මහින්ද රාජපක්ෂ

මහින්ද නාමල් බලන්න වැලිකඩ යන එකට ඊයේ පෙරේදා ඇච්චො බැච්චො ටිකක් විහිලු කරලා තිබ්බා

​මහින්ද කියන්නේ උඹලගේ හීන ලෝකේ ඉන්න ලපයි සිපයි වීරයො වගේ නෙමේ බන්
රියල් චරිතයක්.

​සාම කාලේ මඩූ පල්ලියේ උත්සවේට ආරාධනා ලැබිලා කොටි පාලන ප්‍රදේශය නිසා හමුදාවට යන්න බෑ කොටි ආරක්ෂාව දෙන්නම් කිව්වාම,

​”මම ඊළඟ අවුරුද්දේ උත්සවේට එන්නම්, මෙහෙන් කොටි පන්නලා හමුදා ආරක්ෂාව එක්කම”
කියපු, ඒක කරල පෙන්නපු පොරක්

​මිලිබෑන්ඩ්ලා කුෂ්නර්ල ඇවිල්ලා යුද්දෙ නවත්තන්න කිව්වම
“අපි උඹලගෙ යටත් විජිතයක් නෙමෙයි”
කිව්ව පොරක්.

​කුපිත වුනු මිලිබෑන්ඩ් කුෂ්නර් ජෝඩුව “අපි ඔබතුමාගේ මිතුරන්” කිව්වම
“මම මිතුරන් සතුරන් හොඳට අඳුනනවා”
කිව්ව නාහෙට නාහන ඩයල් එකක්.

​ඉන්දියාවට ගිහිල්ලා මන්මෝහන් බැලන්ස් කරලා පාකිස්ථානෙට ගිහින් යුද ආධාර ගත්තු පොරක්.

​පලස්තීනයට ගිහිල්ලා එහෙට උදව් කරල තමන්ගෙ නමින් පාරත් විවෘත කරලා, ඊට පස්සේ ඊශ්‍රායලයට ගිහින් නෙතන්යාහු එක්ක හිනාවෙලා ටෝක් කරපු මිනිහෙක්.

​යුධ අපරාධ කරලා චාල්ස් කුමාරයා එනකොට අත අත දෙන්න පුලුවන්ද කියල බටහිර මීඩියාකාරයො ඇහුවම,

​”මම අතට අත දෙන්නෑ මම ආයුබෝවන් කියල ආචාර කරන්නේ ඒකයි අපේ ක්‍රමය”
කියල චාල්ස් ලොක්කා ආවම ආයුබෝවන් කියල
පොරටත් ඒක පුරුදු කරපු මිනිහෙක්.

​ලෝකේ භයානකම ත්‍රස්තවාදියාට නන්දිකඩාල් කලපුවේ අමුඩ ගස්සවපු රියල් චන්ඩියෙක්.
ඒ කරෙත් සරත් ෆොන්සේකා වගේ පොරවල් ආමි එකේ තියාගෙන.

​ලෝකේ මීලඟ බලවතා චීනය බව කලින්ම දැකලා
ෂී ජින්පින් එක්ක ෆිට්වෙලා පොරව ලංකාවටත් ගෙන්නලා රටට උදව් ගත්ත මිනිහෙක්.

​ජනාධිපතිකම හින්ද බැබලෙන්නේ නැතුව
ජනාධිපති කියන තනතුරට තමන් හින්ද ගෞරවය අරන් දීපු පොරක්.

​වැරදි ඇති. ලංකාවෙ දේශපාලනය කියන්නේ මල් යහනාවක් නෙමේ. ඕනවට වඩා සරල වෙන්න ගියොත් මේකෙ උන් කරේ නැගලා ගහන්න එනවා.
ගෝඨාට වුනේ ඒක.

​ඒ නිසා වැරදි වලට වඩා රටේ දැවැන්ත සේවයක් කරපු මිනිහෙක්.
දැන් ඉන්න කයිවාරු කාරයො වගේ රටට ජාතියට වරදක් මහින්ද කරල නෑ.

​සරලවම කිව්වොත් රටේ මිනිස්සුන්ට අභයදානය දීපු නායකයා.
ඒක මිල කරන්න බැරි දෙයක්.
ජීවිතය තරම් වටින දෙයක් තියනවද ?

​බෝම්බ පුපුරන කොළඹ,
කොටි පනින මායිම් ගම්මානවල, යුද්දෙ කාලෙ කරක් ගහලා මගේ අත්දැකීමෙන් ඒක මම දන්නවා.

​ධනපති ඉහළ පන්තියයි, ග්‍රාමීය පහළ මැද පන්තියයි හිටපු රටේ ආර්ථික ප්‍රසාරණය කරල මැද පන්තියක් හැදුවේ මහින්ද. අද මැද පන්තිය ටිකෙන් ටික දිය වීගෙන යනවා.
සුපිරි පන්තියක් සහ වහල් පන්තියක් බිහිවෙමින් තිබෙනවා.

​අද මහින්දට සාප කරන ගොඩක් උන් ඔය ග්‍රාමීයව ඉදලා මැද පන්තියට පැනගත්තු උන්.
2005 ට කලින් උඹලගෙ ගම් තිබ්බ විදිහ පවුල් ජීවත් වෙච්ච විදිහ වයසක මිනිස්සුන්ගෙන් අහල බලපල්ලා.

​ඒ නිසා මහින්දට උඹල එක්ක තරහක් නෑ. මේ රටේ ඉන්න දේශපාලඥයො එක්ක තරඟයක් නෑ.

​තඹුත්තේගම රංබණ්ඩාගෙ කොල්ලල එක්ක තරගයක් නෑ.
ඔය කොල්ලන්ගේ ජීවිත බේරගන්න 88 89 ජිනීවා ගියේ මහින්ද.

​මහින්ද ඉන්නේ වෙනම ලෙවල් එකක. දුටුගැමුණු, පරාක්‍රමබාහු, සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය වගේ රජවරු එක්ක එක ලෙවල් එකේ තියන්න පුලුවන් ලංකාවේ බිහිවුන එකම ජනාධිපති.

​මුවමර් ගඩාෆිලා,
හිගෝ චාවේස්ලා,
අල් කමේනිලා එක්ක
බටහිර ලෝකයට
අභියෝගයක් උන මිනිහෙක්.

​බටහිර බලවත්තු පරගල තක්කඩි ටික ෆෝම් කරලා ට්‍රයි කරත් මරන්න බැරිවුනු මිනිහෙක්.

​ඒ සෙට් එකෙන් තාමත් ජීවත් වෙලා ඉන්නේ මහින්ද විතරයි.

​දැන් අවුරුදු 81 ක්.
රෝන් ජෙනරේසම
මැරියන් කියලා සාප කරද්දී
මහින්ද පරම ආයුෂ විඳලා ඉවරයි.

​කවද හරි මහින්ද මහත්තය යයි.
කවුරුවත් සදාකල් ඉන්න ආවෙ නෑ
හැබැයි ඉතිහාසය එතුමාව තියන්න ඕන තැන තියයි.
මහාවංශයේ පරිච්ඡේදයක් වෙන්නොවුනත්
“කලගුන දන්න” මිනිස්සුන්ගෙ හිත්වල
එතුමා ට තැනක් ඉතුරු වෙලා තියෙයි.

.උපුටා ගැනීමකි.
අයිතිය මුල් ලියුම්කරු සතුයි
Edited for clarity.



3 Viewers