ලක් ඉතිහාසයේ වීර ” හසලක ගාමිණි “

සහෝදර සෙබළුන් දහස්ගණනකට කිට්ටූ ජීවිත බේරූ හසලක වීරයා ගාමිණී දිවි පුදා වසර 32 යි..!
පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා – හසලක වීර ගාමිණී
කෝප්‍රල් ගාමිණී කුලරත්න
PWV, SLSR (S/34553)
1966-1991
පුරා වසර තිහක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් සිදු කළ කොටි ත්‍රස්‌තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය සිය ජීවිතය පූජා කරමින් වැළැක්‌වූ මෙන්ම සහෝදර සෙබළුන් 1500 කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා දුන් හසලක වීර ගාමිණී සෙබළා දැයෙන් සමුගෙන මෙම ජුලි 14 වැනි දිනට වසර විසිහතක් සපිරේ.
1966 සැප්තැම්බර් 22 වැනි දින හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස්‌දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය.
ගාමිණී රණවිරුවා සිය ජීවිතය පුදා අලිමංකඩ හමුදා කඳවුරේ 1500 කට ආසන්න හමුදා සෙබළුන්ගේ ජීවිත බේරාගනු ලැබුයේ 1991 ජුලි මස 14 වැනි දිනයේදීය.
මෙම වීර ක්‍රියාව වෙනුවෙන් මෙම රණවිරුවා “පරම වීර විභූෂණ” සම්මානයෙන් පිදුම් ලැබීය. පසුව ඔහු සිහිවීමට පිළිරූ දෙකක්‌ද ඉදිකරනු ලැබිණි. ඉන් එකක් ඔහු දිවි පිදූ අලිමංකඩ හමුදා කඳවුර අසල ඉදිකෙරුණු අතර අනෙක් පිළිරුව ඔහුගේ ගම් ප්‍රදේශය වූ හසලක නගරයේ ඉදිකර තිබේ.
රට දැය වෙනුවෙන් සිය දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න රණවිරුවා රටට මෙන්ම දැයට ද මහත් අභිමානයකි
පුරා තිස් වසරක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් සිදුකළ රුදුරු කොටි ත්‍රස්‌තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරයක් තම ජීවිතය පූජා කරමින් වළක්‌වා සහෝදර සෙබළුන් 1000 කට කිට්‌ටු පිරිසකගේ ජීවිතය රැක දුන් හසලක වීර ගාමිණී සෙබළා දිවිපුදා 14 අදට 32 වසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1966 වසරේ සැප්තැම්බර් මස 22 වැනිදා හසලක දී උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවැන්නා විය. හසලක ප්‍රදේශයේ ගොවියකු වූ ඔහුගේ පියා ඔහු කුඩා කාලයේදී මියගොස් ඇති අතර වයි. බී. ජුලියට් නමැති සිය මෑණියන් සහ සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමග ගාමිණී ජීවත් වූයේ හසලක ප්‍රදේශයේ කුඩා නිවසකය.
මුලින් සාමාන්‍ය සෙබළකු ලෙස හමුදා සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මිය යන විට ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. සිද්ධිය වු 1991 වසරේ ජූලි මස 14 වැනිදා ඔහු සේවය කළේ අලිමංකඩ යුද හමුදා කඳවුර අසල ආරක්‍ෂක සෙබළකු ලෙසය. බෝම්බ පුරවාගත් කොටි බුල්ඩෝසරයක් අලිමංකඩ හමුදා කඳවුර පුපුරවා විනාශ කර දමන්නට ළඟ ළඟම එමින් සිටින බවට හදිසි තොරතුරක් ඔහු වෙත ලැබුණේ මේ අතර වාරයේය. ඒ වන විට කඳවුර තුළ සිටි සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත විනාශ වන්නට යන ආකාරය ඔහුට මැවී පෙනෙන්නට ඇත. වහා ක්‍රියාත්මක වූ ගාමිණී කුලරත්න සෙබළා බෝම්බ පුරවාගත් බුල්ඩෝසරය වේගයෙන් තමා පසුකර යන්නට සැරසෙනවාත් සමගම අත තිබූ ග්‍රෙනේට් බෝම්බ දෙකක්‌ද සමග වහාම බුල්ඩෝසරයට පැනගත්තේ තම ජීවිතය ගැන ද නොසිතමිනි. මොහොතකින් එහි තිබූ බෝම්බ සියල්ල පුපුරා ගොස් බුල්ඩෝසරයද විනාශ වූයේ ගාමිණි කුලරත්න වීර සෙබළාගේ ජීවිතය ද අහිමි කරමිනි.
හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ මෙම වීර ක්‍රියාවට උපහාර වශයෙන් මහජන නියෝජිතයින් තම මාසික වැටුප ද රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරින් හා මහත්ම මහත්මීන් තම දෛනික වැටුප ද රණවිරු අරමුදලට උපරිම වශයෙන් පරිත්‍යාග කරමින් තම උපහාරය දැක්‌වූ ආකාරය අපට අද වගේ මතකය.
තවද එම වීර ක්‍රියාවෙන් පසුව තරුණ තරුණියන් විශාල පිරිසක් යුද හමුදාවට හා පොලිසියට එක්‌වීමට කටයුතු කළ බවද අපි ඉතා හොඳින් දනිමු.
1945 දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී ජපනුන් ඇමරිකාවේ පර්ල් වරායේ නවතා තිබූ මිත්‍ර හමුදා යුද නැව්වලට ගුවනින් පැමිණි යුqද භටයින් බෝම්බ බැඳගෙන පැන තමන්ගේ ජීවිතද අහිමි කර ගනිමින් නැව් විශාල සංඛ්‍යාවක් විනාශ කර දැමූ ආකාරය අපට අසන්නට ලැබුණි.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති කොටි ත්‍රස්‌තවාදී යුද සමයේදීත් මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් ක්‍රියා කළ ආකාරය අප දැක ඇත්තෙමු. අසා ඇත්තෙමු.
එදා ඇමරිකාවේ පර්ල් වරායේ නවතා තිබූ යුද නැව් විනාශ කිරීමට ජපන් සොල්දාදුවන් ක්‍රියා කළේ ජපන් ගුවන් හමුදාවේ උසස් නිලධාරියකුගේ නියෝගයකට අනුවය. එසේම කොටි ත්‍රස්‌තවාදීන් ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ කොටි සංවිධාන නායකයන්ගේ නියෝග අනුවය. එසේ අලිමංකඩ සිද්ධියේ වෙනස හා වටිනාකම වන්නේ කිසිවකුගේ නියෝගයක් හෝ ඉල්ලීමක් නොමැතිව වීර සෙබළා සිය කැමැත්තෙන්ම තම ජීවිතය රට වෙනුවෙන් පුදා සිය සහෝදර සෙබළුන් රැසකගේ ජීවිත බේරා ගැනීමයි.
හසලක ගාමිණී කුලරත්න සෙබළාගේ වීර ක්‍රියාව වෙනුවෙන් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔහු පරම වීර විභූෂණ සම්මානයෙන් පුදා එම සම්මානය ඔහුගේ මෑණියන් වෙත ප්‍රදානය කළ අතර ඊට අමතරව හසලක නගර මධ්‍යයේ ඔහුගේ පිළිරුවක් ද ඉදිකරනු ලැබීය.
මීට අමතරව පසුගිය රජය විසින් අලිමංකඩ හමුදා කඳවුර අසල පිපිරීම සිදුවූ ස්‌ථානයේ වීර ගාමිණී සෙබළා සිහිකරමින් සිහිවටන පිළිරුවක්‌ද ඉදිකරන ලදී.
තම සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහාත් තම මවු බිමේ ස්‌වෛරීභාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ අවස්‌ථා ලෝක හමුදා ඉතිහාසයේ නැති තරම්ය.
185 Viewers





