මහනාහිමිවරුන්ගේ අනුමැතිය නැතිව අණ පනත් සම්මත කළොත් පාර්ලිමේන්තුව වටලනවා – Malwatte, Asgiriya oppose laws to control monks
Malwatte, Asgiriya oppose laws to control monks
Passing legislation by Parliament to control the members of the Sangha was an unwarranted move by the government, Most Venerable Anunayake of Malwatte Chapter Dr. Niyangoda Sri Vijithasiri Thera said yesterday afternoon.
Prior to introducing or passing new laws and regulations with regard to the Sangha, places of worship and the Sasana (Order) it was important to consult the Maha Sangha, Dr. Vijithasiri Thera said.
Matters pertaining to the Buddhasasana and the Sangha should be taken up after consultation with the Sangha and with care and responsibility, the Anunayake Thera added.
Senior Member of the Supreme Council of Sangha (Karaka Maha Sangha Sabha) of Asgiriya Chapter Venerable Dr. Medagama Dhammananda Thera said that passing legislation in Parliament to control the Sangha was a highly dangerous step.
Any Acts passed by parliament could be changed from time to time and in the process very harmful amendments could enacted to the detriment of the Sangha Sasana and ultimately Buddhism in the country would end up in chaos, Ven. Dr. Medagama Dhammananda Thero warned.
හිමිවරුන්ට නීති දාන පනත සංස්‌කෘතියට ගැසූ පහරක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියයි
රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ සංඝාධිකරණ පනත මගින් සෘජුවම පහර වදින්නේ ශ්‍රී ලාංකීය සංස්‌කෘතික අනන්‍යතාවට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවැසීය.
ථෙරවාදී භික්‍ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධව ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ හෙතෙම ආණ්‌ඩුව මේ සිදුකර ඇත්තේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට ගැටලුවක් මතු කරමින් සංස්‌කෘතික වශයෙන් ප්‍රහාරයක් එල්ල කිරීම බවයි.
ඉකුත් කාලයේ විනය නීති ක්‍රියාත්මක කිරීමට එය නීතිගත විය යුතුයි කියල මතවාදයක් ගොඩ නැගුනා. නමුත් සමහර නිකායන් එයට විරුද්ධ වුණා.
භික්‍ෂුන් පාලනය කළ යුත්තේ භික්‍ෂුන් විසින්මයි. භික්‍ෂුවකගේ සිවුර ගලවා භික්‍ෂුත්වයෙන් ඉවත් කරන්න නීතියට බැහැ.
චිරාත් කාලයක සිට අපේ ගැමියන් ප්‍රතිකාරයක් ගන්න ගියේ පන්සලේ වෙද හාමුදුරුවන් වෙතට. හඳහන බලා ගත්තේ, සිංහල අවුරුද්දට නැකත් හදලා දුන්නේ. පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේ ඒවාට මුදල් අය කළේ නැහැ. ගැමියා කැමැත්තෙන් දුන් දෙයක් පමණයි භාර ගත්තේ. ඉතිහාසයේ සිටම රටට අභියෝගයක් පැමිණි විට මුලින්ම හඬ නැඟුවේ මහා සංඝරත්නය. ඒ නිසා මේ සම්බන්ධව ෙත්‍රෙනිකායික මහා නාහිමිවරුන් එකතුව තීරණයක් ගත යුතුයි යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
Laws to control Buddhist monks will fail: BBS
The activities of certain monks who support political leaders seeking benefits have a negative impact on the entire Buddhist mission, BBS General Secretary Galagoda Aththe Gnanasara Thera said today. “We are facing these problems because of not taking the right decision at the right time, a point which has not been understood by our political leaders,” the Ven. Thera said. As a Buddhist organisation we urged the government to establish a commission to identify anti-Buddhist activities. Unfortunately, the government is not concerned about our request, he said.
However the Government is planning to bring an Act in the Parliament which can take the control of the activities of Buddhist monks. “We will not let the Act to be brought to the parliament. Ordinary people cannot put conditions on the clergy. If rules are to be implemented they should be proposed by the Chief Sangha Nayaka,” the Thera said. We have so many invasive forces in the country which are against Buddhism. But it seems even the Mahanayakas are silent on these matters. That’s why we need a Sanghadikaranaya – a special court to hear cases of Buddhist monks. It’s high time that we do away with these worn out British laws,” the Prelate said.
This measure proposed by the government will only draw the attention of Sinhala Buddhists to a different path without allowing them to concentrate on the development of the country,” the Thera said. If the laws are to be implemented they should be made according to Buddhist Laws and regulations. Not according to the laws of the white colonialists. From now onwards, we will not present ourselves before any court or magistrate until we are called before a Sanghadikaranaya. “We respect the country’s law, but we are not going to bow before the white man’s law unless it is relevant to our country. We request all Buddhist monks to boycott the courts of this country. If the government fails to call for a Sanghadikaranaya we will break the civil law.
Then the government has to convert every coconut tree into a gallows and every school into a prison to suppress the Sinhala Buddhist people. So do not try to put your hands on the heart of the Buddha Sasanaya, the Prelate warned
අලුත් පනතට එරෙහිව ගලගොඩඅත්තේ හිමිගෙන් දැඩි තීරණයක්
ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්‍ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීම සඳහා තමන් වහන්සේට එරෙහිව අධිකරණයේ විභාග වන කිසිදු නඩු කටයුත්තකට මේ මොහොතේ සිට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (14 වැනිදා) අවධාරණය කළහ.
හිරගෙවල් සියයකට දැමුවද පොලිසියේ කුමන තරාතිරමක නිලධාරියකු පැමිණිය ද තමන් වහන්සේ අධිකරණය හමුවට නොපැමිණෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ සිංහල රටේ සංඝයා වහන්සේලාට දඬුවම් කළහැකි පනත් සම්මත කර ගැනීමට බොදු බල සේනාව විසින් ඉඩ නොතබන බව සඳහන් කළ උන්වහන්සේ මෙම පනතට පක්‍ෂව අත ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාංශුකූලයට හෝ මහා සංඝරත්නය වැඩම නොකරන බවත් කියා සිටියහ.
තමන් වහන්සේ නැවත උසාවිය හමුවට වඩිනු ලබන්නේ මෙරට සංඝාධිකරණයක් ස්‌ථාපිත කළ පසුව බවත් ඥානසාර හිමියෝ කීහ.
ආණ්‌ඩුවට මෙවැනි පනතක් ගෙන ඒමට අවශ්‍යව තිබුණේ නම් එය කළ යුතුව තිබුණේ මහා සංඝරත්නයට එරෙහිව නීතිරීති පැනවීමට පමණක් නොව සියලු ආගමිකයන්ට පොදු පනතක් ගෙන ඒම බවත් උන්වහන්සේ පැවසූහ.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස් පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතියක්
ජනමාධ්‍ය ඇමැතිට ලැබුණේ කොහොමද!
ගැටඹේ නාහිමියෝ ප්‍රශ්න කරති
බුදුන්වහන්සේට මිස භික්‍ෂූ නීතියක් පැනවීමේ අයිතිය භික්‍ෂුවකට නැතිව තිබියදී භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතිය ජනමාධ්‍ය ඇමැතිවරයාට ලැබුණේ කෙසේද යන්න විමතියට කරුණකැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති අති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ පැවසූහ.
භික්‍ෂු ක්‍රියාකාරකම් පාලනය සඳහා නීති පැනවීමේ පනතක් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව කරුණු දක්‌වමින් අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ මෙසේද ප්‍රකාශ කරති.
එක් එක් කාලවලදී බොහෝ යෝජනා කාලෝචිතව ඉදිරිපත් වෙනවා. එහෙත් මෙම භික්‍ෂූන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක්. බෞද්ධ ශාසනික ප්‍රතිපදාව අනුව භික්‍ෂූන් සම්බන්ධ නීතිරීති ඇතුළත් යෝජනා ඇමැතිවරයකුට ඉදිරිපත් කළ නොහැකියි. එවැන්නක් කළ යුත්තේ උත්තරීතර සංඝයා වහන්සේගේ කමිටුවක් මඟින් පමණයි. භික්‍ෂූන් පිළිබඳ විනය නීති සියල්ල බුදුන් වහන්සේ විනය පිටකයෙන් පනවා තියෙනවා. විනය නීතියක් පැනවීමට භික්‍ෂුවකටවත් අයිතියක් නැත. බුදු රදුන් පරමවේලයික නමින් හඳුන්වන්නේ ඒ නිසයි.
භික්‍ෂුවගේ සෑම නොමනා චරියාවකටම විනය නීති රීති පනවා ඇති හෙයින් හා දඬුවම් නියමකර ඇති හෙයින් විනය ප්‍රතිබලසම්පන්න සුපේෂල ශික්‍ෂාකාමී මහා සංඝයා වෙත ඉදිරිපත් කළ හැකිය. එවිට එම යෝජනා සම්මුති සංඝයා එක්‌වී බෞද්ධ නීතියට අනුගතව නීති ප්‍රතිපාදනය කොට කතිකාවතක් ලෙස රාජ නීතියට ද අනුකූලව කතිකාවතක් ලෙස. ඉදිරිපත් කළ හැකිය.
ඒ හැර භික්‍ෂූන් සඳහා නීති පැනවීමට ගිහියන්ට ඇති බවක් හෝ ඉඩකඩක් හෝ ඇති බවක් ශාසන ඉතිහාසයේත් විනය පිටකයේත් සඳහන් වී නැත. ගිහියන් එක්‌වී සංගායනාවක්‌ද පවත්වා නැත.
මහනාහිමිවරුන්ගේ අනුමැතිය නැතිව අණ පනත් සම්මත කළොත් පාර්ලිමේන්තුව වටලනවා
– බෙංගමුවේ නාලක හිමි
මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය නොමැතිව සංඝයා වහන්සේගේ විනය පිළිබඳව අණ පනත් සම්මත කළහොත් මහා සංඝරත්නය පාර්ලිමේන්තුව වටලනවා යෑයි රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මහනුවරදී පැවසූහ.
මල්වතු අස්‌ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දැක්‌වූ බෙංගමුවේ නාලක හිමියෝ සංඝයා වහන්සේගේ හැසිරීම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නීති රීති ඇතුළත් කථිකාවත් සම්මත කිරීමේ අයිතියක් හෝ සදාචාරයක් ගිහියන්ට හිමි නැතැයි ද පැවසූහ.
මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලාගේ ලිත අනුමැතියකින් තොරව මහා සංඝරත්නය පිළිබඳ විෂයයෙහි කිසිදු නීතියක් හෝ අණපනත් සම්මත කිරීමකට අයිතියක් නැති බැවින් එවැනි ශාසන විරෝධී ක්‍රියාවකට ඉඩදිය නොහැකි යෑයි ද උන්වහන්සේ පැවසූහ.
ත්‍රස්‌තවාදය පරාජය කිරීමට සහයෝගය හා කැපවීම ලබාදුන් රණවිරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ දශලක්‍ෂයක් අත්සන් ලබාගැනීමේ වැඩසටහන පිළිබඳව මල්වතු අස්‌ගිරි මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට බෙංගමුවේ නාලක සහ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ඉත්තදෙමලියේ ඉන්දසර හිමිවරු වැඩම කර සිටියහ.
මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශවයේ අති පූජ්‍ය මහානායක ගලගම ශ්‍රී අත්ථදස්‌සි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමෙන් පසුව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්‌වමින් එසේ පැවසූහ.
කැලණිය රාජ මහා විහාරස්‌ථානයේදී ලබන 24 වැනිදා පැවැත්වෙන බෝධි පූජාවකින් අනතුරුව රණවිරුවන්ට මුහුණ පෑමට සිදුවන හිංසා පීඩා පාලනය කිරීම පිළිබඳ අත්සන් දශ ලක්‍ෂයේ පෙත්සමට අත්සන් ලබා ගැනීමේ කටයුතු කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්‌ථානයේදී ආරම්භ කරන බව මෙහිදී ප්‍රකාශ විය.
දිවයිනේ පළාත් සියල්ල ආවරණය වන පරිදි දිස්‌ත්‍රික්‌කයක් පාසා අත්සන් ලබාගැනීම සිදු කරන බවද උන්වහන්සේ පැවසූහ.
සඟරුවනට නීති දාන්න රජයට බලයක් නෑ
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි
භික්‍ෂුන් වහන්සේට නීති පැනවීමේ බලයක් රජයට නොමැති බව රාමඤaඤ නිකායේ දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
භික්‍ෂුන් වහන්සේට අලුතින් නීති පැනවීමට අවශ්‍ය නොමැති බවත් සිදුකළ යුත්තේ භික්‍ෂු කතිකාවත්වලට නීතිමය බලය ලබාදීම බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
රාමඤ්ඤ නිකාය දශක තුනක් තිස්‌සේ තම නිකායේ භික්‍ෂූ කතිකාවතට නීතිමය බලය ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
භික්‍ෂූ චරිතයට නොගැලපෙන දුෂ්ශීල අශීලාචාර කටයුතුවල යෙදෙන සිවුරු පොරවාගත් පුද්ගලයන් ශාසනයෙන් පලවා හැරීම සඳහා ඒ ඒ නිකායන් සතු භික්‍ෂු කතිකාවතට නීතිමය බලය ලැබිය යුතු බව සෝභිත හිමියෝ පැවසූහ.
එම නිසා අලුතින් නීති පැනවීමට කිසිම අවශ්‍යතාවක් නොමැති බව උන්වහන්සේ “දිවයින”ට පැවසූහ.
|
1669 Viewers





