මුතාලිෆ්

මේ කතාව කියවුවාම ඔබට තේරේවි මේ ඉන්නේ මේ රට වෙනුවෙන් මොන තරම් නම් දෙයක් කරපු වීර ලංකා පුත්‍රයෙක්ද කියලා.
1966 ජුනි මස 12 වැනිදා කළුබෝවිල මැලේ ජාතික පවුලක උපත ලබා, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය මාතාවගේ සෙවණේ හැදී වැඩුණු මේ පින්වන්ත පුත්‍රයා, එකල ක්‍රීඩාවෙන් මෙන්ම වාද විවාද කලාවෙන් ද එකලෙස දස්කම් පෑ තේජවන්ත තරුණයෙක්. එහෙත් ඔහුගේ ඉරණම ලියැවී තිබුණේ දේශයේ නිදහස වෙනුවෙනි. ඒ අනුව 1986 වසරේදී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වන ඔහු, දියතලාව සහ පකිස්ථාන හමුදා ඇකඩමියන්ගෙන් විශිෂ්ටතම පුහුණුව ලබා, 4 වන ගැමුණු හේවා බලඇණියෙන් සිය අභිමානවත් යුද ගමන ආරම්භ කළේ ලක් මාතාව සුරැකීමේ අචල අධිෂ්ඨානයෙනි.
මුතාලිෆ්ගේ සැබෑ වික්‍රමාන්විත මෙහෙය සනිටුහන් වන්නේ ඔහු යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායට එක්වීමත් සමඟය. පකිස්ථානය, ඇමරිකාව, බංග්ලාදේශය සහ හවායි වැනි විදෙස් රටවලින් බුද්ධි මෙහෙයුම් පිළිබඳ ලබාගත් උසස්ම පුහුණුව තමා සතු කරගත් ඔහු, සතුරාට එරෙහිව කිසිවෙකුට නොපෙනෙන අදෘශ්‍යමාන මාරක යුද්ධයක් දියත් කළේය. යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකාය” (LRRP) තුළ ඔහු මෙහෙයවූ මහසෝන් බළකාය එදා කොටි නායකයන්ගේ නිදි සුවය උදුරා ගත්තා.
මධ්‍යම රාත්‍රියේ කඳවුරෙන් රහසේම අතුරුදන් වී, අලුයම් යාමයේ මඩ සහ ලේ තැවරුණු ඇඳුමින් යුතුව, සතුරු මළ සිරුරු දහයක් පහළොවක් සමඟ යළි පැමිණෙන අපූර්ව, පරාක්‍රමවත් වීරයෙකි. ප්‍රභාකරන්ගේ සමීපතමයන් වූ කර්නල් ශංකර්, ගාන්ධි අමරන්, කර්නල් චාල්ස් සහ චෙලියන් වැනි දරුණු ත්‍රස්තවාදීන් මෙලොවින් සමු, ගත්තේ මුතාලිෆ්ගේ තීක්ෂණ බුද්ධිය හමුවේය. ඔහුගේ අසමසම හැකියාව නිසාම ඔහුට දක්ෂ මොළ සෝදන්නා යන අනුවර්තී නාමය ද පටබැඳුණි. ඒ, තමා ම,,රාගෙ,න මැරෙ,,න්නට ආ සතුරන් පවා සියුම් මනෝවිද්‍යාත්මක උපක්‍රම මඟින් මෙහෙයවා, නැවත කොටි සංවිධානයටම එරෙහිව හරවා යැවීමට තරම් ඔහු සතු වූ අසහාය ප්‍රතිභාව නිසාය.
ඔහුගේ මෙහෙයුම්වල සාර්ථකත්වය කෙතරම්ද යත්, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රB kරන්ගේ දරුණුතම ඝා,ත,,න ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට මුතාලිෆ්ගේ නම ඇතුළත් කර තිබුණි. මේ අසහාය වීරයා දේශයට කළ අමිල මෙහෙවර උදෙසා රණ වික්‍රම පදක්කම, යුද හමුදා දීර්ඝ සේවා පදක්කම, උතුරු නැඟෙනහිර ක්‍රියාන්විත පදක්කම, පූර්ණ භූමි පදක්කම මෙන්ම වඩමාරච්චි සහ රිවිරැස වැනි ඓතිහාසික මෙහෙයුම් පදක්කම් රැසකින් ඔහු පිදුම් ලැබීය.
එහෙත්, මුළු මහත් ජාතියේම අවාසනාව සනිටුහන් කරමින් 2002 වසරේ සිදුවූ මිලේනියම් සිටි ද්‍රෝහී පාවාදීමත් සමඟ, මුතාලිෆ් ඇතුළු බුද්ධි බලකායේ අතිශය රහස්‍ය තොරතුරු සහ ආරක්ෂිත නිවස්න සතුරා අතට පත් විය. දේශපාලන අදූරදර්ශීභාවයේ ඛේදවාචකයක් ලෙස හෙළි වූ ඒ රහස් ඔස්සේ හඹා ආ ත්‍රස්තවාදීහු, 2005 මැයි 31 වැනිදා පොල්හේන්ගොඩදී ඒ අභීත සිංහයාව සදහටම නිහඬ කිරීමට සමත් වූහ.
ඝාතනය වන විට 39 වැනි වියේ පසුවූ ඔහු, ලුතිනන් කර්නල් නිලයේ සේවය කළ ආදරණීය, දිරිය පියෙකි. තමාගේ ජීවිතයට ඕනෑම මොහොතක මාරයා පැමිණිය හැකි බව දැන දැනත්, රට වෙනුවෙන් වූ පරම යුතුකම අත්නොහළ මේ වීරයා, අවසානයේ පොල්හේන්ගොඩ මංසන්ධියේදී සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්ව තම අවසන් හුස්ම පොද දේශයට පූජා කළේය.
කර්නල් මුතාලිෆ්ගේ වියෝව යුද හමුදාවට පමණක් නොව, මුළු මහත් දේශයටම පිරවිය නොහැකි මහා ශෝකාකූල හිස්තැනක් විය. ඔහු තවදුරටත් ජීවත්ව සිටියේ නම්, මෙරට වෙලාගත් ශාපලත් යුද්ධය මීට වඩා බොහෝ කලකට පෙර, අඩු ජීවිත හානියකින් අවසන් වීමට ඉඩ තිබූ බව යුද විශ්ලේෂකයන් අදටත් පවසන්නේ දැඩි කනගාටුවෙනි.
කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් යනු මියගිය සෙබළෙකු නොව, ශ්‍රී ලාංකේය ජාතියේ නිදහස වෙනුවෙන් සදාකාලිකව සීරුවෙන් සිටින බුද්ධිමය පවුරකි. මුතාලිෆ් වැනි අභිමානවත් වීරයෙකු ලක් පොළොවට දායාද කළ ඒ උදාර දෙමාපියන්ටත්, ඔහුගේ පවුලේ සැමටත් මුළු මහත් ජාතියේම ප්‍රණාමය සදාතනිකව හිමි විය යුතුය.
4 Viewers





