මන්නාරම දූපත් සහ පල්ලිය

මන්නාරම දූපත මුදා නොගත් ප්‍රදේශයකි. එය කතෝලික පල්ලියේ දෙමළ අක්ෂය පාලනය කරයි.

දූපතේ ඉඩම් වලින් බහුතරය පල්ලිය සතුය. සුළු කොටසක් මුස්ලිම් ජනයා සතුය. රජය සතු ඉඩම් ඇත්තේම නැති තරම්ය.

ජනයා ස්වශක්තියෙන් නැගී සිටිනවාට පල්ලියේ පූජකයන් කැමති නැත.

පල්ලියේ රැහෙන් මිදී රැකියාවක් කරනවාට පූජකයෝ  කැමති නැත.

දූපතේ ව්‍යාපාරික කටයුතු දියුණු වනවාට පල්ලිය කැමති නැත.

පල්ලිය නිසා එහි වෙසෙන මුස්ලිම් ජනයාද අසරණය.

වෙනත් වචන වලින් කිවහොත්  දූපත් වාසී ජනයා පල්ලියේ  ප්‍රාණ ඇපකරුවන්ය.

අද වතිකානුවේ ලොක්කෙක් අනුරගේ වැඩ අධීක්ෂණය කිරීමට කොළඹ ආවේය.

පල්ලියට බිය අනුර මන්නාරම දූපතේ  සුළං විදුලි  ව්‍යාපෘති  අත්හිට වූයේය

මහින්ද සම්බන්ධයෙන් විවේචන තිබුණත් සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීමෙහිලා ඔහු ඉටු කළ මෙහෙය අගය කළ යුතුය.

මහින්ද  පල්ලියේ දෙමළ අක්ෂයට බිය වූයේ නැත.

මහින්ද මෙගා වොට් 103ක සුළං බලාගාරයක්  මන්නාරම දූපතේ ඉදිකළේය.

තම්බපවනී නම් වූ එය මෙරට විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය විය.

මෙරට  ජාතික සැලැස්ම අනුව 2030 වන විට විදුලි බල අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය ප්‍රභව වලින් ලබා ගතයුතුය.

අනුර බලයට පැමිණි විගස ඉතා සාහසික ලෙස  සූර්ය විදුලි  නිෂ්පාදනය කප්පාදු  කළේය.

දැන් සුළං විදුලි බලාගාර කප්පාදු කොට ඇත.

මෙහි විශේෂිතම සිදුවීම  අනුර සුළං විදුලි බලාගාර තහනම් කර ඇත්තේ අධිකරණ තීන්දුවක් හෝ රාජ්‍ය ආයතනයක පාරිසරික වාර්තාවක් නිසා නොවේ.

හුදෙක් කතෝලික පල්ලියේ දෙමළ අක්ෂයේ ඉල්ලීම නිසාය.

සුළං බලාගාර තහනම් කිරීම නිසා සමස්ත ආර්ථිකයට සිදුවන හානිය සුළු පටු නැත.

මෙරට විදුලියෙන් වැඩි ප්‍රමාණය නිපදවන්නේ ඩීසල් සහ ගල් අඟුරු වලිනි.

එවැනි තත්ත්වයක් තුළ ඔහේ හමා යන සුළඟින් විදුලිය ලැබීම රටට විශාල ශක්තියකි.

මන්නාරම දූපතේ  සුළං විදුලි බලාගාර තහනම් කිරීම ආර්ථික ඝාතනයකි. ඝාතකයා අනුර කුමාරය.

Keerthi Ratnayake



9 Viewers