• Home »
  • Sinhala News »
  • පුනුරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහවිරු කාර්යාලයක් විවෘත කරයි.

පුනුරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහවිරු කාර්යාලයක් විවෘත කරයි.

හිටපු එල් ටි ටි ඊ ත්‍රස්තවාදි සාමාජිකයින් මියගිය ත්‍රස්තවාදින් වෙනුවෙන් සුභ සාධක සංගම් කාර්යාලය නමැති  නිති විරෝධි කාර්යාලයක් වවුනියාව තෝණිකල් ප්‍රදේශයේදී විවෘත කොට ඇත.

පුනරුත්තාපනය කරන ලද හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින්ගේ ඉදිරි සාමාන්‍ය ජනජීවිතය හා ඔවුන් සම්බන්ධීකරණය වෙනුවෙන් අදාළ කාර්යාලය විවෘත කළ බව එයට මුලික වු හිටපු ත්‍රස්තවාදින් පවසති.

මෙම කාර්යාලය විවෘත කරන අවස්ථාවේදී පැවති විශේෂත්වය වූවේ සුභසාධන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එල් ටි ටි ඊ සංවිධානයේ න්‍යායාචාර්ය මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නායකයෙකු ලෙසින් කටයුතු කල හිටපු   ත්‍රස්තවාදි නායකයෙකුවන බාලසිංහම්, එම සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් සහ එම සංවිධානයේම නායකයෙකුව සිට මාරාන්තික සත්‍යග්‍රහයකදී මියගිය LTTE ත්‍රස්තියාදුකාර වන තීලිපන් ඇතුලු ත්‍රස්තවාදි පිරිසකගේ ජායාරූප වෙත මල්මාලා පැළදවීමද සිදුකෙරිණ.

නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.කිෂෝර් මහතා,පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.



26 Viewers