• Home »
  • News »
  • බෙර්න් එගෙයින් මාලිමාව

බෙර්න් එගෙයින් මාලිමාව

ජනාධිපතිට  පාස්ටර් ජෙරම්ගේ,පල්ලිය කිට්ටු කරවන ලද කාන්තාවන් හරහා  බොහෝ දේ සිදුවෙන බව  වටහාගත යුතුය.

ඉතිහාසයේ ලංකාවේ ජනාධිපති පදවිය ආරම්භ කරන ලද දිනයේ සිට අනුර දක්වා එනතෙක්  ජනාධිපති පත්කරන ලද කැබිනට් මංඩලයක

කිසිම ආගමික කටයුතු කැබිනට් ඇමතිවරයෙක්  බුද්ධ සාසන අමාත්‍යංශය  කියා එකක් දැං නැතැයි   කීවේ නැත.

හැබැයි

අනුරගේ ආගමික කටයුතු කැබිනට් ඇමති එය ප්‍රසිද්ධියේ  කීවේය.

එවිට සම්මුඛ සාකජ්චාව මෙහෙයවපු  නිවේදකයා ඇහුවේ එවිට බුද්ධ සාසණ අමාත්‍යංශයට අයිති වැඩ කරන්නේ කොහොමද කියාය.

එහිදී ඇමතිවරයා කීවේ  බෞද්ධ කටයුතු පිළිබද  දෙපාර්තමේන්තුව හරහාඑය සිදුකරන බවය.

අද වන විට  එහි අධ්‍යක්ෂ ජෙනරාල්  ඉවත් කර තිබේ .

මට මතක්,වෙන්නේ අනුරාධපුර යුගයේ එළාරය.  ඔහුද බෞද්ධාගම රකින රජෙකුයි කියමින් ජනතාවට පෙන්වා යටින්  සිද්ධ කලේ බෞද්ධාගම රටේ අඩපණ කරන මෙහෙයුම්ය.

බෝන් එගේන්  ක්‍රිස්තියානි මුළධර්මවාදී  කංඩායමේ සුරතලියන් හරහා  ජනාධිපති සහ රජයේ ඉහළ කංඩායම පවතින සබදතා අද එක පසකින්  රටට නිරාවරණය වන විට

අනෙක් පසින්  රජය බෞද්ධාගම අඩපණ කරමින් දුර්වලකරමින් පවතින බව  පෙනෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂ සමයේ  බෞද්ධාගම පිළිබද කැබිනට් විෂය මහින්ද තබා ගත්තේ ජනාධිපති යටතේය.

ගෝඨාභය එය පැවරුවේ මහින්ද රාජපක්ෂටය

එහෙත් අනුර දිසානායක යටතේ  බෞද්ධාගම පිළිබද අමාත්‍යංශයක් නැති බව කියති.

දැං අධ්‍යක්ෂක ජෙනරාල් අස් කරන්නේය.

එම ධුරය  අනුර ආපහු පුරවන්නේ නැත.

එම ධුරය වැඩ බලන තනතුරක් ලෙස තිබු පසු.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවේ වැඩ සීමා වන්නේය.

බෞද්ධාගමට වන කෙනෙහෙළිකම් නිර්මාණාත්මකව මේ රජය සිදු කරන්නේ  ආන්න එහෙමය.

අනුර  ජනාධිපති කිරීම වෙනුවෙන් මහ සඝ සමුළු තිබ්බ රටේ  ස්වාමීන් වහන්සේලාට අදනයවත් ඉතුරු වේදැයි දැන් නම් සැකය.

නැවත කියමි.

එළාරද  සෑම පෝයකම  විහාරස්ථාන වලට ගිය බව කියති. තමන් බෞද්ධාගමට අනුකූලව අනුරාධපුර රාජධානිය කරන බව පෙන්වීමට සටකපටකම් කරන අතරම

ඔහුගේ හින්දු භක්තික පුරෝහිත දිමුතුවාහන ලවා මහා බෝධියේ මුල් සිදින්න කටයුතු කලේය.

ඉතිහාසය එහෙමය.

අන්‍යආගමිකයන් අතට පත්වුන ආගම විඥානවාදීයි බව කිය කිය ගිය පිරිසක් අතට  රටේ පාලනය අත්පත් කරදී.

නුවන් මොණරවිළ



26 Viewers