සම්භාව්‍යවාදීන් සහ භාෂාමය පන්ති අරගලය

හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ කතා කරන්නේ සාමාන්‍යයෙන් ඔබ මා සිංහල කතා කරන විදිහට නොවෙයි. එයා සිංහල කතා කරන්නේ හරියට සිංහල බෑ වගේ. හරියට සුද්දෙක් සිංහලෙන් කතා කරනවා වගේ. උද්දච්ච කෙල්ලෙක් අපිට ඕනවට කතා කරනවා වගේ. අපිට කතාකරන ඒක එයාට හෙන වදයක් වගේ… මේ චර්යාව අප බොහෝ විට දකිනවා ඔය කොළඹ හෝ මහනුවර කේන්ද්‍රීය ප්‍රභූන් කතා කරන කොට. එතන තියෙන්නේ සම්භාව්‍යවාදයක් හෙවත් පන්තිවාදයක්.
පසුගිය දිනවල ජාතික ගීය භක්ෂණය කිරීම පිළිබඳව ඇතිවුණු සමාජ කතිකාවේ මෙන්න මේ භාෂාමය පන්ති භේදය ඉතාම හොඳින් අපට දැකගත හැකි වුණා. එම ගායිකාව වචන උච්චාරණය කළේ ඔපෙරා ශෛලියෙන් බවත් එයට විරුද්ධ වන්නන් විරුද්ධ වන්නේ එම ඊනියා සම්භාව්‍ය ගායනය විඳිය නොහැකි නිසා බවත් කොළඹ ප්‍රභූන් සහ වෙන්ටප්‍රභූන් තර්ක කළා. අන්න ඒක තමයි ලංකාවේ සැබෑ පන්ති භේදයේ ප්‍රකාශනය. ඊනියා වාමාංශිකයන් එතනදී කළේ ඔපෙරා ශෛලිය උසස් කර දේශීය ශෛලිය පහත් කිරීම.
භාෂාවක අනන්‍යතාවය වනුයේ වචන අර්ථ පමණක් නොවෙයි. වචන කියන්නේ ශබ්ද. ඒ ශබ්ද නගන ආකාරය ඒ භාෂාවට අනන්‍යයි. දෙමළ භාෂාවට අනන්‍ය උච්චාරණ තිබෙනවා. ඒ වගේ සිංහල භාෂාවට අනන්‍ය උච්චාරණ තිබෙනවා. අර බෝල සෙල්ලම කරන්න කලින් ජාතික ගීය දෙමළෙනුත් ගැයුවේ නැත්තේ ඇයි කියා කවුරුවත් ඇහුවේ නැහැ. එහෙම ගැයුවා නම් ඒ දෙමළ ගීය ගයන්නෙත් ඊනියා ඔපෙරා ශෛලියටද? ඇත්තටම ඇයි එහෙම නොකළේ…
චන්ද්‍රිකා බණ්ඩාරනායකත් සිංහල කතා කරන්නේ අර කොලනි බ්‍රිතාන්‍යයන් ඉංග්‍රීසි කතා කරපු උච්චාරණයට. එතන තියෙනවා පන්ති භේදයක්. චන්ද්‍රිකා නියෝජනය කරන්නේ කොළඹ ධනේශ්වර ප්‍රභූ පැලැන්තිය. මංගල සමරවීර සිංහල කතා කළෙත් එහෙමයි. අපි අර ඔලොක්කුවට කියනවා වගේ කොහෙහරි ඇටයක් හිරවෙලා වගේ. කුමාර් සංගක්කාර සිංහල කතා කරන්නේ මිනිහට සුද්දෙක් මොනවා හරි කරලා වගේ. ඒ ඔක්කොම පන්තිමය ප්‍රකාශන. තමන්ගේ පන්තිමය උසස්බව ගැන ඔබ වැනි නිර්ප්‍රභුන්ට ඔවුන් මතක් කර දෙන්නේ එහෙමයි.
නූතනයේ පන්ති අරගලය තියෙන්නේ මෙන්න මේ වගේ සියුම් විදිහට. හරිනි අමරසූරිය නිර්ධනයන් ගැන දුක් වෙන්නේ එයාගේ ප්‍රභූ පන්තියේ උච්චාරණයෙන්. ඒක හරිම ව්‍යාජයක්. ව්‍යාජෝක්තියක්. නිර්මාල් දේවසිරිටත් තියෙනවා එහෙම සෑහෙන්න අමාරුවෙන් බොරුවට තටම තටම හෙන ලොකු සම්භාව්‍ය එකෙන් සිංහල කතා කරන අනන්‍යතා අර්බුදයක්. නමුත් ඉඳලා හිටලා තද වුණාම ඒක අමතක වෙලා සාමාන්‍යයෙන් එයා කතා කරන විදිහට කතා කරනවා. කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න. *ධර්මය අපට මග වේවා!*
එරන්ද ගිනිගේ
2023 අගෝස්තු 4
44 Viewers





