ගතහැකි අසිරුම තීරණය ගෙන වේගයෙන් සිය යාත්‍රාව ගමන් කොට මුහුදු කොටි බෝට්ටුවේ ගැටුණේ නිමේෂයකිනි. මේ වීරෝදාර නාවික විරුවාත් එතුමාගේ කාර්ය මණ්ඩලයත් ජීවිත 710 කට අභයධනය දී බෞධිසත්ව කුමාරවරු සේ මුහුදු බත් වූ අයුරු සයුරු තෙරත් අහස් කුසත් නිසොල්මන්ව බලා සිටියහ.

සොයුර ලලිත් එදිරිසිංහ විරුවාණනේ හිරු නැගෙන මොහොතේ දීත් බැසයන මොහොතේ දීත් අප ඔබව සදා සිහිකරන්නෙමු …



29 Viewers