බොර්න් එගේයින් Cricket

ක්‍රිකට් ආයතන සභාපති සහ විධායකක සභාව සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ බව පෙනුනද සත්‍ය කතාව එය නොවේ.
ක්‍රිකට් වෙනස ජනාධිපතිවරයා තග දමා සිදු කළ ගනුදෙනුවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
අදානීගේ මාධ්‍ය මෙරට ක්‍රිකට් ගැටුම ගැන කියන කතාව
“”””””””””””””
ඒ සම්බන්ධයෙන් අදානිට අයත් NDTV පලකල වාර්තාවේ මෙසේ සඳහන් විය.
“ක්‍රීඩා තහනම වළක්වා ගැනීම සඳහා වත්මන් පාලකයන් රජය විසින් කළ බලපෑමක් නිසා වූවක් නොව ‘ස්වේච්ඡා’ ඉල්ලා අස්වීමක් ලෙස වර නගා ඇත.
කෙසේ වෙතත්, ICC එය දේශපාලන මැදිහත්වීමක් ලෙස සලකන්නේ නම්, ශ්‍රී ලංකාවට නැවත වරක් ක්‍රීඩා තහනම පැන වෙන අතර ඉදිරි අනාගතය තීරණාත්මක වේ.”
“To avoid a repeat, authorities are positioning the current development as a voluntary resignation rather than a government-imposed change. However, if the ICC views it as political interference, Sri Lanka could once again face sanctions, making the coming weeks crucial for the future of its cricket administration”
NDTV ස්පෝට්ස් ඩෙස්ක් මාධ්‍යවේදයෙක් ලියුම්කරු සමග කී කෙස් කෙලින් කරන කතාව
“”””””””””””
මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැන ගැනීමට ලියුම්කරු NDTV sport desk එකට කතා කල අතර එහිදී හෙළි වූ කරුණු පහත පරිදිය.
ශම්ම් සිල්වා මෙරට මාධ්‍යයට හෙළි නොකළද ජනාධිපතිවරයා තග දමා සිදුකළ ගනුදෙනුව පිළිබඳ සියලු තොරතුරු ජේ ශා ( ICC ප්‍රධානියා) වෙත දැනුම්දී ඇත. ජේ ශා එම තොරතුරු ඉන්දීය මාධ්‍ය වෙත ලබා දී ඇත.
ජනාධිපතිවරයා මෙරට ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ශම්මිට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කළ බව සඳහන් පුවත සත්‍යයකි.
නමුත් එහි නොකී පැත්තක් ඇත.
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බැක් ෆයර් වන තැන් ඇති බැවින් ඔහු ශම්මි සමග ගනුදෙනුවක් සිදුකොට ඇත.
ශම්ම් පසුගිය මැතිවරණ වලදී මාලිමාවට විශාල මූල්‍ය අනුග්‍රහයක් දී ඇත. ඒවා හෙළිවනවාට අනුර කැමති නැත.
කරුණු එසේ හෙයින් ක්‍රිකට් ගැටුම කුඩු කෑ කතාව මෙන් ගනුදෙනුවකි.
ක්‍රිකට් ගැටුම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ලියුම්කරු සමග කී කතාව
“”””””””””””
මේ සම්බන්ධයෙන් විමසීමට මෙම ලියුම්කරු ශම්මිට සහ සුජීව ගොඩලියද්දට කතා කළේය. හෙළි වූ කරුණු,
1. ජනාධිපතිවරයා බලපෑම් කළ පුවත ගැන කිසිවක් කිව නොහැකි බව
2. ආගමික ආක්‍රමණය ගැන කරුණු දැක්වීමද ප්‍රතික්ෂේප කළේය.
3. ජේ ෂාට කතා කල පුවත සත්‍ය බව
4. ICC මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව
5. සනත් ජයසූරියගේ කතාව ප්‍රතික්ෂේප කළේය.
ප්‍රමිශ්කා පෙරේරා කියන කතාව
“”””””””””””””‘
ක්‍රිකට් පෙරලිය සිදුවීමට පෙර මෙම ලියුම්කරු ලිපි දෙකක් පළ කළේය.
එම ලිපි පළවීමත් සමග ප්‍රමිෂ්කා පෙරේරා මෙම ලියුම්කරුට කතා කළේය.
ඇය අවුරුදු ගණනාවක සිට අනුර කුමාර ජනාධිපතිවරයා ආශ්‍රය කරන බව ඇය කීවේය.
ඇය බෝන් අගේන් නොව කතෝලික බව සහ ක්‍රිකට් සම්බන්ධයෙන් ගනුදෙනුවක් නැති බව ඇය කීවාය.
කෙසේ වුවද මෙම ලියුම්කරු පළකල ලිපිවල අන්තර්ගතය සත්‍ය වී ඇත.
බෝන් එකෙන් ආක්‍රමණය මහපොළොවේ පවතින්නකි
“””””””””””
ක්‍රිකට් ආයතනයේ බෝන් අගේන් ආක්‍රමණය ගැන 2022 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකුගෙන් සමන්විත වූ කමිටුවක් පත් කොට විමර්ශනය කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව තුළ ආගමික ආක්‍රමණයක් පවතින බව එහිදී සනාථ විය.
රුවන් කල්පගේ, සංගක්කාර, ජෙෆ්රි වැන්ඩසෙ, සදීර සමරවික්‍රම, ලින්ඩන් හැනිබල්, රොෂාන් අබේසිංහ, ඈෂ්ලි ද සිල්වා ජෙරම් ජයරත්න බෝන් අගේන් බවත් ඔවුන් කල්ලියක් සේ වැඩ කරන අයුරු එහිදී හෙළි විය.
බානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන් තිරස්චීන ලෙස ආගමික ප්‍රචාරණ කටයුතු සඳහා යොදවා ගැනෙන අයුරු හෙළි විය.
දැන් එම කණ්ඩායම අධිකාරිය ලබමින් බලයට පත්වී ඇත.
“හරක් ලොරියේ බුදු සරණයි” ගසා අපරාධය යටපත් කළ නොහැක
“”””””””””””‘”
ඉරාන් ක්‍රිකට් වැඩ ඇල්ලීමට පෙර බෞද්ධ භික්ෂූන් කිහිප නමක් ගෙන්වා බණක් කීවේය.
ඉරාන් වික්‍රමරත්න බෝන් අගේන් මුදුන් මුලකි.
දේශපාලන වශයෙන් අනාථ වී බෝන් අගේන් දෙවියාගෙන් පිහිට යදින අයෙකි.
බෝන් අගේන් දෙවියා දේශපාලනයටත්
“”””””””””””
අද ක්‍රිකට් ආක්‍රමණය හෙට අනෙක් ක්‍රීඩා වලටද පැතිරීමට නියමිතය.
එහිදී ක්‍රීඩා ක්ෂේත්‍රය යම් වර්ධනයක් අත්පත් කර ගැනීමට හෝ තිබූ තත්ත්වයෙනුත් පහළට වැටීම වුවද විය හැක.
කවරක් සිදු වුවද ක්‍රීඩාවට මුවා වී සිදුකරන ආගමිකක ප්‍රචාරණය දැවැන්ත අයුරින් සිදුවනු ඇත.
ඉදිරියේදී පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ මැතිවරණ පොරොන්දු කඩවීමට නියමිත අතර කතෝලික සභාව සහ මාළිමාව අතර ගැටුමක් ඇතිවීමට නියමිතය.
එම හිඩැස බෝන් අගේන් යොදා පිරවීමට සැලසුම් කරමින් සිටියි
Keerthi Ratnayake
2 Viewers





