• Home »
  • Sinhala »
  • මංගල අපේ ඉවසීමට ඔබ ණය ගැතියි.

මංගල අපේ ඉවසීමට ඔබ ණය ගැතියි.

2016 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ මහ ලේකමි බැන් කී මූන් විසින් තමාට ලංකාවෙ යුද්දෙ ගැන තො⁣රතුරැ සොයා දීම සදහා මර්සුකී දරැස්මාන් , ස්ටීවන් රැටිනර් හා යැස්මින් සූකා කියන තිදෙනාගෙ කමිටුව පත් කළා. මෙිකට තමයි දරැස්මාන් කමිටුව කියන්නෙ.

මෙි කමිටුව ලිපි මගින් ඊ මෙිල් පණිවුඩ මගින් එකතු කර ගත් තොරතුරැ මත නීති විරෝධීව 2016 දි දරැස්මාන් කමිටු වාර්තාව එළි දැක්වුවා. ඒක මගින් අපේ හමුදාවන්ට එල්ල කළ ප්‍රධානම චෝදනාව තමයි යුද්දෙ අවසන් භාගයෙදි අපි දෙමළ ජනතාව40000 ක් ඝාතනය කළ බව.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකමි කවුන්සිලයේ කොමසාරිස් සයිද් රාද් අල් හුසේන් ඉහත වාර්තාව අනුව යමින් 2015 දි වාර්තාවක් නිකුත් කළා. ඒකෙන් පුධානම චෝදනාව තමයි 40000 ඝාතනය කිරීම .

2015 මහින්ද පැරදිලා මහ ඡන්දෙන් සභාග රජයක් බිහිවෙලා එහි විදේශ ඇමති වුන මංගල සමරවීර 2015/10/1 දින ජිනීවා නුවර මානව හිමිකමි කවුන්සිලයේ දී ඇමරිකාව සමග සම යෝජකත්වයෙන් 30/1 යෝජනාව ගෙනාව. ඒක මගින් සයිද් රාද් අල් හුසේන් ගෙ වාර්තාව අගය කරමින් පිළිගත්ත. ඒ අනුව අපි දෙමළ ජනතාව 40000 ක් මැරැව බවත් පිළිගත්ත.

කරපු වරද නිවැරැදි කරන්න නඩු කියල රණවිරැවන් හිරේ දාන්න කොටින්ට වන්දි ගෙවන්න , අදාළ අණ පනත් ගේන්න කල් ඉල්ලුව.

මෙන්න මෙි මහා පාවාදීම නිසා අපිම පිළිගත්තා අපි යුද අපරාධ කළ බව.

2017/10/12 දින බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවෙදි නෙසබි සාමි “බටහිර රටවල් ලංකාව යුද අපරාධ චෝදනා වලින් ඉවත් කළ යුතුයි ” කියල යෝජනාවක් ගෙනාව .

ඔහු තර්කානුකූලව කරැණු ඉදිරිපත් කළා මැරැනෙ 7000-8000 ගණනක් විතරයි. ඒත් චෙිතනාන්විතව නෙවෙයි කියල.

ඒ අනුව 40000 ක් මරපු කතාව බොරැ බව නෙසබි සාමි ඔප්පු කළා.

හැබැයි ලංකාවෙ විදේශ අමාත්‍යංශය මෙම සොයාගැනීම ට හා රණවිරැවන් යුද අපරාධ චෝදනා වලින් ගලවගන්න භාවිත කළේ නැහැ.

ඒ නිසා වර්තමාන විදේශ ඇමති තිලක් මාරපන නිළධාරින් සමග හැම අවුරැද්දකම දෙපාරක් ජිනීවා ගිහින් 30/1 දිගටම පිළිගන්නව කියල පාවාදීමෙ කොන්දේසි ඉටු කරන්න කල් අරගෙන ඔලුව පාත් කරල නැවත ලංකාවට එනව.

මෙිජර් ජෙනරාල් චාගි ගාල්ලගේ වැනි රණවිරැවන්ට අද ඔිස්ටිරේලියාවට යන්න වීසා දෙන්නෙ නැහැ. යුද අපරාධ කරැවන් බවට හංවඩු ගහල.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි වලට යන්න අවසර ලැබෙන්නෙ 2009 ට පසුව හමුදාවට බැදුන රණවිරැවන්ට විතරයි.

ඊට පෙර බැදුන අයව ගන්නෙ මානුෂීය මෙහෙයුම ට සමිබන්ධ නොවුන අයව විතරයි.

ඉතින් මෙි හැම දේටම මුල 2015/10/1 මංගල සමරවීර ගෙ 30/1 න් කළ පාවාදීම නොවෙයිද?

කැබිනට් මණ්ඩලය , පාර්ලිමේන්තුව හෝ ජනාධිපති සිරිසේනව පවා දැනුවත් නොකර තමයි මංගල කියන දේශද්‍රෝහියා මෙම අපරාධය කරල තියෙන්නෙ .

මංගල අපේ ඉවසීමට ඔබ ණය ගැතියි.

– මෙිජර් අජිත් ප්‍රසන්න



798 Viewers