පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණයක් සිදුකර අත්පත් කරගත් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ අක්කර 229ක් ජනපති රනිල්ගේ අණින් නිදහස් කරලා
කුරුන්දි අට්ඨකථා ලේඛණය කළ ලාංකේය ඉතිහාසයේ වැදගත්ම ඓතිහාසික පුදබිමක් වූ මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට කෙලවර වූ බටහිර මායිමේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන තිබූ ඉඩම් අක්කර 229ක් වහාම නිදහස් කොට ඒවායේ අයිතිකරුවන් වෙත බාරදෙන ලෙස ජනාධිපතිවරයා ඊයේ(22) දැනුම් දී තිබේ.
මෙම ඉඩම් පිහිටා ඇත්තේ මුලතිව් තන්නිමුරුප්පු ප්‍රදේශයේ වන අතර, මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මුලතිව් දිසාපතිවරයාටත් පළාතේ පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයා වෙතත් එවා ඇත.
පුරාවිද්‍යා ගවේෂණයකින් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන තිබූ එම අක්කර 229ක භූමිය මැණුම් කටයුතු සිදුකිරීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් විසින් මිනින්දෝරු නිලධාරීන් කැඳවා තිබූ අතර එම මැනුම් නියෝගය ද ජනාධිපතිවරයා විසින් නවතා දමන ලෙස නියෝග කොට තිබේ.
පුරාවිද්‍යා නිලධාරීන් විසින් කාර්යාලයක් පිහිටුවා බුදු මැදුරක් ස්ථාපිත කිරීම පිණිස බුදු පිළිමයක් රැගෙන ගිය අවස්ථාවේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඊට එරෙහිව විරෝධය පළකිරීම නිසා පිළිමය පොලිසියේ තැන්පත් කිරීමට ද සිදුවී තිබේ.
61 Viewers





