මෙන්න ජිනීවාහි සිදුවන දේ
කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට
36 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව දැන් ජිනීවා නුවරදී ආරම්භ වී ඇත. මේ සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බව ප්‍රශ්න කිරීම සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මෙන්ම කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් රැසක් මානව හිමිකම් කවුන්සිලය අරක්‌ගෙන සිටී.
මේ අවාසනාවන්ත තත්ත්වය බලා සිටීමට නොහැකි වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මෙවරත් කොටි ඩයස්‌පෝරාවට අභියෝග කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ මෙහෙයවීමෙන් යුත් දේශප්‍රේමීන් පිරිසක් ජිනීවා යවා ඇත.
මෙරට මුල් වරට මානව හිමිකම් කවුන්සිලය තුළ සැප්තැම්බර් 25 සහ 27 යන දෙදින තුළ කොටි ඩයස්‌පෝරාවට හා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ට අභියෝග කිරීම සඳහා සමාන්තර රැස්‌වීම් දෙකක් පැවැත්වෙනු ඇත.
එහිදී ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව නීත්‍යානුකූල නැති බවට අභියෝගයක් එල්ල කරන අතර 27 දා පැවැත්වෙන සමාන්තර රැස්‌වීමේදී ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ට වෙනස්‌කම් සිදුවූයේද යන තේමාව යටතේ කරුණු ඉදිරිපත් කෙරේ.
රජය විසින් කළ යුතු කාර්යයන් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙහෙයවනු ලබන්නේ මුල් වරටය.
මෙහිදී බ්‍රිතාන්‍ය රාජ නීතිඥ ඩෙස්‌මන්ඩ් සිල්වා ඇතුළු ප්‍රකට නීතිවේදීන් හයක් ශ්‍රී ලංකා රජය වන්නි මෙහෙයුම සිදුකර ඇත්තේ නීත්‍යානුකූලව යෑයි තම විමර්ශන වාර්තාවලින් පෙන්නුම් කර තිබියදී එම වාර්තාවේ කරුණු අවධානයට යොමු නොවූයේ මන්දැයි මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ප්‍රශ්න කෙරෙන බව රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේය.
රියර් අද්මිරාල්වරයා මුළු වන්නි මෙහෙයුමේ නායකත්වය වෙනුවෙන් කරන හඬනැගීම පුරවැසි බලය නම් වූ කීප දෙනෙකුට පමණක් සීමාවූ දේශපාලන සංවිධානයේ ක්‍රියාකාරියකුට බලා සිටීමට නොහැකි වී ඇත.
එහෙත් ලොව කිසිම ආණ්‌ඩුවක් තම රටේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගැනීම ප්‍රතික්‌ෂේප කර තිබියදී වත්මන් රජය යුද අපරාධ චෝදනාව පිළිගෙන ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්‌වූයේ ලොව විශාලතම යුද අපරාධකරුවූ ඇමරිකාව සමග එක්‌වෙමිනි.
මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් තම ඉල්ලීම් ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයට උපදෙස් දෙන අතර වත්මන් රජය ඊට එකඟවී ඇත.
සෙයිද් රාද් හුසේන් පසුබිමේ සිටින්නේ දකුණු අප්‍රිකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක් වූ යස්‌මින් සූකා නමැතියකි. ඇගේ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාදාමයන්ට 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවකු සහය දක්‌වයි. එදා රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකළ මොහු දැන් මානව හිමිකම් රැකවලකු ලෙස පෙනී සිටියි. එය විහිළුවක් නොවේද?
මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්‌පෝරාවට එරෙහිව තනිවම ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ක්‍රියාකාරීහු ජිනීවා සටන් බිමට අවතීර්ණ වී ඇත. රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ රාජා ගුණරත්න, යයස් ධර්මදාස, වසන්ත කීර්තිරත්න, නිමලා ලියනපටබැඳි, ජනත් විපුල, අනුරාධ යහම්පත් ඇතුළු කණ්‌ඩායමක් ඊයේ (19 දා) ජිනීවා වෙත පැමිණියහ.
මෙහිදී කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්‌වීම් 13 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පසුගිය දින කීපයේදී ඉන් රැස්‌වීම් ගණනක් පැවැත්වුණි.
මෙවර කොටි ඩයස්‌පෝරාවට අමුද්‍රව්‍ය සැපයූවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙනි. ඔහු හිටපු හමුදාපති ජගත් ජයසූරිය අපරාධ සිදුකළ බව ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය කොටි ඩයස්‌පෝරාව පමණක් නොව ද්‍රවිඩ සංධානයද අත්පොළසන් දී පිළිගනු ලැබීය.
එහෙත් කොටි රූකඩය ලෙස ක්‍රියාකළ ද්‍රවිඩ සංධානයේ නායකත්වය කොටින්ගේ යුද අපරාධවලට වගකිවයුතු බවට ශ්‍රී ලංකා රජයෙන් හඬක් නැගුනේ නැත.
මේ තත්ත්වය මත අතුරුදන් වූ බවට ප්‍රකාශ වූ කොටි රැසක් අපට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී දකින්නට ලැබුණි. ස්‌විට්‌සර්ලන්තයේ ලුෙµdaන් නුවර සිටින කොටි විරෝධියෙක් මේ අතුරුදන් කොටින්ගෙන් කීපදෙනෙක් අපට පෙන්නුම් කළේය.
මෙය පුදුමයක් නොවේ. පුලිතේවන් නමැති කොටි මිනීමරුවාගේ බිරිය වූ කුරුන්චි මානව හිමිකම් කවුන්සිල ශාලාවට වරක් පැමිණ ශ්‍රී ලංකා රජය විශාල පිරිසක් අතුරුදන් කළ බවට චෝදනා කළේය. එහෙත් මේ අතුරුදන් කළ පිරිස කවුරුන්දැයි ඇය හෙළිකළේ කොටි පොලිස්‌පති ලෙස ක්‍රියාකළ කිරුළපන පොලිසියේ හිටපු උප සේවා පොලිස් කොස්‌තාපල්වරයකු වූ නඩේෂන්ගේ පුත්‍රයාද තම පියාවූ නඩේෂන් සහ මව වූ විනීතා හමුදාව මරා දැමූ බව දැන ගන්නේ මාධ්‍යවලින් බව කියා සිටියේය. කොටි සංවිධානයේ වන්නි කප්පම්කරු මලවරන්ගේ බිරිය වූ සුසන්ධිගා අතුරුදන් වූ බවට ප්‍රචාරය විය. එහෙත් ඇයද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණ පැවසූවේ අතිවිශාල පිරිසක් අතුරුදන් වී ඇති බවයි.
එසේ වුවත් මානව හිමිකම් කවුන්සිලය මෙලෙස අතුරුදන් වූවන් කවුදැයි ප්‍රශ්න කළේ නැත.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය එලෙස ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළ කොටි බිරියන්ගෙන් අතුරුදන් වූවන් කවුද? ඔවුන් ජීවත් වූයේ කුමන නගර හා ගම්වලද? අතුරුදන් වූවන්ගේ ඥතීන් කවුද? ඔවුන් වෙනත් රටවල පදිංචිව සිටින්නේද යන්න විමර්ශනය කිරීමට ක්‍රියාකළේ නැත.
මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ලක්‍ෂ ගණනක් අතුරුදන් වූ බවට චෝදනා එල්ල වෙද්දී ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන් නිහඬ විය.
මේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිනියන් කීප දෙනෙක් මානව හිමිකම් කවුන්සිලයට පැමිණියත් ඔවුන් රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ දේශප්‍රේමීන් සමඟ වචනයක්‌වත් කතා නරන්නේ නැත.
එහෙත් ඔවුන්ට වැටුප් ගෙවන්නේ අප රටේ ජනතාවගේ බදු මුදලින් බව ඔවුන්ට අමතක වී ඇත.
මේ පසුබිම මැද ද්‍රවිඩ ලෝකය, හර්නි සංවිධානය, ප්‍රැන්සිස්‌කන් ඉන්ටර්නැෂනල්, ඉම්සාර්, වර්ල්ඩ් ඉවැන්ජිකල්, ඒ. බී.සී. තමිල් ඔලී, ටැමිල් උසනම්, තෙන්ඩ්‍රාල් සංවිධානය, ප්‍රංශයේ නර්නර් ලැපේ- වැනි සංවිධාන මෙවර මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමටය.
මේ එක් සංවිධානයක ප්‍රධානියෙක් මානව හිමිකම් කවුන්සිලයේදී අනිකුත් කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් සමග පැවසුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය විමර්ශනයට ලක්‌කරන ලෙස තමන් මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා සිටින බවයි.
එහෙත් ඊට ප්‍රතිචාර දැක්‌වීමට සැප්තැම්බර් 25 සහ 27 යන දෙදින තුළ පවත්වන සමාන්තර රැස්‌වීම්වලදී ක්‍රියාකරන බව රියර් අද්මිරාල් සරත් වීරසේකර හෙළිකළේය.
මෙවර ජිනීවා සමුළුව ආරම්භ වීමත් සමගම මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කළ යුතු බව කීවේය. එම සම්මුතිය මත යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගත හැකිය.
එහෙත් ශ්‍රී ලංකා රජය ඊට එරෙහිව විරෝධය පෑවේ නැත. මෙය පුදුමාකාර තත්ත්වයකි.
“උඹලාගේ චෝදනා ලත් හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගන්නවා” යෑයි මානව හිමිකම් කොමසාරිස් තර්ජනය කරද්දී අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිහඬ විය.
දිවයින පුවත්පත අනුග්‍රහයෙන්
987 Viewers