බෙදුම්වාදීන්ගේ ඉත්තන් වී ඇති සජිත් ප්‍රේමදාස ඇතුළු නඬය එකට තබා පරාජය කළ යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව
(Courtesy of Lanka Lead News)
ජනාධිපතිවරණයට ඉදිරිපත් කර සිටින සජිත් ප්‍රේමදාස යනු රනිල් වික්‍රමසිංහ, මංගල, චන්ද්‍රිකා, සම්බන්ධන් ඇතුළු බෙදුම්වාදීන්ගේ ඉත්තෙකු පමණක් බවත් එම නඬයම එකට තබා පරාජය කිරීමෙන් තොර මේ රට බෙදීම නතර කළ නොහැකි බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ පෙරේදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති ගෝලීය සංසදයේ විධායක සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක එකක් බව සපථ කරමින් විදේශ දේශප්‍රේමී ජනතාව ලක්ෂ ගණනින් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.
නීතිඥ ජේ රාජ් පලිහවඩන මහතා,
ජිනීවාවාහි 30/1 යෝජනාවලියෙන් ඉවත්වන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි අපි බලාපොරොත්තු වුනෙත් ඒක. එහෙත් එක පෑන් පහරකින් මේකෙන් ඉවත් වෙන්න බැහැ. ඊට කාලයක් අවශ්‍යයි. ඒ වගේම විශාල ක්‍රියාවලියක්. අපි ඒක අධ්‍යයනය කරල තමයි ‘‘රණවිරු විත්තිවාචකය“ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේ. අපි සූදානම් 30/1 යෝජනාවෙන් වීමට අවශ්‍ය සහාය ලබා දෙන්න.
කපිල ජයසේන මහතා,
අපි ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියෙව්වා ඒත් ඒ අතරින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්ති ගෝඨාභය රාජපක්ෂ මහා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.
342 Viewers