මුහමාලේ

දශක ගණනක් පුරා ඇවිලීගිය උතුරු නැගෙනහිර යුද්ධයේ එල්ටීටීඊයේ පරිදේහය රැදී තිබුණේ මුහමාලේ මත බව නොරහසක් නොවේ. මේ භුමිය එල්ටීටීඊයට අහිමි වූ කල එල්ටීටීඊ ඊළාම් රාජ්‍ය සිහිනය සිහිනයක්ම වන බව එල්ටීටීඊ ත්‍රස්ත නායක ප්‍රභාකරන් දැන සිටියහ.

වර්ෂ 1993 පුනරීන් පසුබෑම මත කරලියට ආ මුහමාලේ සංග්‍රාම භුමියේ හී යුද හමුදාවට පරස්පර සටන් උපක්‍රම වෙත එල්ටීටීඊය ද සීඝ්‍රයෙන් ඉදිරියට යාමට උත්සාහ කළහ. එම ක්‍රියාවලියේ ” Ditch Cum Bund ” නොහොත් යුද අගලකට සම්බන්ධ කොට තැනු සුවිසල් පස් බැම්ම ක්‍රමවේදය උතුරේ සටන් බිමට සම්මත යුද කලාව අනුසාරයෙන් රැගෙන ආවේ එල්ටීටීඊ උතුරේ සන්නද්ධ නායක තීපන් නොහොත් බාහීර්ත කුමාර විසිනි. කැති සහ මන්න තුලින් සිවිල් ජීවිත බුරුතු ගණන් වැනසු කොටි සංවිධානය සම්මත යුද කලාවට සම්බන්ධ කළ ප්‍රධාන පාලමක් ලෙස තීපන් හැදින්විය හැකිය. මේ භුමිය ආශ්‍රිතව විශේෂයෙන්ම මුහමාලේ ජාතික ආරක්ෂක පෙරමුණ ( National Defence Front – Muhamalai ) යාපනය අර්ධද්වීපය ප්‍රධාන ගොඩබිම( A – 09 මාර්ගය ) හා සම්බන්ධ කරන ප්‍රධාන දොරටුව තම ආරක්ෂක වළලු තර කොට තම සන්තකයට ගන්නට තීපන් නොගත් වෑයමක් නොමැත.

හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලෙන් කොටි ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට දියත් කළ ක්‍රියාන්විත ගණනාවක් නොපිටට පෙරලන්නට තීපන්ගේ නායකත්වයෙන් යුත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමත් වුයේ මේ “Ditch Cum Bund ” සටන් උපක්‍රමය නිසාවෙනි. තිස් වසරක යුද්ධයට මේ ක්‍රමවේදය රැගෙන ආවේ තීපන්ය. මේ නිසා වසර ගණනාවක් මුහමාලේ කොටි බලය ඒකාකාරී අයුරින් රැක ගෙන පසු පස අලිමංකඩ, මුලතිවි, කිලිනොච්චිය කොටි මර්මස්ථාන රැක ගැනීමට එල්ටීටීඊයට අයෝමය ශක්තිය වුයේ තීපන්ගේ මෙම ” Ditch Cum Bund” ක්‍රමවේදයයි.

2002 සටන් විරාම ගිවිසුම සමයේදී තීපන් මෙවන් යුද අගලකට සම්බන්ධ කොට තැනු පස් බැමි විශාල ප්‍රමාණයක් ඉදිකිරීමට නායකත්වය දුන්නා පමණක් නොව එල්ටීටීඊ පළමු ආරක්ෂක වළල්ලට වඩා සුවිශාල දෙවන ආරක්ෂක වළල්ලක්ද නිර්මාණය කොට පසුපස අලිමංකඩ සෝරන්පත්තු වැනි ප්‍රදේශවලින් එල්ටීටීඊ කාලතුවක්කු බළ ඇණියක් ස්ථාපිත කිරීමට කටයුතු කළහ. අඩි 16 ක් තරම් ගැඹුරට කණින ලද දැවැන්තම පස් බැම්මක් සමස්ත ආරක්ෂක වළල්ල පුරා දිවෙන අන්දමට කොටි දෙවන ආරක්ෂක වළල්ලේ නිර්මාණය කරන්නට තීපන් මුලික විය.

වර්ෂ 2001 අග්නීඛීල ක්‍රියාන්විතය යුද හමුදාව මුහමාලේ කොටි බලය වනසා වර්ෂ 2000 දී අහිමි වු අලිමංකඩ භුමිය නැවත මුදා ගැනීමට දියත් කළ ක්‍රියාන්විතය වු මෙම ක්‍රියාන්විතය නොපිටට පෙරලන්නට තීපන් දුන් නායකත්වය ප්‍රබල එකකි. වටිනා තරුණ ජීවිත 552 ක් පමණ හමුදාවට අහිමි වු 2001 අප්‍රේල් 25 අග්නීඛීල ඛේදවාචකයකයේ දී හමුදා සන්නද්ධ රථ ආයුධ ද සතුරු භුමියේ දී සතුරා අතට පත්විය. එය තීපන්ගේ නායකත්වය යටතේ හමුදාව මුහමාලේ දී ලද දරුණුතම පළමු පසුබෑම විය .

වර්ෂ 2006 ක් වු ඔක්තෝබර් 11 වනදා කුඩා ක්‍රියාන්විතයකදී එක් සෙබලෙක් හෝ කොටි වෙඩි උණ්ඩයක ගොදුරක් වන යුධ හමුදාවට ඉමහත් හිසරදයක් වු එල්ටීටීඊ ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට දියත් කළ 1000 පමණ වු හමුදා බලමුළුවක් සහිත දැවැන්ත ක්‍රියාන්විතය සමස්ත දකුණම කම්පනයට පත් කරමින් එක රැයකින් නොපිටට පෙරලන්නට තරම් තීපන්ගේ නායකත්වය ප්‍රබල විය . සවස් වන විට ජීවිත 300 කට වැඩි ප්‍රමාණයක් ලක් දෙරණට අහිමි වු චෙකොස්ලෝවෙකියාවේ නිෂ්පාදනය කළ T -55 යුධ ටැංකි 06 ක් සහ BTR වර්ගයේ සන්නද්ධ රථ 11 ක් පමණ මාරක කොටි දෙවන වළල්ලේදී අහිමි වු තුවාල කරුවන්ගෙන් පලාලී ගුවන් හමුදා කඳවුර පිරී ඉතිරී ගිය හමුදාව ලද ඒ දැවැන්ත පසුබෑමට “Ditch Cum Bund “ක්‍රමවේදය එල්ටීටීඊයට මනා ලෙස මහෝපකාරී විය .තවද සිව්වන ඊළාම් යුධ ඉතිහාසයේ හමුදාව ලද මේ දැවැන්තම පසුබෑමට එල්ටීටීඊ නායකත්වය දුන්නේද තීපන්ය .පළමු වළලෙන් උපක්‍රමික ලෙස පසුබසින කොටි කණ්‌ඩායම් මාරාන්තික දෙවන වළල්ල දක්වා හමුදාව ගෙන්වාගෙන තම භුමියේ ඇති මාරාන්තික බව උපරිමයට යොදාගෙන තීපන්ගේ නායකත්වයෙන් හමුදාවට එල්ටීටීඊය අත්පත්කර දුන් දරුණුතම පරාජයක් ලෙස මෙය කියැවේ.

වර්ෂ 2007 දි වරින් වර කොටි ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට ක්‍රියාන්විත දියත් කළද, වර්ෂ 2008 මාර්තු 16 වනදා කොටි ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට දැවැන්ත ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කළ මුත් එය ද එල රහිත විය .වර්ෂ 2008 අප්‍රේල් මස 23 වනදා එල්ටීටීඊ ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට දියත් කළ ක්‍රියාන්විතය ද නොපිටට පෙරලන්නට තීපන්ගේ නායකත්වයට නැවතත් හැකි විය . සුප්‍රකට කිළාලි හී ” High Ground “ලෙස සැලකෙන මරණයේ පියස්ස නොහොත් එක් භටයෙක් මත පය පෑගෙන මර උගුලක් වේවා බිම් බෝම්බයක් මත අටවා ඇති සියලුම මර උගුල් එකවර ක්‍රියාත්මක වන මේ භුමිය තුල විශාල ප්‍රමාණයක් රණවිරුවන් හට අත් වු තුවාල වීම් සහ මරණ නිසාම ක්‍රියාන්විතය අතැර දමන්නට සිදු විය . පළමු වළල්ලෙන් උපක්‍රමික ලෙස පසුබසින කොටි කණ්‌ඩායම් කොටි දෙවන ආරක්ෂක වළල්ලේ දී හමුදාවට දරුණුතම ප්‍රහාරය එල්ල කළහ. තුවාල කරුවන් අධික වු මේ අසාර්ථක ක්‍රියාන්විතයට ද එදා තීපන්ගේ මුහමාලේ කොටි බලය වනසන්නට නොහැකි විය .

වර්ෂ 2008 ඔක්තෝබර් මස කුඩා කණ්ඩායම් ක්‍රමවේද සහ 55 වන සේනාංකයේ නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ මුල් වරට මුහමාලේ දී ඕමන්ත දෙහි වත්තේදී ක්‍රියාවට නැංවු “බිණ් කුණ්ඩා ” ක්‍රමවේදය හරහා සාර්ථක එල නෙලාගෙන අවසානයේ දී ඉතිහාසයේ පළමු වරට වර්ෂ 2008 ක් නොවැම්බර් මස 17 වනදා එල්ටීටීඊ ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට හමුදාව සමත් විය . එමෙන්ම වසර ගණනක් දැවැන්ත පස් බැමි ඉදි කරමින් හමුදාවට විශාල සුළි කුණාටුවක් වු තීපන්ගේ බලය පළමු වළලෙන් ඉවතට විසි විය .

වර්ෂ 2009 ක් වු ජනවාරි මස 09 වනදා සමස්ත උතුරේ කොටි පරිදේහය වු මුහමාලේ දෙවන ආරක්ෂක වළල්ල ද හමුදාව සතු වීමත් සමග හමුදා බළ ඇණි සිව් මසක් වැනි කෙටි කාලයකදී යුද්ධය අවසන් කිරීමට සමත් වීම මතම මුහමාලේ තීපන්ගේ භයානක කම මොනවාට පැහැදිලි වේ .

මුහමාලේ දී ලද පසුබෑම තුලින් වන්නියේ ඉතිරි කොටි බළකොටු ආරක්ෂා කිරීමට භුමියේ ප්‍රධාන අණ දෙන්නෙකු ලෙස තීපන් කටයුතු කළ අතර, වර්ෂ 2009 ක් වු අප්‍රේල් මස 04 වනදා දින ගණනක් ඇදී ගිය සුප්‍රකට ආනන්දපුරම් ‘Box attack’ ලෙස ප්‍රසිද්ධ පොල්වත්තේ මහ සටනේ දී තීපන් වනසා දමන්නට අප වීරෝධාර රණවිරුවන් එදා සමත් නොවන්නට යුද්ධය තවත් බොහෝ කාලයක් මේ මව්බිම වෙලාගෙන සිටින්නට ඉඩ තිබුණි.

රමේෂ් හසන්ත



5 Viewers