බෞද්ධ විරෝධී මාලිමාව??
මං මාලිමා ආණ්ඩුවක් පත්වීමට මුල සිටම එරෙහි වුණා. මගේ අදහසට මගේ ඥාතීන් සියලුම දෙනාම වගේ සහ පෞද්ගලික මිතුරන් බොහෝ දෙනාත් විරුද්ධ වුණා. නමුත් මම මගේ අදහසේ දිගටම හිටියා.
මේ අතර මා කවුද යන්න පෞද්ගලිකව දන්නා පිරිස් පවා මට හිනාවුණා. කිසිදු විධිමත් අධ්‍යාපනයක් හෝ සමාජ දේශපාලන අවබෝධයක් හෝ නැති එහෙත් විවිධ පැතිවලින් සාර්ථක වුණ ඔවුන් මහා ප්‍රඥාවන්තයන් දාරශනිකයන් සේ හැසිරෙන විට මම ඒ දිහා අනුකම්පාවෙන් බලා හිටියා. මම පෞද්ගලිකව මගේ ඥාතීන් මිතුරන් එක්ක දේශපාලනය කතා කරන්නේ නැහැ.
මම මූලික වශයෙන්ම මාලිමාවට විරුද්ධ වුණේ ඔවුන් බෞද්ධ විරෝධී ජාතිකත්ව විරෝධී මතවාද නියෝජනය කිරීම සහ ඔවුන් ප්‍රායෝගිකව කිසිම වැඩක් කළ කොහැකි කටින් බතල කොළ හිටවන පිරිසක් බව අවබෝධ කරගෙන සිටි නිසායි.
එහෙම නැතිව එයාලා කී විදිහට ඊනියා හොරු අල්ලන එකට හෝ හොරා කෑ ධනය රාජසන්තක කරන එකට විරුද්ධව නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ නෑ මම ඒ හොරු අල්ලන බොරුවට රැවටුණා කියන එක. හැබැයි එදා අපට දමල ගැහුවේ අපි මේ හොරා කෑ ධනය රාජසන්ක කරන එකට විරුද්ධයි කියලා. වලව්වල වහල්ලු කියලා.
මේ ආණ්ඩුවට වසරක් ගෙවෙද්දි එදා මෙයාලා ගැන අපි කළ අනුමාන දෙකම නිවැරදි බව තහවුරු වෙලා ඉවරයි. බුදු දහමට ඇති ප්‍රමුඛතාව ව්‍යව්ස්ථාවෙන්ම පිළිගත් රටේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ බුද්ධ ප්‍රතිමාව ගලවනවා. ඊනියා ශබ්ද දුෂණය ඉදිරියට දා ගෙන පන්සලේ කඨින පිංකමට එරෙහි වෙනවා.
ඔගස්ටින් සහෝදරයා බෞද්ධ මෙහෙනියකට මහ පාරේ මහ දවල් කුඛු හරුපෙන් දෙසනවා. මහරගම නගරයේ ඉපැරණි සිරි වජිරඥා මාවත පුවරුව උස්සනවා. කටුනායක ගුවන්තොටුපළේ බුද්ධ ප්‍රතිමාව අතුරුදන් කියලා වාර්තා පලවෙනවා. ඒක ඇත්තද කියලා මම දන්නේ නෑ.
ආර්ථිකය පැත්ත ඉතාම ශෝචනීයයි. මේ වසරේ මාස හයක් ගෙවෙද්දි පහුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව රාජ්‍ය ව්‍යාපාර අලාභය රු. බිලියන 53යි. සඳලංකාව සමුපෙ අරක්කු බාර් එකත් පාඩුයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට අරක්කු බාර් එකක් පාඩු කරල පෙන්නුවේ මේ ආණ්ඩුව.
හිටපු ජනාධිපති වරප්‍රසාද කපලා අවුරුද්දකට රු. කෝටි සියයක් ඉතිරි කළ ආණ්ඩුව මේ අංශයෙන් විතරක් මාස හයෙන් කෝටි 5300ක් රටට අහිමි කරනවා. එදා මාලිමාණ්ඩුව ගේන්න කටයුතු කරමින් මහා ප්‍රාඥයන් වගේ හැසිරුණු අයට මම අදත් අවඥා කරන්නේ නෑ. සරදම් කරන්නේ නෑ.
සමහරු නම් තමක්ට වැරදුණු බව පිළිගන්නා බව මට පෞද්ගලිකවම කීවේ තම තීන්දුව ගැන පසුතැවීමෙන්. සමහර ආචාර්ය මහාචාරයවරුත් මාලිමා රැග්ලට අහුවෙලා දැන් රෙදි නැතිව ඉන්න නිසා ඒ ගැන කනගාටු විය යුතු නැති බව මම එයාලට කියනවා. ඒ වගේම මම ඔවුන්ට කීවේ, වැරදුනු බව පිළිගැනීමම ජයග්‍රහණයක් බව. මොකද තමන්ට වැරදුනු බව පිළිගන්න හරිම අමාරුයි. ඒකට ලොකු පෞරුෂයක් තියෙන්න ඕන. .
එදා මේ අය බලයට පත්වෙද්දි අපි කළ අනුමානයන් හරි බව තහවුරු වීම මට පෞද්ගලිකව සතුටට කරුණක් නෙමෙයි. මොකද එය තහවුරු වීමෙන් රටට හොඳක් වෙලා නෑ. ඒ නිසා මගේ අනුමාන වැරදුණා නම් මාලිමාණ්ඩුව සාර්ථක වුණා නම් මම පෞද්ගලිකව මතවාදීමය වශයෙන් පැරදුණත් රට දිනනවා. ඒත් ඉතින් උඳු වපුරා මුං පතා පලක් නෑ.
9 Viewers





